IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


රිපබ්ලිකන් අපේක්ෂකයන් පරදා ට්‍රම්ප් ඉදිරියට

ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම 2024 වසරේ පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තෝරා ගැනීමට පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුම් පැවැත්වෙයි.

අයෝවා ජනපය දේශපාලන බලමණ්ඩලයේ එසේ පැවැති ඡන්ද විමසුමින්, සෙසු රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයන් අභිබවා ජයග්‍රහණය කිරීමට හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට හැකි විය.

අයෝවා ජනපද දේශපාලන බලමණ්ඩලයේ ඡන්දය ජයග්‍රහණය කිරීමට ට්‍රම්ප් සමත් වීමත් සමඟ, එලැඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී යළි ජනාධිපති ධුරය වෙනුවෙන් සටන් වදින ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ට විශාල අභියෝගයක් වේවි යැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

අයෝවා ඡන්දයට ට්‍රම් සහ රිපබ්ලිකන් පක්ෂයෙන් ප්‍රධාන ජනාධිපති ධුර අපේක්ෂකයා වීමට උත්සාහ කළ අපේක්ෂකයන් කීප දෙනකු ඉදිරිපත් විය. ට්‍රම්ප් සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය. දෙවැනි ස්ථානයට පත් වූයේ රොන් ඩෙසැන්ටිස් ය. ඔහු ට හිමි වූයේ සියයට 21.3 ක ඡන්ද ප්‍රතිශතයකි. නිකී හේලි ට දිනා ගැනීමට හැකිවූයේ සියයට 19 ක ඡන්ද ප්‍රතිශතයකි.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

රිපබ්ලිකන් අපේක්ෂකයන් පරදා ට්‍රම්ප් ඉදිරියට

fairoos Tuesday, 16 January 2024 01:55 PM

ශා නියමයි නේ .එහෙනම් අපේ හිටන්ටත් පුළුවන් වෙයි

:       1       4

Bamunuarachchi Wednesday, 17 January 2024 06:33 AM

එන්න මහත්තයෝ වචනෙන් හරි අපේ මොරාල් සපෝට් එක දෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 304 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 829 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1256 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site