IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රූපවාහිනියේ විදුලිය කපයි

(අජන්ත කුමාර අගලකඩ)

නොවැම්බර් මස විදුලි බිල නොගෙවීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ විදුලිය විසන්ධි කළ බව විදුලිබල මණ්ඩලය කියයි.

රුපියල් ලක්ෂ 55කට අධික බිලක් නොගෙවීම නිසා මේ ආකාරයෙන් විදුලිය විසන්ධි කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ විකාශන කටයුතු විදුලි උප්පාදන යන්ත්‍ර මගින් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා දිනකට ඩීසල් ලීටර් 3220කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ යවන බව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා ආරංචි මාර්ග පවසයි. 



අදහස් (9)

රූපවාහිනියේ විදුලිය කපයි

Lalith M Thursday, 12 January 2023 02:14 PM

ඕක වහල දාන්න. ආණ්ඩුවට කඩේයන කාලකන්නි නිකමුන්ට පඩි ගෙවන්න තියෙන තැන...

:       3       42

sharm warn Thursday, 12 January 2023 02:23 PM

කෙහෙළියගෙ ගෙදර ලයිට් කපන්නෙ නැත්තෙ ඇයි?

:       3       28

මහසෙන් Thursday, 12 January 2023 02:29 PM

සැලලිහිනියො නුබ දන්නේ නෑ..

:       0       26

නිහාල් Thursday, 12 January 2023 02:46 PM

අපේ බදු මුදලින් නම් නඩත්තු කරන්න එපා... මේ පින් ආයතන....

:       1       30

Dewa Thursday, 12 January 2023 03:45 PM

ඔය හොරණෑව වහලාම දාන්න...!

:       0       18

Ajith Thursday, 12 January 2023 04:20 PM

දවසකට ලක්ෂ 12 ඩීසල් ගහන්න පුළුවන් ,මාස ගණනක බිල ගෙවා ගන්න බෑ, මාරයිනේ.

:       1       16

Hafeel Thursday, 12 January 2023 04:31 PM

රනිල්ව ජනාධිපති කරපු පොහොට්ටුවේ අය කිව්වා නේද මේ මොහොතේ රට ගොඩනගන්න ඉන්න එකම ගැලවුම්කරුවා රනිල් කියලා. දැන් පේනවනේ රට ගොඩනගන්න හැටි... දවසින් දවස කඩා වැටෙනවා.

:       0       0

එස් බී Thursday, 12 January 2023 05:28 PM

ඔය ආයතනයේ ඉන්න හැම කෙනාම වගේ ඔය ආයතනය සූරගෙන කනවා මිසක් ඒක ලාබලබන තැනට ගේන්නේ නෑ. හරියට විදුලිබල මණ්ඩලේ වගේමයි. නිවේදකයින් ගන්නේ නැතිව ඕකේ හිටපු නිවේදකයෝම අයින්වෙලා ෆ්‍රී ලාන්ස් විදිහට වැඩ. ගෙවනගාන පඩිය ගෙවනවාට වඩා 5-6 ගුණයකින් වැඩියි. අනෙක් අයත් එහෙමයි. පහසුකම් අකුරට ගන්නවා... ඒත් තමන් කනබොන, ජීවත් වෙන ආයතනයේ සුබ සිද්ධියට කිසි දෙයක් කරන්නේ නැහැ. ගසාකන්න පුළුවන් හැම තැනින්ම ගසාකන්න පුළුවන් හැමකෙනාම ගසා කනවා.. රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් නෙවෙයි, මෙන්න මේවායි ප්‍රයිවටයිස් කරන්න ඕනේ... කාටවත් යහපතක් නැති රටට කෙලවන ආයතන. ඕකෙ ඉන්න එක්කෙනෙකුට දැනෙනවාද දන්නෙ නෑ.. කී දාහක් බඩගින්නේ ඉන්නවාද කියලා එළියේ...

:       0       0

C.K.Lankaputhra Thursday, 12 January 2023 06:20 PM

ඔය හොරණෑ කාරයින්ගෙන් රට සිදුවන යහපතක් නෑ. රටේ මිනිස්සුන්ගේ කාබාසිනියා කරන එක විතරයි කරන්නේ... ගුවන්විදුලියෙනුත් පිච්චියක වැඩක් නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site