IMG-LOGO

රන් බඩු සොරාගත් 4ක් යාපනයෙන් අල්ලයි

(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

යාපනය නගරයේ විශාලතම ස්වර්ණාභරණ අලෙවිසලෙන් රුපියල් ලක්‍ෂ 40 ක පමණ රන් ආභරණ සොරකම් කළ මව සහ දියණියන් දෙදෙනා හම්බන්තොට සහ අම්බලන්ගොඩ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගැනීමට යාපනය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ඉන්දික අබේගුණසේකර මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සමත්ව තිබේ.

එම රන් ආභරණ මිලදී ගත් බණ්ඩාරගම, අටුළුගම ප්‍රදේශයේ පුද්ගලයෙක් සමඟ උණුකළ රත්තරන් ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගත් බවත් අටුළුගම ප්‍රදේශයේ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් යාපනය කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් කීය.

දින පහක් තුළ රත්මලාන, මොරටුව, පානදුර හම්බන්තොට, අම්බලන්ගොඩ සහ බණ්ඩාරගම ආදි ප්‍රදේශ රැසක කළ මෙහෙයුමකින් පසු සැකකාර 45 හැවිරිදි මව සහ වයස 30 සහ 24 පසුවන දියණියන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් මෙම තිදෙනාට එරෙහිව කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට ආදි ප්‍රදේශ රැසක ස්වර්ණාභරණ අලෙවිසවලින් සොරකම් කිරීමේ චෝදනා ඇති බවත් යාපනය කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් කීය.

මෙහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිවුදෙනා සතුව තිබී රුපියල් ලක්‍ෂ 7 කට ආසන්න මුදලක් ද සොයාගත් බවත් අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයා සතුව ද රන් ප්‍රමාණයක් ඇති බවට විශ්වාස කරන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

මෙම මව සහ දියණියන් දෙදෙනා පසුගිය මැයි මස 30 වැනිදා යාපනය නරගයේ පිහිටි අදාල ස්වර්ණාභරණ අළෙවිසලට පැමිණ වළලු පරීක්‍ෂා කරන මුවාවෙන් ලක්‍ෂ 40 ක පමණ ආභරණ සොරකම් කර ඇති බව කී එම උසස් පොලිස් නිලධාරියා ඔවුන් සොරකමින් පසුව දුරබැහැර ප්‍රදේශවලට විසිර යෑම නිසා අත්අඩංගුවට ගැනීම සඳහා ආවේශන රාජකාරියේ නිතරමට සිදුවූ බවත් පොලිසිය කීය.  

යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උදිත් ලියනගේ මහතාගේ සහ පොලිස් අධිකාරී එදිරිසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් අනුව යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චම්ලි පළිහේන මහතාගේ අධීක්‍ෂණයෙන් යාපනය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ඉන්දික අබේගුණසේකර මහතා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේය.  

එම මෙහෙයුමට කාන්තා උප පොලිස් පරීක්‍ෂක සුජීවා, කාන්තා පොලිස් කොස්තාපල් ශිවන්ති (10839), පොලිස් සැරයන් රණසිංහ (57759) සහ පොලිස් කොස්තාපල් කුමාර (73132) යන නිලධාරීහූ ද සහභාගි වූහ. 

උප පොලිස් පරීක්‍ෂක ඉන්දික අබේගුණසේකර මහතා



අදහස් (0)

රන් බඩු සොරාගත් 4ක් යාපනයෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 354 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 263 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site