IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


රුපියල තවත් බහී

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දහවල් වන විට රුපියල් 130.35කට හුවමාරු විය. ශ්‍රී ලංකා බහ බැංකුවේ අනුපාතික මිල රුපියල් 131.90ක් විය. සිංහල දෙමළ අලූත් අවුරුද්ද වන විට එය රුපියල් 132කට පමණ ළඟා වෙතියි කියති.



අදහස් (0)

රුපියල තවත් බහී

nizarkuwait Monday, 26 March 2012 09:04 PM

ලංකාවත් සොමාලියාවක් වෙයිද?

:       0       0

Mohamed riswan saudi arabia Monday, 26 March 2012 09:12 PM

අපි ඔක්කොම මොඩයෝ මැති ඇමැති වරුනට කිසිම ප්‍රශ්නයක් නෑ

:       0       0

මොහොමඩ් නියාස් Monday, 26 March 2012 10:00 PM

රුපියල බාල්දුවෙනකොට හුස්ම ගන්න අමාරුයි.

:       0       0

යූනුස් අලවි Monday, 26 March 2012 10:16 PM

රැපියල කොටස් වෙළදපොලේ පාවෙන්න හැරල ඉන්නව නමි මහ බැංකුවේ අධිපති,මුදල් ඇමතිලා මොකටද ඔය පුටුවට? මීට වඩා හොදයි පාරේ ලේන්සුවක් දාලා හිගා කෑවනම්.....කරැමේ.......

:       0       0

රොහාන් Monday, 26 March 2012 10:22 PM

ඔහොම ගිහිල්ලා ගිහිල්ලා රුපියල නැත්තටම නැතිවෙලා යාවි නේද ?

:       0       0

මොහොමඩ් නියාස් Monday, 26 March 2012 11:06 PM

ඩොලර් මිල නගින්න නගින්න රුපියලේ වටිනාකම බහිනවා මන්ත්‍රීලා උඩනගිනවා.

:       0       0

බුද්ධි Monday, 26 March 2012 11:09 PM

ඇයි අනේ බලා ඉන්නේ ඉක්මන්කරලා අර ලෝක බැංකුවට ගහපු ප්ලග් එක ගලවන්නකෝ ඕවත් වැඩද හලෝ අපේ අයට සුලු දෙයක්නේ. ඉක්මන් කරන්න.

:       0       0

සාහුල් හමීඩ් Tuesday, 27 March 2012 01:42 AM

මේ ආණ්ඩුව අපේ රට සිම්බාබ්වේ දේශයක් බවට පත්කරමින් සිටිනවා. ජනතාවට නිදහසේ ඡන්දය පාවිච්චි කරන්නට දුන්නොත් එය නවතා දැමිය හැකිවේවි.

:       0       0

මූඩි Tuesday, 27 March 2012 10:36 AM

සමහරවිට මේක අර වාහන ගේන බද්ධ 50 කින් අඩුකළා වගේ රජයේ මොකක් හරි සැලැස්මක් ‍හරි යනකන් දීපු තාවකාලික දෙයක් වෙන්න පුළුවන්. මොකද රජය සෑහෙන්න ණයයි ලෝකෙට මෙහෙම කරපු ගමන් සුද්දගේ ඉදන් ලංකාවේ රටවල් වල ඉන්න මිනිහා දක්වා පුලුවන් තරන් ඉතුරු කරපු ඩොලර් එක පවා ලංකාවට එවනවනේ. ඕක අන්න ඒ රට සල්ලි ටික ලංකාවට ඇදගන්න ණය වලින් ටිකක් හරි ඔලුව උස්සන කරපු දෙයක් මිස මන් නම් හිතන්නේ නැ කාටවත් ආදරේට කරපු දෙයක් කියලා.

:       0       0

මනෝජ් Monday, 26 March 2012 01:38 PM

ෙඩලරය කවදා ලංකාෙව් ස්ථාවර වනවාද ?

:       0       0

ප්‍රියන්ත Monday, 26 March 2012 01:39 PM

මේකද ආසියාවේ ආශ්චර්යය ? අහෝ ලංකාවට වුණු දෙයක් !

