රුපියල් ලක්ෂ විසිහතරක් වටිනා රත්තරන් කැබලි 04 ක් තම මුදල් පසුම්බියේ සගවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත් අඩංගුවට ගනු ලැබු රත්තරන් කැබලි හතරේ බර ග්‍රෑම් හාරසීයකි.
සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ව්‍යාපාරික තරුණයෙකි.
ඔහු එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් සිංප්පුරුවේ සිට ඊයේ උදෑසන මෙරටට පැමිණ ඇත. පසුව ඔහු රේගුවට භාන්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නැති මගීන් පිටවන මාර්ගය ඔස්සේ පැමිණ ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ කර ඇත.
එම අවස්ථාවේ මෙම තරුණයාගේ හැසිරීම පිළිබඳ රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත පරීක්ෂා කිරීමේදී ඔහුගේ මුදල් පසුම්බියේ තිබු මෙම රන් කැබලි 4 සොයාගෙන ඇත.
රේගුව විසින් ප්‍රශ්ණ කරද්දී සැකකරු පවසා ඇත්තේ මෙම රන් කැබලි මිතුරෙකු විසින් ඔහුගේ බිරියට ලබා දීම සඳහා ශ්‍රී ලංකාවට එද්දී තමාට දුන් බවයි.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය සිදු කළ නියොජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.ඒ.ඩී.ඒ පෙරේරා මහතා විසින් සැකකරුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කොට එම රන් කැබලි රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ෙජ්.ඒ.ඩී.එන් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිද කරති.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන් පසුම්බිය කටුනායකදී හැළේ
ආශා Tuesday, 12 August 2014 10:21 AM
අර අපේ අහවල් සුරූපී නිළි නංගි කළා වගේ දුරකතන ඇමතුමක් දීලා බැලුවේ නැද්ද? (නි)
තිලාන් Wednesday, 13 August 2014 02:52 AM
මේ ඔක්කොම වෙන්නේ පොඩි පොඩි දඩ මුදල් හින්දයි. මිනිස්සු දන්නවා අහුවුණත් පොඩි දඩයක් ගෙවලා ගැළවෙන්න පුළුවන් කියලා. (නි)
චන්ද්‍රදාස Tuesday, 12 August 2014 04:23 PM
දැන් එතකොට මේවා ගෙනෙන්න පුලුවන් කොහොමද? (නි)
සිඟිති Tuesday, 12 August 2014 08:28 AM
මෙතන වරද රේගුවට නොදන්වා මෙය රැගෙන ඒමය. තමන් උපයපු මුදල් වලින් රන් ගත්තා නම් එය රේගුවට පෙන්වා අවසරයක් ඇතුව ගෙන යා හැකිය. මම වරක් එසේ සිදු කළා (නදී)
නවිදු Tuesday, 12 August 2014 08:30 AM
එහෙනම් ඒ රත්තරන් වලටත් හරි (නදී)
තුෂාර Tuesday, 12 August 2014 05:32 PM
ඒ රත්තරන් වලට මොකද කරන්නේ? (නි)
තිලක්-ඩුබායි Tuesday, 12 August 2014 05:36 PM
කෝටි ප්‍රකෝටි ගණනින් කුඩු සිමෙන්ති කොට්ට ගණනින් ගෙන්වනවා. අල්ලනවා.ගෙන්වන කෙනෙක් නැහැ.අල්ලා ගත් ඒවට වෙන දෙයකුත් නැහැ.ඒ වගේ ගුවන් තොටුපොළින් අල්ලාගත් රත්තරන් වලට වෙන දෙයක් නැහැ.වුණ දෙයකුත් නැහැ. (නි)
තිලක්-ඩුබායි Tuesday, 12 August 2014 05:37 PM
මම මේ බයේ ඉන්නේ ලබන වාරයේ මම ඩුබායි ඉඳලා ලංකාවට නිවාඩුවට යනකොට අරගෙන යන හාල්,කිරිපිටි,පරිප්පු, කරවල,පිටි,තුනපහ ....පෙට්ටියත් රාජසන්තක කරයිද කියලා. (නි)
ටිකිරි බණ්ඩාර Tuesday, 12 August 2014 05:40 PM
මේ අල්ලන රත්තරන් වලට මොකද වෙන්නේ? (නි)