(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 22 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී මන්ත්‍රීධූරය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ පරිණත දේශපාලනඥයකු වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව කී එජාප සභාපතිවරයා රට මුහුණ දී සිටින වත්මන් ප්‍රශ්න සඳහා පිළිතුරු තිබෙන එකම නායකයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ බව සඳහන් කරයි
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම සියලු පාක්ෂිකයන් එම තීරණයට ඒකමතික අනුමැතිය ඇතැයිද වජිර අබෙිවර්ධන මහතා සදහන් කරයි.
මේ මස 08 වැනි දින කල් තැබූ පර්ලිමේන්තුව යළි පළමුවරට රැස්වන්නේ ජුනි මස 22 වැනි දාය.
COMMENTS
"20 වැනි සංශෝධනයට සහාය දෙමින් ආණ්ඩුවට එක්වූ ඩයනා ගමගේ මන්ත්‍රීවරියට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට පොරොන්දු වී තිබුණත් එය ඉටු නොවුණු තත්වයක් තුළ කළකිරීමෙන් පසුවන ඇය තමන්ගේ හිටපු නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවත් රිෂාඩ් බදූර්දීන් මහතා සහ රවුෆ් හකීම් මහතා හැර ඔවුන්ගේ පක්ෂවල සෙසු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ද 20 වැනි සංශෝධනයට සහාය පළකර තිබුණු අතර ඔවුන් ද කණ්ඩායමක් වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට එකතු වීමට සූදානම් වන බවත් ඒ අනුව එජාපයට හිමි එකම මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණිය ද රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුව තුළ කුඩා මන්ත්‍රී කණ්ඩායමක නායකයා වශයෙන් පෙනී සිටීමේ හැකියාවක් ලැබෙනු ඇති බවත්" අන්තර්ජාලයේ පලවී ඇති ප්‍රවුර්තියක සඳහන් වෙනවා.
ජනතාව ප්‍රතික්ෂේප කළත් එනවා
ජනතාවගේ කලකිරීමට මෙන්ම දෝෂ දර්ශනයට පත්වී ඇති මේ රජයත් ,ජනාධිපතිත්, තව ඉතාම කෙටිකලකින් බලයෙන් විසිවෙනවා.
පහුගිය කාලේ මෙයාගේ වැඩ ගැන හිතනකොට, සහෝදර සමාගමට මෙයා තමයි අඩු වෙලා හිටියේ. දැන් හරි. රට නන්නත්තාරම වෙලා යයි.
රනිල් අපේ රටේ ඉන්න ඉතාමත් බුද්ධිමත් නායකයෙකි. ජාත්‍යන්තර ගණුදෙණුවලට ලංකාවේ ඉන්න දක්ෂම දේශපාලකයා.. ඒත් ඔහු දිනිය නොහැකි නායකයෙකි. එජාපයේ ජනතා ආකර්ශනය ඇත්තේ කාටදැයි දැනගෙනත් ඔහු බලලෝභී ලෙස තමන්ගේ සුවච කීකරු ගෝලයින්ගේ කීමට සජිත්ව කැපුවා. ඒකේ ප්‍රතිඵලය මුළු එජාපයම සෝදාගෙන යාමයි. සියල්ලම පරාජයට වගේම ජනතා විරෝධයට ලක්වුණා. මේ නිසා දැන්වත් රනිල් කළ යුත්තේ එජාපය කන්න පාර කැපූ අයගේ උපදෙස් පසෙක තබා සජිත්ට සහයෝගය ලබාදීමයි.
50 වතාවක් පැරදිලා ගිනස් වාර්තාවක් තියලා මිසක් පස්ස බලන්න එපා...!!!
රට තවත් අගාධයකට..!!!
අශිෂ්ට දේශපාලනය හා දේශපාලනයේ විශිෂ්ඨ සලකුණ...
ඇම්ඩා නැවතත් පට්ටියේ පිං බත් ගිලීමට වාසනාව ලබා ගන්නා ලදී...
ප්‍රශ්නය එක නොවෙයි පාර්ලිමේන්තු එන්න ආසනය තියාගෙන ඔනි කාලයක් ඉන්න පුලුවන්, නමුත් මහජනතාවට විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ දී විශේෂයෙන්ම උසස් අධ්‍යාපනික කටයුත්තකට ගියවිට අදාල දිනයට සේවයට වාර්තා නොකලොත් රැකියාව අහිමිවීමට පවා හේතුවක් වෙනවා.පුදුම රටක් පුදුම නීතියක් මෙවා නිකං නීති නොවෙයි,
ඩීල් දාස ඔබට විලි ලැජ්ජාවක් නැතිද?