IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රන් කුට්ටිය කටෙන් එළියට ගනී

රුපියල්  හාරලක්ෂ අසූ දහසක්  වටිනා රත්තරන් කැබැල්ලක්  තම කටෙහි  සගවාගෙන බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී   ලාංකිකයෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින්  අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 49  හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගනු ලැබු රන් කැබැල්ලෙහි බර ග්‍රෑම් 98 කි.

ඔහුගේ ගුවන් බලපත්‍රයේ සඳහන්ව ඇත්තේ ඔහු  වෘත්තියෙන් රියදුරෙක් බවයි.  නමුත්
 ඔහු  නිතර,  නිතර ඉන්දියාවට යන එන පුද්ගලයෙකු බව රේගුව කියයි.

සැකකරු ඊයේ  ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 171 දරණ ගුවන් යානයෙන් බැංගගෝරය බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.

මේ පිළිබඳ රේගු පරික්ෂණය  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා  විසින් සිදු කර සැකකරුට රුපියල්  විසිදහසක දඩයක් නියම කොට  එම රන් කැබල්ල රාජසන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඩග්ලස් සිල්වා, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, එස්. මහේෂ්, චින්තක ශ්‍යාමාල්, මංජුල කුමාර, නුවන් ජයසුන්දර, නිරෝෂා විජේතුංග යන නිලධාරීහු සිදු කරති.
 

 



අදහස් (0)

රන් කුට්ටිය කටෙන් එළියට ගනී

ආනන්ද දොඩන්ගොඩ Sunday, 15 June 2014 11:30 PM

අනේ මන්දා! මේ මිනිසුන් ශරීරයේ අවයව වලටත් කරන්නේ නිගරුවක් නේද? (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 15 June 2014 09:33 AM

දැන් ගුද මාර්ගය ප්‍රසිද්දවෙලා තියෙන නිසා මෙයා හිතන්න ඇති කට අස්සේ දමාගෙන ගියොත් වැඩේ අහුවෙන එකක් නැහැ කියලා (දී)

:       0       0

ටිරෝන් Sunday, 15 June 2014 09:50 AM

බලාගෙන යනකොට අපේ රටේ ජීවත් වෙන්නේ රත්තරන් පතල් ඉස්සරහ පස්සේ හැම තැනම රත්තරන් (දී)

:       0       0

ශාන සෞදි Sunday, 15 June 2014 11:46 AM

හැබැයි මේ තත්වය භයානකයි මොකද මේ අය ලංකාවෙන් ගොඩ බැස්සට ගුවන් යානයට ගොඩවන තැනින් මෙයාලව බලන්න නැතිව ඇති නැත්නම් ඇයි ඒ රටවල පරීක්ෂා කරන කොට හසු නොවන්නේ. අනෙක ලංකාවෙන් යනකොට උනත් මෙය භයානකයි. මේ විදිහට බෝම්බයක් උනත් ඔය කියන තැන වල ගහගන එන්න පුළුවන්, අදිනකොට පුපුරන්න. මේක ඉතා කල්පනාවෙන් පරීක්ෂා කරන්න ඕනේ දෙයක්. (ස) දෙයක්

:       0       0

ඉසුරන්දි Sunday, 15 June 2014 12:57 PM

අනේ මන්දා, ගුවන් තොටුපළෙන් ඇතුලු වෙද්දීම පරීක්ෂා කරලනේ එවන්නේ. එහෙම තියෙද්දිත් ඔය තත්ත්වය නම් භයානකයි වගකිවයුත්තනි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site