විදෙස් රටවල පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලවලින් වැඩිම ‘රට සල්ලි‘ රටට ගලා එන රෝමයේ තානාපති කාර්යාලයට බැංකු ගිණුමක් පවා නොමැති බව තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
සයිප්‍රසය, මෝල්ටාව, ග්‍රීසිය වැනි රටවලින් තානාපති කාර්යාලය නමට එන චෙක්පත් පවා මාරුකර ගැනිමට නොහැකි වි තිබෙනුයේ බැංකු ගිණුමක් නොමැති බැවිණි.
2007 - 2011 අතර කාලසීමාවේදී රෝම තානාපති කාර්යාලයයේ යුරෝ 93000ක මුදලක් ද අතුරුදන්ව ඇතැයි එසැණට වර්ථාවිය.
මේ පිළිබඳව විමසිමේදී විදෙශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියා සිටියේ මුදල් අතුරුදන් වීම ගැන පරික්ෂණ කටයුතු පැවැත්වෙමින් තිබෙන බවයි. තානාපති කාර්යාලය නමට ගිණුමක් නොමැතිවීම ගැන සොයා බලන බව ද ඒ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝමෙට බැංකු ගිණුමක්වත් නැතිලු
padmini Saturday, 29 June 2013 10:30 AM
එතකොට බැංකු සැසදුම හැදුවේ කොහොමද .ගමේ බුලත්විට කඩයකත් පොතක් තියෙනවා. (අ)
සමින්ද Saturday, 29 June 2013 06:31 PM
සොයා බලන්නේ නැතුව මේ වගේ පුවත් දාන්න එපා.(නදී)
නීල්-රානා Friday, 28 June 2013 09:22 PM
මෙපමන කල් නිදා ඉඳලා දැන්ද නැගිටලා හොයන්නේ? (නදී)
සාදී Friday, 28 June 2013 09:29 PM
ගිණුමක් නැති වුනාට මොකද ලොක්කන්ට සාක්කු තියෙන්න ඇතිනේ. (ත)
රූපවතී Friday, 28 June 2013 09:29 PM
කට්ට කමටනේ ගිණුමක් නැහැ කියන්නේ ...? (ත)
සනී Friday, 28 June 2013 10:33 PM
සල්ලි වලට බරව ඉන්නේ කවුද (ත)
අජන්ත Friday, 28 June 2013 11:12 PM
පුදුම හතෙන් එකක් , 93000- සමසමව බෙදා ගන්න ඇති. අවුරුදු 5 ක් යනකම් මොකද කලේ. පොලියට දුන්නවද්ද?...දුප්පත් අපගේ දහදිය. වගකියයුත්තෝ නිදිද'? (ත)
ටෙනිෂන් Saturday, 29 June 2013 12:23 PM
මේකනේ ගිමුම් තිබ්බා හොරකම් කරන්න බැනේ...අපේ අහිංසක මිනිස්සු දුක් විඳලා හම්බකරපු සල්ලි හොරකම් කරපු මේ යටට යන්න වෙන්නම ඇපයක් හදන්න වෙයි....කියමනක තියෙනවා මිනිස්සු තම තමේ කරපු දේවල වල පල ව්පාක මේ අත්මෙදිම් පල දෙවනව කියලා.. (අ)
ට්‍රියෝන් සෙනවිරත්න Saturday, 29 June 2013 12:07 AM
දැන් හෙට අනිද්දට අනිත් තානාපති කාර්‍යාල වල බැංකු ගිනුම් ක්‍රියාත්මක වෙයි.(නදී)
ආනන්ද සෙනවිරත්න රෝමය Saturday, 29 June 2013 12:58 AM
ඊයේ පෙරේදා නදුන්... දැන් රෝමයේ තානාපති කාර්යාලය ... (නි)
සුසන්ත - ඉතාලිය Saturday, 29 June 2013 01:02 AM
අනේ යන්න මෙයාලා යන්න. ඔය කාගෙ කාගෙ හරි නම් වලට සල්ලි වැටෙන්න ඇති, අපි මේ සල්ලි ගස්වලින් නෙලලානෙ හම්බකරන්නෙ.(නදී)
පාල Saturday, 29 June 2013 01:12 AM
ලෝකේ අනික් රටවල් අපේ ඔලුවට අත හෝදන එක අහන්ට දෙයක්ද ඉතින්. බැංකු ගිණුමක් නැති තානාපති කාර්‍යාලයක් ඉතියෝපියාවටත් නැතිව ඇති. මෙහෙම හොර ගුහාවකට බාල තෙල් ලෝකේ අනික් රටවල් එවන්න එක අහන්ට දෙයක්ද. ලෝකෙම හිතන් ඉන්නේ අපි නපුංසකයෝ කියලා. අරාබි වසන්තයක් කවදා ලංකාවට ඒවිද.(නදී)
චතුල වෙරෝනා Saturday, 29 June 2013 01:12 AM
නෑති බෑරි කම හින්දනෙ ඉතින් මේවට පත් කරල එවන්නෙ. කල ගුන සලකන්න තමා කට්ටියව එවන්නෙ ඉතින් සල්ලි ටික හොරා කාපුවහම මොකෝ වෙන්නෙ. අපේ දුක් මහන්සියෙන් රට දියුනු කරන්න දුන්න සල්ලි වලින් හොරා කාල කොහොමද මේ අය හිත හදාගන්නේ.(නදී)
බොතේඦු Saturday, 29 June 2013 11:07 PM
අහින්සක මිනිස්සුන්ගේ සල්ලි (අ)
රත්නසිරි Saturday, 29 June 2013 02:49 AM
ගරු අමුණුගම මහතාණෙනි, සියළු තානාපති කාර්යාල ගැන කියන්න පෙර සොයා බලන්න. වෙන්න පෙර වලකාලන්න (නි)
ද සිල්වා බෙර්ලින් Sunday, 30 June 2013 04:12 AM
ගිණුම් තිබුනට පාස්පෝර්ට් හදන්න භාර ගන්නකොට කියන්නේ සල්ලි යුරෝ වලින් අතටම දෙන්න. නැත්නම් ඉලුලුම් පත්තරයත් එක්ක තැපෑලෙන් මුදල් වලින් එවන්න කියලා. පාස්පෝර්ට් එකක් ලංකාවේදී හදනවට වැඩිය යුරෝපේදී ලංකා තානාපති කාර්යාලයක් හරහා හදනකොට ආණ්ඩුව රුපියල් 16000 විතර වැඩිපුර අය කරනවා. කරුණාකර ලෝකයේ කොහේ හිටියත් ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ ගාස්තුවට ගමන් බලපත්‍ර ලබාදෙන්න කටයුතු කරන්න (නි)