IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රන් බඩු උකස් කර සොරකම් කරලා යැයි පැමිණිලි දාලා

( සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා )

ආරක්ෂාවට ගෙදර අල්මාරියේ දමා තිබු රන් භාණ්ඩ අල්ලපු ගෙදර කාන්තාවට දී උකස් කර , එවා සොරකම් කර ඇති බවට කළ පැමිණිල්ලක් සම්බන්දයෙන් කළුතර උතුර පොලිසියෙන් වාර්තාවේ.

කළුතර උතුර , වස්කඩුව සමගිපුර.ප්‍රදේශයේ කාන්තාවක විසින් කල පැමිණිල්ලක් අනුව පරීක්ෂණ සිදුකිරීමේදී සිද්ධිය සැලවීමෙන් පසු පැමිණිලිකාර කත පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්බවද පොලිසියෙන් වාර්තා වේ.

අල්මාරියේ තිබූ රන්මාල දෙකක් සහ රන් මුදුවක් සොරකම් කර ඇති බවට අදාල කාන්තාව කළුතර උතුර පොලිසියේ පැමිණිල්ලක් කර තිබේ.

මේ සම්බන්දයෙන් විමර්ශන සිදුකිරීමේදී අසල්වාසී නිවසක කාන්තාවක පොලිසියට පැමිණ සදහන් කර ඇත්තේ   පැමිණිලිකාර කතගේ ඉල්ලීම මත රන්භාණ්ඩ උකස් කර ඇයට මුදල් ලබාදුන් බවය.

රන්භාණ්ඩ උකස් කර ලබාගත් මුදල් ඇය කිහිප දෙනෙකුට පොලියට ලබාදුන් බවත් , ඒ පිළිබඳ  ඇයගේ දරුවන් දැනගනීවී යන බිය නිසා පැමිණිල්ල කල බවට  ප්‍රකාශ වලින් හෙලිව ඇතැයිද සදහන් වේ.

 



අදහස් (0)

රන් බඩු උකස් කර සොරකම් කරලා යැයි පැමිණිලි දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site