IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රුපියල තවත් බහී

හර්ෂණ තුෂාර සිල්වා
 
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.61 ක් දක්වා අද (01) පහළ ගියේය.  
 
රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය වූ අතර මැයි මස 17 වැනි දා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් රුපියලේ අගය 159.55ක් ලෙස දැක්විණි. එය මීට පෙර රුපියල පහත වැටුණු ඉහළම අගය විය. 
 
මේ වසරේ ජනවාරි 1 වැනි දා මැයි 25 වැනි දා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 3.3කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.   
 
රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් ඉකුත් (11) සඳහන් කළේය. 
 
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.  

ඡායාරූප - රොයිටර්



අදහස් (11)

රුපියල තවත් බහී

Mahee Friday, 01 June 2018 08:43 AM

අනේ රුපියල, ඇයි අපට ඔහොම කරන්නෙ?

:       1       6

ramanFriday, 01 June 2018 09:00 AM

රුපියල අපිට ඔහොම කරන්නේ, අපේ රටේ ඉන්න ලොක්කන්ට බයේ කවුරුත් රටට විදේශ විනිමය නොගෙනෙන නිසා. ඒ නිසා අපේ ලොක්කන්ගෙන් අහන්න ඕනා අනේ ලොක්කනේ ඇයි අපේ රටට මෙහෙම කරන්නේ කියලා.

:       0       20

rama Friday, 01 June 2018 08:45 AM

ඔබ වැටෙන්න ඔබ වැටෙන්න තවත් වැඩි වෙලා අපේ රටේ අපි ඉන්නම් කඳුළු සල සලා ඔබ නගින්න ඔබ නගින්න තවත් ගොඩ වෙලා මැද පෙරදිග අපි ඉන්නම් ඔබට ලං වෙලා

:       19       38

Harshana Friday, 01 June 2018 09:02 AM

දැන් මහ බැංකුව තියෙන්නෙ රුපියල අව ප්‍රමාණ වෙනවා කියලා කයිය ගගහ ඉන්නද. ඔහොම මහා බැංකුවකින් රටට ඇති සෙතේ මොකද්ද?

:       9       40

නිලුපුල් Friday, 01 June 2018 09:26 AM

බය වෙන්න දෙයක් නැ. රුපියල අවප්‍රමාණ වුණාම රට අදායම් උපයනවා කියලා මහ බැංකුව අධිපති කියනවනේ. තව ලාබය වැඩි වෙයි මට හිතෙන්නේ.

:       53       3

Cisco Friday, 01 June 2018 10:42 AM

මටත් මතකයි මහා බැංකු අධිපති තුමා එහෙම කතාවක් කිව්වා මේ ඊයේ පෙරේද. වැඩි ඈතක නම් නෙවෙයි.

:       0       0

කරුණාපාල Friday, 01 June 2018 12:12 PM

රටේ ජනතාව ඇතුළු හැම දේම ආගාධය කරා යද්දී, රුපියල පමණක් කොහොමද අවප්‍රමාණය නොවී ප්‍රපාතයට වැටී නොතිබෙන්නේ? ඉතිහාසය තලුමරන අපිට කැමති නම්, සුද්ද මේ රට දාලා ගිය කාලේ රුපියලේ අගය ගැන හිතලා හීනියට සතුටු වෙන්න පුළුවන්.

:       0       0

Lanka Friday, 01 June 2018 12:55 PM

පිටරටවල් වල දහදුක් විදින අපේ ලේ දහදියෙන් සූරා කමින් සැප විදින ඇමතිලා මන්ත්‍රීලා ඉන්න ආණ්ඩු තමයි ලංකාවේ තියෙන්නේ. අලුත් බදු පනත ගෙනාවට පස්සේ මම ලංකාවට මුදල් එවන එක සම්පුර්ණයෙන්ම නතර කලා. බැංකුවල ඉතිරි කරලා තියෙන සල්ලි ටිකත් ඔක්කොම එලියට ගත්තා. බැංකු වලට පිටින් අපේ අතේ තියෙන රුපියල පරිස්සම් කරගෙන බිල් ටික ගෙවාගෙන ජිවත් වෙන්න ක්‍රමයක් හැමෝම හදාගන්න.

:       0       0

Hafeel Friday, 01 June 2018 03:39 PM

එහෙමනම් කව්ද කිව්වා වගේ අපේ ආර්ථිකය ඉහලට

:       0       1

Cyril Friday, 01 June 2018 03:59 PM

ඩොලර් තියෙන අයට නම් හොදය

:       0       0

Sapumal Saturday, 02 June 2018 03:42 AM

මේ විදිහට රුපියල පහල වැටීම ගැන නිහඬව සිටීමට නම් අපහට නොහැකිය. මෙහි වගකීම මුදල් ඇමතිවරයා ඇතුළු ඔහුගේ නිලධාරීන් භාරගත යුතුයි. අගමැතිතුමා මෙයට ඉක්මන් පියවරක් ගැනීම ඉතාමත්ම වැදගත්. එතුමා මෙයට නිහඬව සිටිනවා කියන්නේ තම විරුද්ධ වාදීන්ට ජය ලබා දීමක් බව කිව යුතුයි. හර්ෂ වැනි අයද මේ රජයේ සිටින බව සිහිතබා ගත යුතුයි.

:       0       107

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 189 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2071 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site