IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


රන් බිස්කට් පන්නන්න හැදූ ගුවන් තොටුපොළ සේවකයා මාට්ටු

(විමුක්ති එස් රුද්‍රිගු සහ ටී කේ ජී කපිල)

රුපියල් කෝටි 21 වටිනා කැරට් 24 රත්‍රන් බිස්කට් 51 රටතුළට ජාවාරම් කිරීමට උත්සාහ දැරූ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රේගු නිලධාරීන් සමත් වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා අද (14) ප්‍රකාශ කළේය.

අත් අඩංගුවට ගත් රත්‍රන් තොගයේ බර කිලෝ ග්‍රෑම් 5.941 ක් බවත් සැකකරු 54 හැවිරිදි ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයකු බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේය. සැකකරු සිය මේස්වල සුක්ෂම අයුරින් මෙම රත්‍රන් බිස්කට් තොගය සඟවා ගෙන රට තුළට ගෙන ඒමට උත්සාහ දරා ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

සැකකරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිටවන දොරටුව අසලදී අද(14) පෙරවරු 6.50 ට පමණ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේය.



අදහස් (2)

රන් බිස්කට් පන්නන්න හැදූ ගුවන් තොටුපොළ සේවකයා මාට්ටු

ජිල්බු Sunday, 14 September 2025 01:05 PM

තාමත් බිස්නස් එකේ ඉන්නව දෙපැත්තෙන්ම..

:       0       1

Wasantha Sunday, 14 September 2025 03:06 PM

නිකන්ම සේවකයෙක් නොවෙයි. ගුවන් තොටුපල ආරක්ෂක අංශයේ මාශල් කෙනෙක්ලුනේ අහුවෙලා තියෙන්නේ. මුලු ගුවන් තොටුපලේම ආරක්ශාව භාර දීලා තියෙන්නේ මේ ගොල්ලන්ට...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18055 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 11024 13

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10818 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 446 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 128 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 807 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site