:       0       0

බාග්‍රම්, ඇමරිකාවේ සිට Tuesday, 27 March 2012 11:45 AM

අපිටනම් හොදයි. අපි ගන්නේ ඇමරිකන් ඩොලර්. ජයවේවා. !!!

:       0       0

වීරසේකර Monday, 26 March 2012 01:46 PM

මෙහෙම ගියොත් එපදෙන්න ඉන්න දරුවොත් ණයකාරයෝ වෙයි. දැන් මේ ගානට අපි ගත් ණය වලට පොලී, පිටරටින් ගේන බඩු ඔක්කෝටම ගෙවන්න එපැයි. අහෝ ධර්මද්වීපයට, ආසියාවේ මුතු ඇටයට දේශපාලකයෝ කළ විනාශයක තරම.

:       0       0

කිරිමාටින් Monday, 26 March 2012 01:56 PM

රුපියල පා කරන්න තීරණය කරපු ගොන් හරකා කවුද ?

:       0       0

සසර Monday, 26 March 2012 02:27 PM

ඇත්තටම දේශපාලුවන්ට මොලේ නැත්තටම නැත්ද ?

:       0       0

බබා Monday, 26 March 2012 02:43 PM

ඇයි මෙහෙම වෙන්නේ ලංකාවේ දැන් යුද්දෙත් නෑ. කෝ රටේ සල්ලි. පාරවල් හැදුවම හරිද ? අපි ලෝකෙටම ණය කාරයෝ කරලා

:       0       0

මොහොමඩ් රිස්වාන් Monday, 26 March 2012 02:46 PM

දැන් රුපියල් දහ දාහේ නෝට්ටු ගහවි.

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 26 March 2012 02:52 PM

අපේ රටේ ඉන්න බහුතරයක් වූ ලිං මැඩියනි, මේකටත් ඇමරිකාවට බැනලා කමෙන්ට් දාන්න හිතුනේ නැත්ද? 'අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්' කියලා ඔබට කටපාඩම් කරවලා තියෙන කෝකටත් තෛලය වැනි මන්තරේ මේකට ජපකරන්නේ නැත්ද?

:       0       0

චානුක, ඉතාලියේ සිට Monday, 26 March 2012 02:56 PM

මැති ඇමතිලාට ඔවා දැනෙයි. අයි ඩෝන්ට් නෝ වයි. ?

:       0       0

රාජිත මංජිල Monday, 26 March 2012 03:02 PM

රටේ පලකයෝ රුපියල උඩ වාඩිවෙලා ඉන්නකම් ඔහොම තම අපේ පව.

:       0       0

ඩී.එම්.උඩුකුඹුර Tuesday, 27 March 2012 01:44 PM

රටේ ආර්ථික නිෂ්පාදනයක් නැති වුනාම ඔහොම වෙනවා.

:       0       0

ඩී.එස්. Monday, 26 March 2012 03:52 PM

රුපියල පා කරන්න ඕන උනාම එහෙම නොකර විදේශ මුදල් නිදහස් කරලා දැන් පාවෙන්න දාල තියෙන්න අපේ දේශප්‍රේමී ආණ්ඩුවම තමා

:       0       0

අම්බලන්ගොඩයා Monday, 26 March 2012 03:55 PM

වර්තමාන රජය පැවති රජයන්ට වඩා ගම්බද ජනතාව විවිධ රටවල්වලට ගොස් දුක්මහන්සියෙන් හරිහම්බකොට ලංකාවට එවන සෑම ඩොලරයකටම වැඩි රුපියල් පුමාණයක් ගෙවනව. ජනතාවට සෑම අතින්ම පහසුකම් සපයාදෙන රජය රුපියල් 113 සිට රුපියල් 150 දක්වා උපරිම සහතික මිලක් ඩොලරයකට ගෙවීමට සූදානම්. නැවතත් වෙනත් රජයක් බලයට පත්කොට එසේ ගෙවන රුපියල් ප්‍රමාණය අඩුකර නොගන්න.

