එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කර පක්‍ෂ නායක ධූරය වසර හයක් දක්වා දීර්ඝ කිරීම බලාත්මක කිරීම වළකාලන වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපළ මහතා අද (08) ප‍්‍රතික්ෂේප කෙළේය. බස්නාහිර පළාත් එ.ජා.ප. මන්ත‍්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමෙන් ඉල්ලා සිටියේ වාරණයක් නිකුත් කරන ලෙසයි. පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, මහලේකම් තිස්ස අත්තනායක ඇතුළු පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 86 දෙනකු මෙහි වගඋත්තරකරුවෝ ලෙස නම්කරනු ලැබ සිටිති. දිසා විනිසුරු වගඋත්තරකරුවන්ට එරෙහිව අතුරුතහනම් දැන්වීම් නිකුත් කළේය. පැමිණිල්ල ලබන 28 වැනිදා යළි කැඳවේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රනිල්ට කොළඹින් වාරණයක් නෑ
ලලිත් Thursday, 09 August 2012 08:33 AM
මෙහෙම ගියොත් රැකගන්න පක්ෂයක් තියෙයිද කියන එක සැකයි .
බමුණුසිංහ Thursday, 09 August 2012 03:53 PM
කොළඹින් මෙහෙම වුණාට අනෙක් පැති වලින් කොහොම වෙයිද දන්නේ නෑනේ. (නි)
වරුණ Thursday, 09 August 2012 08:44 AM
කොහොමත් එයාට කොළඹ වාරණ දැම්මා කියලා වැඩක් වෙන්නේ නැහැ. (නි)
අමරසිරි Thursday, 09 August 2012 08:48 AM
රනිල් මහත්තයා යූ.එන්.පී. එක නැත්තටම නැතිඋනා...!!(නු)
බමුණුසිංහ Thursday, 09 August 2012 03:58 PM
අනේ අම්මපා, ඇත්ත නේන්නම්. කියලා වැඩක් නැහැ. (නි)
අජිත් Thursday, 09 August 2012 11:01 AM
රනිල් මෙහෙම හරි පක්ෂය රැකගෙන ඉන්න එක ලොකු දෙයක්. ඔබසැම පක්ෂය වෙනුවෙන් එය රැක ගැනීමට එක්විය යුතුයි. (නි)
සුෆර් Thursday, 09 August 2012 04:55 PM
අනිවාර්යයෙන්ම මෙතුමා ගෙදරට යවන්නද ඕනෑ? (නි)
සමන් Wednesday, 08 August 2012 06:43 PM
වාරණ දෙන අයටම වාරණ දැම්මා නම් හොදයි නේද? (නි)
සහස්රා Wednesday, 08 August 2012 06:54 PM
රනිල් මහත්තයා දිගටම රැදිලා ඉන්න එක කාට කාටත් හොදයිනේ. (නි)
චතුල- වෙරෝනා Wednesday, 08 August 2012 07:09 PM
මේව අපෙන් අහල කරන දේවල්යෑ? (නි)
අමිල කටුනායක Wednesday, 08 August 2012 08:33 PM
අනිත් අයත් හොදයි.. රනිල් හොදායි..!!(නු)
සම්පත් Wednesday, 08 August 2012 09:01 PM
අනේ මෙහෙමත් කෝළම්. (නි)
ප්‍රවීන් - මැනිලා Thursday, 09 August 2012 01:35 PM
රනිල් නෙමෙයි කවුරු ආවත් ආණ්ඩුවට කාටවත් බලපෑමක් කරන්න බැහැ. (නි)
යොහාන් Wednesday, 08 August 2012 09:25 PM
ඇයි මේ වාරණ දාලා තියෙන්නේ? (නි)
ප්‍රදීප් ලියනගේ Thursday, 09 August 2012 05:11 AM
අපේ පක්ෂය රැක ගැනීමට කටයුතු කිරීම කාගෙත් යුතුකමක්. (නි)
චන්දිම Thursday, 09 August 2012 03:08 PM
රනිල් මහත්තයා කතාකරන දේවල් අහනකොට හරිම සතුටක් දැනෙන්නෙ.. (නු)