IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රනිල් 17ට පණ ඉල්ලයි

ජනතා පරමාධිපත්‍ය යළි තහවුරු කිරීමට නම් කල යුත්තේ කිසිදු වරමකින් තොරව අහෝසි කළ 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම ක්‍රියාත්මක කිරීම යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේදී පැවසීය.

රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සඳහා වන  සංශෝධනයේ අරමුණ බවත්, දේශපාලනඥයන්ට නොව නීතියට පමණක් යටත් ස්වාධීන පොලිස් සහ රාජ්‍ය සේවයක් ඇති කරන්නේ නම් මේ සියලු ප්‍රශ්න නිමා වන බවත් කී වික්‍රමසිංහ මහතා මධ්‍යම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට හෝ පළාත් සභාවේ මහ ඇමැතිට පොලිසියත් රාජ්‍ය සේවයත් යටත් කිරීමට ඉඩ නොතැබිය යුතු යැයි ද අවධාරණය කළේය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෝට්ටේ බලමණ්ඩල රැස්වීමේදී වික්‍රමසිංහ මහතා මේ අදහස් දැක්වීය.



අදහස් (0)

රනිල් 17ට පණ ඉල්ලයි

චාමික Sunday, 30 June 2013 04:39 PM

මහත්තයෝ ඕක අහෝසි වෙනකම් බලාගෙන හිටියේ නැතුව ඒ කාලෙම ඔය ටික කියාගන්න බැරි වුනේ ඇයි ? දැන් ඉතින් අස්සයෝ ඔක්කොම පැනලා. ඔබතුමාට තමයි ඇතුලට ගිහින් ඉස්තාලේ වහගන්න වෙන්නේ. ආයේ ඕකට පන දෙන්න නම් ලේසි වෙන එකක් නැහැ. ඒත් පන දෙන්න පුළුවන් නම් මම කැමතියි. (නි)

:       0       0

ලලිත් Monday, 01 July 2013 12:15 AM

එක්කෙනෙක් යුද්දේ ඉවර වෙලා රට හදන්ඩ හදනවා. මෙයා ආණ්ඩුක්‍රම ව්‍යවස්තා හදන්ඩ හදනවා. අරය ජනතාවට දුන් පොරොන්දු රකින්ඩ හදනවා. මෙයා ජාත්‍යන්තර ප්‍රජාවට දුන් පොරොන්දු රකින්ඩ හදනවා. මෙව්වා තමා මල සමයන්.(නදී)

:       0       0

සාගර Monday, 01 July 2013 11:58 AM

17ට පණ දෙන්න කලින් සිරිකොතට හොද අත්තිවාරමක් දාගන්න රනිල් මහත්තයෝ... (දී)

:       0       0

විජේසිරි Monday, 01 July 2013 12:23 PM

මේ වගේ දේවල් වලට පණ දෙන්න යන එකේ, ඒ පණ ටික දීලා තමන්ගේ පක්ෂේ හදා ගත්තා නම් හොදයි නේද? (දී)

:       0       0

විමල් Monday, 01 July 2013 02:00 AM

නොදන්නා අයටයි කියන්නේ. රනිල් මහත්මය අගමැති වෙලා ඉන්න කාලේ 17 වන සංශෝධනය හරියට ක්‍රියාත්මක වුනා. තිබුනේ දේශපාලන අධිකාරියෙන් ස්වාධින වූ පොලිස් කොමිසමක්. 17 ජනතාවාදී ස්වාධින කොමිසම් අහෝසි කරපු එක ආපස්සට හරවන්නයි රනිල් මහත්මයා දැන් උත්සාහ කරන්නේ. (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Monday, 01 July 2013 02:24 AM

17 වෙනි ව්‍යවස්ථාව මොකක්ද කියලා හරිහැටි නොදැන අදහස් සමහරු ලියනවා. රනිල්ටද, චන්ද්‍රිකාටද, ජනාධිපතිතුමාටද මේවා ඕනෑ කියලා හිතනවට වඩා මේක රටට මොන තරම් වැදගත්ද කියලයි අපි බලන්න ඕනෑ. පක්ෂ පැත්තෙන් නොබැලුවොත් සර්ව සාධාරණ රටකට මේක අත්‍යවශ්‍යමයි (නි)

:       0       0

ප්‍රියන්ත මිලානෝ Monday, 01 July 2013 06:49 AM

රනිල් මහත්තයා යු එන් පියට පණ ඉල්ලුවා නම් ඔයිට වඩා හොඳයි නේද ? (නි)

