IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


රුපියල ගැන අනතුරු අඟවයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා රුපියලට ඉදිරියේදී ඉතාමත් දුෂ්කර කාලයට මුහුණ දීමට සිදුවනු ඇතැයි විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.

ලෝකයේ මුදල් ඒකක අතරින් ක්‍රියාකාරීම මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල ඉදිරියට පැමිණියත් ශ්‍රී ලංකාව ආනයන සීමා ලිහිල් කිරීමත් ණය ගෙවීම ආපසු ආරම්භ කිරීමත් සමඟ අනාගතයේදී ඉතාමත් දුෂ්කර කාලයකට ශ්‍රී ලංකා රුපියලට මුහුණ දීමට සිදුවනු ඇතැයි එම විශ්ලේෂකයන් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා රුපියල ඊයේ (31) ද ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 1.4 කින් ශක්තිමත් වූ නමුත් වසර අවසාන වන විට නැවතත් ඇමෙරිකානු ඩොලරයක් ශ්‍රී ලංකා රුපියල් 350 ක අගයකට පැමිණෙනු ඇතැයි විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇත.

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමට සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් බැඳුම්කර වෙළඳපොළ ගනුදෙනු ඉහල යාමත් හේතුවක් වී ඇති බව බ්ලූම්බර්ග් පුවත් සේවය ප්‍රකාශ කර තිබේ.

 



අදහස් (21)

රුපියල ගැන අනතුරු අඟවයි

wedage Thursday, 01 June 2023 03:40 PM

ශ්‍රී ලංකා රුපියල යනු ලොසින්ජරයක්වත් ගන්න බැරි මුදලක්...

:       0       14

චන්දන Thursday, 01 June 2023 03:49 PM

ආණ්ඩුව කරණම් ගහන විදිය දැක්කම මතක් වෙන්නෙ කකුළුවා දිය කෙළපු හැටි.

:       58       169

sachithThursday, 01 June 2023 09:05 PM

අනිවාර්යයෙන්ම, ගොඩක් අයට මේක තේරෙන්නේ නැහැ.

:       3       20

මැක්ස් Thursday, 01 June 2023 03:53 PM

මේ අනාවැකි කියන්නන් ගෙනුත් ලංකාව පරෙස්සම් විය යුතුය. දැන් කී දෙනෙක් ඔය වගේ අපබ්‍රංශ කීවද පහුගිය කාලෙ!

:       136       122

Athula Thursday, 01 June 2023 11:20 PM

ඕනෑම පොඩි දරුවෙකුට වුණත් තේරෙනවා මේක... රුපියල කොහොමද ශක්තිමත් වෙන්නේ දැන් ණය නොගෙවා ඉන්න එකයි පිටරටින් බඩු ආනයනය නොකරන නිසා තමයි ඔය ශක්තිමත් කියන්නේ... එක සත පහක දෙයක් නිෂ්පාදනය නොකරන රටක නිෂ්පාදනයට ආපු සමාගම් සේරම වහලා යන රටක තව මොනවා කථා කරන්නද..?

:       1       52

කරූ රාමනායක Sunday, 04 June 2023 07:47 PM

අපි කකුළුවන් වගේ හැලියේ දිය රත්වෙනකම් පමණයි සතුටින් නටන්නේ...!

:       1       16

නිහාල් Friday, 02 June 2023 08:46 AM

මේ අය අපභ්‍රංශ කියන අය නොවෙයි පාර්ලිමේන්තුවේ වඩේ විකුන්න, මාල කඩපු අය වගේ.

:       4       48

Muthu Thursday, 01 June 2023 04:39 PM

ලංකාවේ රුපියල ගැන දේශීයවත් විදේශීයවත් හරි දැක්මක් කවුරුවත් තාම කියලා නෑ. ආනයන නැවතිලා, මුළු ආර්ථිකේම හැකිලිලා ඍණ තත්වෙට බැහැලා, රස්සා නැතිවෙලා ලක්ෂ ගණනකගේ... එයාර් පෝට් එකේ ප්‍රභූ පර්යන්තයෙන් එන කෝටි ගණන් හොර රන්පොලු හා අනෙක් හොරබඩු ඇරුණාම ලංකාවේ ජාත්‍යන්තර වෙළඳාම බිංදුවට බැහැලා. ජාත්‍යන්තර ගනුදෙණු වෙන්නේම නෑ. ඍණ ආර්ථිකයක අපි ජීවත් වෙන්නේ. කොටින්ම, ඉන්දියාවෙන් ගේන බිත්තරවලට ගෙවන්නෙත්, මෝදී දීපු SWAP එකකින්...

