(අංජුල මහික වීරරත්න)
සිර දඩුවම් විදින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සාධාරණයක් ඉටු කරන්නැයි ආණ්ඩු පක්ෂයට පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
රන්ජන් රාමනායක මහතා 2016 වසරේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් තමාට අපහාසයක් කළැයි නුගේගොඩ අධිකරණයේ පවරනු ලැබූ නඩුව අද (31) ඉල්ලා අස්කර ගැනීමෙන් පසු මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණ භූමියෙන් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.
වෙනත් පිරිසකගේ වුවමනාවන් ඉටු කිරීමට නොමඟ ගොස් රන්ජන් රාමනායක මහතා සිරගතව දුක් විඳින බවත් අද ඔහු වෙනුවෙන් පෙනී සිටීමට කිසිවකුත් නැති හෙයින් තමා එදා පැවරූ අපහාස නඩුව ඉල්ලා අස්කර ගැනීමට සිතූ බවත් මහින්දානන්ද අලූත්ගමගේ මහතා සඳහන් කළේය.
රන්ජන් රාමනායක මහතාට එරෙහිව පැවරූ නඩුව ඉල්ලා අස්කර ගන්නට තීරණය කළ බව තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද දැනුම් දුන් බව කී අලුත්ගමගේ මහතා කිසිවකුගෙන් පළි ගැනීමට අවශ්‍ය නැති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ යැයිද කීය.
යහපාලන ආණ්ඩු සමයේ තමාට වැඩිපුරම පහර ගැසූ පුද්ගලයා වන රන්ජන් රාමනායක මහතාට සමාව දීමෙන් අදහස් කළේ දේශපාලන පළිගැනීම් නතර කරමු යන ආදර්ශය රටට ලබා දීමට යැයි ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
COMMENTS
දේශපාලන පළිගැනීම් නතර කිරීමේ ආදර්ශය ඉතා වැදගත්.. මහින්දානන්ද අගය කරමු. දේශපාලන නායකයන් සෑමවිටම පුළුල් දැක්මක් සහිත විය යුතුයි.
මේ ඔක්කොම එකයි.
රත්තරන් මනුස්සයෙක්. මේවා අහන අපට හිනාකාලා මැරෙන්න වෙයිද දන්නෙත් නෑ.
මගේ ආණ්ඩුවක් ආවොත් ඔය ඔක්කොම අයියලා හිරේ දානවා මලේ...
"අපි අයියා මල්ලි වාගේ". නඩු දානවා. අයින්කර ගන්නවා. ඇතුළට යවනවා. එළියට ගන්නවා. ලාබයි ලාබයි. සත පනහයි.
වරදක් කරලා උසාවියෙන් වරදක් වුණාම මන්ත්‍රීවරුන් ඔවුන් නිදහස් කරන්න කියලා පෙනී සිටීම නොකළ යුතුයි. මොකද මොවුන් රටෙ නීති සම්පාදනය කරන්නන් නිසායි. මේ කියන්නේ ඔක්කෝටම නීතිය ක්‍රියාත්මක කරන්න අපේ අයට නීතිය එපා කියලද? එහෙම කරනවා නම් ඉස්සෙල්ලා රන්ජන්ට බල පැවැත්වෙන නීතිය ඉවත්කර සාමාන්‍ය ජනතාවට ඔය වරප්‍රසාදය ලැබිය යුතුයි.
මේවා බලන අහන අපිට මඩුවලිගෙන් තතා මදි ආයුබොවන්..
පහුගිය කාලේ මහාපරිමාණයේ හොර දූෂිතයින් හිරේට යැව්වා. හොර ලෙඩ අරන්, බොරු රඟපෑම් කරලා පස්සේ එළියට ආවා. සමහර දූෂිත දේශපාලුවන්ට ගෙදරින් කෑම, නිදාගන්ඩ පවා කොට්ට, මෙට්ට ගෙනත් දුන්නා. ඔවුන්ගේ සුවදුක් බලන්න දේශපාලුවන් ආවේ පිරිවරාගෙන? අද ඔවුන් නිදහසේ නිදැල්ලේ සැපෙන්, සනීපෙන් ජීවත් වෙනවා.
දුක වැඩිකමට කිරි එරෙයිද කියලයි මට සැක? අනේ, අපි නොදන්නා ආදර අනුකම්පාව?
වසරේ හොඳම විහිළුව
මෙම රට ලස්සන කරන්න ඔයාලා හැමොම එකතු වෙන්න. පසුගිය දෙවල් අමතක කරන්න. සර්ට උදව් කරන්න. රට හදන නායකයෙක් ආය කවදා එයිද දන්නෙ නෑ.
ඔයා හදන්නේ ලොක්කාගේ ප්ලෑන් එකකට මොකක් හරි රඟපෑමක්. ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් මිනිස් බෝම්බ ලෙස හැඳින්වූ ඔබතුමාගේ හිත් උණුවීම පිළිබඳව දන්නෝ දනිති. ලබන පළාත් සභා ඡන්දෙදී ලංකාවේ ඉන්න ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් ඔබලාගේ පඬුපුල් ආසනය උනුකරවලා පෙන්නාවි.. ඔහොම යමු..