:       0       0

ශානක Tuesday, 27 March 2012 03:05 PM

ඩොලරයක මිල වැඩි වනවිට අපනයන කරන්නන්ට සහ විදේශීය රැකියා කරන්නන්ට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩි වෙනව. ඒක ඉතාමත් හොදයි අපේ රටත් ඉන්දියාව හරි චීනය හරි තවත් එවැනි නිෂ්පාදන ආර්ථිකයක් තියෙන, අත්‍යවශ්‍ය දේවල් තමන්ම නිපදවන රටක් වුනානම්. අවාසනාවකට අපේ රටේ, අත්‍යවශ්‍ය දේවල් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනව. එම නිසා, එම භාණ්ඩ වල රුපියල් වටිනාකමත් වැඩි වෙනව. වැඩියෙන් ලැබෙන රුපියල් ප්‍රමාණය අපිට නැවත වියදම් වෙනව. සොමාලියාවට දැක්මක්(vision) එකක් තියෙනව. සොමාලියාව එක පැත්තකින් දුප්පත් වගේම තවත් පැත්තකින් දියුණු වෙනව. අපේ රටේ දේශපාලනය ගැන වගේම ලෝක දේශපාලනය ගැනත් අධ්‍යයනය කරන්න. කියවන්න. ඉස්සරහට හිතන්න වෙන්නේ රටවල් දෙකක දියුණුවේ වෙනස ගැන නෙමේ. ඒ වෙනස වෙනස් වන වේගය ගැන.

:       0       0

මූඩි Monday, 26 March 2012 04:20 PM

මම හිතන්නේ රුපියල පාකරපු එක හරි. ඒක කරපු එක ආර්ථික විද්‍යාව කරපු කෙනෙකුට විතරයි තේරෙන්නේ. ඒක කරන්න තිබුණේ දැනට අවුරුද්දකට පමණ කලින් අයවැය හිගය වැඩ වෙන්න කලින්. එතකොට රුපියල ඔච්චර පහත වැටෙන්නේ නැති වෙන්න තිබ්බා.

:       0       0

උපුල් Monday, 26 March 2012 06:50 PM

මම හිතන්නේ පාරවල් හදන්න ඕනේග එක දවසින් සියල්ල වෙනස් කරන්න අමාරුයි. මේ ආණ්ඩුව පාරවල් හැදුවට පාරවල් වල මේ සියලුම දෙනා යනවා. ඉක්මණින් යන්න පුලුවන් උනාම හැම අතින්ම වාසියි. වැඩක් නොකරන නිකන් කීයක් හරි හොයා ගන්න අයට පාරවල් හදලා වැඩක් නෑ. මහන්සි වෙන්න ඕනේ.

:       0       0

නලීන් Monday, 26 March 2012 08:34 PM

අම්බලන්ගොඩයෝ 130 ට ඩොලරය මාරු කලාට කඩේ බඩු ගන්න ගියාම එක වගේ දෙගුණයක් යනවා කියලා තේරෙන්නේ නැද්ද ?

:       0       0

කුවේට්, නිසාර් Monday, 26 March 2012 08:36 PM

ලංකාවත් නොබෝදිනකින් සෝමාලියාවක් වෙයිද ?

:       0       0

ශාන් Monday, 26 March 2012 08:50 PM

හැම දෙයක්ම පිටරටින් ගෙන්නන්න ගියාම ඔහොමතමා. වෙළදපොළේ මොනවහරි හිගනම් පිටරටින් ගෙන්වනවා. කාලයක් ඉන්දියාවේ කංකුං පවා ගෙන්නුවා. අපේ අය දවස තිස්සෙම ටීවී එක දිහා බලන් ඉදලා බඩගිනි උනහම කඩේ යනවා. මිරිස් ගහක්වත් හිටවගන්නේ නෑ. ලංකාවේ ජනගහණයට වඩා ප්‍රමාණයක් හෑන්ඩ් ෆෝන් තියෙනවා. මොනව කතාකරනවද මන්දා. ඔය හැම දේකින්ම තමා සල්ලි යන්න්. ඉතින් රුපියල බලු වෙන එක තේරුම් ගන්න ආර්ථික විද්‍යාව දැනගන්න ඕන නෑ පොඩ්ඩක් මොලේ තියෙන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 1342 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 375 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 607 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1097 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 717 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 927 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1203 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1500 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site