IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රනිල් කරන්නෙත් ඩී.එස් කළ දේමයි

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අරමුණ ජනාධිපති පුටුවේ වාඩි වී සිට තමන්ගේ වැඩ කර ගැනීම නොව රට හරි තැනට ගෙන ඒම යැයි එක්සත් ජාතික පක්ෂය පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 

ශ්‍රී ලංකාවට නිදහස ලබා ගන්නා විට ඩී.එස් සේනානායක මහතාගේ අදහස වූයේ සියලු ජාතීන් එකතු කර ගැනීම බව කී විජයවර්ධන මහතා අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්නේ රටේ ආර්ථික ගැටලු හදා ගැනීමට  නම් සියලු දෙනා එකතු විය යුතු බව යැයි පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩල රැස්වීම් සඳහා දැන් විවිධ පක්ෂ වලට ඡන්දය දුන් ජනතාව පැමිණෙමින් සිටින බව කී විජයවර්ධන මහතා රට හදන්න නම් සියලු දෙනා එකතු විය යුතු බව රටේ පොදු ජනතාවට දැන් වැටහෙමින් තිබෙන බවද සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පාක්ෂික හමුවක් අමතමින් රුවන්  විජයවර්ධන මහතා මේ බව කීය.



අදහස් (7)

රනිල් කරන්නෙත් ඩී.එස් කළ දේමයි

ගමේ එකාලා Wednesday, 26 July 2023 02:44 PM

රනිල් කරන්නේ දුශිත පවුල් පාලනේ උන්ව රකින එක ?

:       3       19

liyanage Wednesday, 26 July 2023 04:00 PM

DS කරපු දේත් බලන්න 1936 1947 ලියවී තියෙන පොත් පත් වල

:       0       0

SAM Wednesday, 26 July 2023 06:05 PM

ඩී.එස් සේනානායක මැතිතුමාගේ නායකත්වයෙන් බිහිවූ එක්සත් ජාතික පක්ෂය යනු සියලු ශ්‍රී ලාංකිකයින්ගේ පක්ෂයයි... ජාතිවාදී, අන්තවාදී, ආගම්බේද නොමැති ලෝකය සමග එක්ව ගමන් කරනා පක්ෂයකි...

:       2       5

CHANDIMA Wednesday, 26 July 2023 09:32 PM

ඔව් ඔව් අපට පේනවා දැන් දැන් ඇවිදින්නෙත් ඒ විදියට තමයි

:       0       0

විජේ Thursday, 27 July 2023 06:20 AM

ඔයා කරන්නෙත් ඩීඑස්ගෙ ඩෝබි කරපුදේමයි......

:       0       0

Demuni de Silva Thursday, 27 July 2023 06:23 AM

රුවන්, ඩී.එස් දූෂිත රනිල් සමඟ සංසන්දනය කරන්න එපා. ඩී.එස් අරලියගහ මන්දිරයේ සිට අසල පිහිටි පොල්වත්තේ පන්සලට ගියේ තනිවම පයින් ! අනික ඩඩ්ලි, සර් ජෝන් කොතලාවල, විජයානන්ද අපිට හිටපු ආදර්ශමත් නායකයෝ.

:       0       0

Senarath Thursday, 27 July 2023 09:11 AM

D S පිහිටවපු ජනදඩ ව්‍යාපාරය රනිල් කලාද ? D S කෘශිකර්මන්තය නගා සිටුවන්නට කල වැඩ කොටසෙන් එකකක් රනිල කලාද අවුරුදු 50ක් දේශපාලයෙ ඉදලත් ? D S කවදද උතුරෙ හිටපු අන්තවාදීන්ට ගිවිසුම් ගහල රටෙ බලය දුන්නෙ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1037 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site