:       0       13

aravinda Monarawila Thursday, 01 June 2023 04:47 PM

රනිල් රාජපක්ෂට නම් ඒවායේ ගාණක් නැහැ. තව මළගෙවල්, මගුල් ගෙවල් හොයනවා ඇති... ලෝකෙ වටා දුප්පත් මිනිස්සුන්ගේ බදුමුදලින් රවුම් ගහන්න.

:       4       10

සෙනෙවිරත්න Thursday, 01 June 2023 07:04 PM

මේ රුපියල ශක්තිමත් වීම ව්‍යාජයක් බව තේරෙනවා. මොකද සත පහකින් අපනයනය වැඩි කරලද? ගෙවුම් ශේෂය වාසි පැත්තට හරවලාද? ණය නොගෙවා තව ණයක් අරගෙන මේ විකාරේ...!

:       2       24

G. K. Ekanayake Friday, 02 June 2023 12:04 AM

ආණ්ඩුවට අවශ්‍යවෙලා තියෙන්නේ තියෙන ඩොලර් ටිකෙන් රට බඩු ගෙනැල්ල, කාලා බීලා ජොලි කරලා ජනතාවට කොලේ වහන්න...

:       2       21

nalin Friday, 02 June 2023 06:57 AM

දැන් ඩොලරය අඩු වෙච්ච හින්ද කලු කඩ කාරයො අඩු ගානට රටේ තියෙන ඩොලර් ටික ගනියි. ඩොලරය අඩු උනා කියල වැඩි වෙච්ච බඩු අඩු උනෙත් නෑ. අන්තිමට කලු කඩ කාරයො වාසි ගනියි අහින්සක මිනිහට කෙලවෙයි.

:       6       43

සල්ලි Friday, 02 June 2023 07:01 AM

225 පඩි වැඩි කලා අගෝස්තු 2022. ඒ හින්දා උන්ට අමාරුව දැනෙන්නේ නෑ. අපේ එවුන්ට තමා රස්සාත් නැති උනේ.

:       3       22

Dewa Friday, 02 June 2023 07:30 AM

කවුරුත් කීම අවශ්‍ය නොවේ.අනාගතය ගැන අපි හොඳින් හොඳින් දනිමු

:       2       16

Demuni de Silva Friday, 02 June 2023 07:59 AM

ණය පියවීම තවම ආරම්භ වී නොමැති බැවින් සමාලෝචකයින් අනාවැකි පළ කරයි!

:       0       18

prasanna Friday, 02 June 2023 10:40 AM

ඔය කියන දේ දැනුත් සිදුවෙමින් පවතිනවා.උද්ධමනය දැනුත් 200%

:       10       22

චන්දිම ෆොන්සේකා Friday, 02 June 2023 11:47 AM

මේ රටේ ඉන්න සමහර ගොන් මිනිස්සු හිතාගෙන ඉන්නේ දැන් ඉතින් සහසුද්දෙන්ම රට ගොඩ යන පාරට වැටිලා කියාලා. උන් දන්නවැයි ඔය මැක්‍රෝ ඉකොනොමි කියන්නේ මොන මල ඉලව්වක්ද කියලාවත්. ජනාධිපති ඡන්දයක් තිබ්බොත් දැන් රට කරගෙන යන හොරු ටික කොහොම හරි සුරපුරයක් අත ළඟ තමයි අපි ඉන්නේ කියලා මොත්තයක් දාලා ඔය කක්කුස්සි පෝච්චි ටිකක් ටකරන්, සිමෙන්ති, හාල් වගේ මොන මොනවා හරි තව සල්ලි ටිකක් එක්ක මිට මෙලෙව්වහම ඔය හාදයින් පට්ටි පිටින් ගිහින් කතිරේ ගහවි...

:       1       28

Roger foster Friday, 02 June 2023 08:43 PM

කෙළෙහි ගුණ දන්නැති ජාතිය ඉන්නේ මේ රටේ.. මේ සක්කිලියන්ට තව අවුරුද්දක් පෝලිම්වල මරාගන්න තිබ්බේ නැති එකයි වැරැද්ද...!

:       16       8

ulamaMonday, 05 June 2023 02:06 PM

උඹ තමයි ඔය ගොන් හරක් කථා කියන්නෙ

:       3       7

pakeer Sunday, 04 June 2023 11:19 AM

නිෂ්පාදනයක් නැති රටක මොන ආර්ථික වර්ධනයක්ද? මේකේ ඉන්න ලොකු මී හරක් ටික පොඩි මී හරක්ව නියමෙට දක්කන් යනවා.

:       2       15

Liyanage Sunday, 04 June 2023 03:57 PM

ලංකාවේ ඉන්න කකුල්දෙකේ හරකුන්ට හොඳ මේ වගේ අය තමයි.

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17880 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10692 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 154 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 49 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site