(ඉන්දිකා රාමනායක)
අයෝජනය කර වැඩි ප්‍රථිලාභ ලබා දෙන බවට පවසා පුද්ගලයන් රටවා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාණ්ඩ් බාරයට පත්කර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය රුපියල් කෝටි 4 ක මුදලක් වංචා කළ බවට පවසමින් මොරටුවේ ව්‍යාපාරිකයකු විසින් අද (27) ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මේ අතර තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නමැත්තාගේ පිළිමතලාවේ නිවසේ තිබී රත්‍රං පොලු 8 ක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මව ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
ඔහු ගේ මව ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා මෙම ප්‍රකාශයට සටහන් කර ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ අතර තිළිණි ප්‍රියමාලි සමග නිතරම සමීපව කටයුතු කළ ඔහුගේ සහයකයෙක් ද ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම සැකකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව මුල්‍ය හා වාණිජ කොට්ඨසායේ ඇතුලු එහි ඒකක 6 ක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රුපියල් කෝටි 4 ක වංචාවක් ගැන ප්‍රියමාලි තවත් පැමිණිල්ලක්