:       0       0

චානක Monday, 01 July 2013 06:51 AM

. ජනාධිපති තුමා බලයට අවේ නැත්නම් හිතා ගන්ඩත් බැහැ රටට මොන වෙයිද කියල ..(අ)

:       0       0

හේරත් Monday, 01 July 2013 08:08 AM

17 කොම උනත් 24 වෙනි වරටත් අපි ගොඩ කියල මැතිවරණයක් ඉවරවේවි. විරුද්ධ පක්සේ නායක කමත් ඒ කටිටයට දුන්නම රට ඉවරයි.(නදී)

:       0       0

නිශානි Monday, 01 July 2013 02:10 PM

මොකකටවත් පණ ඉල්ලන්න කලින් රනිල් මහත්තයෝ, පක්ෂෙට පණ ටිකක් ලැබෙන්න කියලා ඉල්ලුවා නම් හරි නේද? (දී)

:       0       0

PERERA Sunday, 30 June 2013 07:33 PM

මෙයාලගේ ආණ්ඩුවක් ආවොත් මෙන්න කියල කරය් ..අනේ අපි නොදන්නා ලව් ..චන්ද්‍රික නෝනා ඕක කලේ බෙල්ල මුලට හිර වුනු නිසා මිසක් කැමෙත්තෙන් නොවෙයි ..ඕව ඔක්කොම මතක් වෙන්නේ බලය නෙති උනාම..(අ)

:       0       0

අප්පුහාමි Sunday, 30 June 2013 09:12 PM

ඔය ඔක්කොම මේ රට පාලනය කරපු අය. එයාලගේ කාලෙත් පොලිසිය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන පාලනය කරේ දේශපාලඥයන් තමා. මොනවා උනත් පරක්කුවෙලා හරි රටගැන හිතලා කරන්න පුලුවන්නම් සුබපතනවා.(නදී)

:       0       0

අමිල Monday, 01 July 2013 10:32 AM

රනිල් මහත්තය රට ගැන හිතපු නිසා තමයි තාම විපක්ෂේ ඉන්නේ. බලයේ හිටි වසර දෙකට එකම රැකියාවක්වත් නොදුන්නේ, ඒ වෙනකොට රටේ ආර්ථිකය ඍන මට්ටමක තිබුන නිසයි. දැන් කට්ටිය පිනුම් ගහන්නේ රනිල් මහත්තයා හදල දුන්න පිට්ටනියේ. දෑත් ශක්තිමත් කරන්න ගිය 17 දෙනා තමාගේ හදවතින්ම අහගත්තා නම් උත්තරේ හම්බ වෙයි. 17 වෙනි සංශෝදනය කියන්නේ මොකක්ද, රනිල් කියන්නේ කව්ද නොදෙන අදහස් දාන අය ගැන මොනවා කියන්නද? (දී)

:       0       0

සරත් Monday, 01 July 2013 10:37 AM

මේ අය 17 සන්ශෝදනය ගැන කතාකරනවා. ජේ ආර් උඩුගම්පොලට හා අයි පී සර්වානන්දට උසස්වීම් දීපු හැටි මතක නැතිවද?(නදී)

:       0       0

සුදු පුංචා Monday, 01 July 2013 11:06 AM

සේරටම කලින් පක්ෂේ හදා ගන්නකො අනේ. (දී)

:       0       0

අමාලි සිල්වා Sunday, 30 June 2013 10:56 PM

මේ ඔක්කොම 13 සහ 17 එක්සත් ජනතා පක්ෂයෙන් කරපු වැඩ. ජේ අර ජයවර්දන මහතා කරපු දේවල් වලින් අද කරදර වන්නේ අහිංසක ජනතාවයි. ඒ කාලයේ කිසි කෙනෙක් මේවට විරුද්ධව කතා කලේ නැහැ , ඔහුට තිබෙන බයට. රනිල් මහතාත් මොනවා හෝ වලිගයක් අල්ලන් කෑගසනවා. බලයට ආවම මේ ඔක්කොම එකම දේ කරන්නේ. මොවුන්ට ඡන්දය දෙන මෝඩ අපිම තමා තැලෙන්නේ.(නදී)

:       0       0

අබරන් Monday, 01 July 2013 11:20 AM

17 ට කෙසේ වෙතත් ඔබ තුමාට නම් පන දෙන්න වේවි ඕන්න (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site