IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රනිල්ගේ අය වැය ගැන විපක්ෂය ’’ආසයි බයයි’’

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය  සම්බන්ධයෙන් ආසයි බයයි ප්‍රතිපත්තියක නොසිට ධනාත්මකව සිතමු යැයි වරාය හා නාවික ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අයවැය යෝජනා ගැන දැක්වූ අදහස් අනුව එතුමාට ජනපතිගේ අතුරු අයවැය  සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැති  නමුත් එය ක්‍රියාත්මක කරගන්න හැකි වේදැයි ප්‍රශ්නයක් තිබෙන බව පෙනෙන්නට තිබෙන්නේ  යැයි ද අමාත්‍යවරයා කීය.

හැම වෙලාවෙම සෘණාත්මක නොවී ධනාත්මකව සිතමු යැයි පැවසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා එදා අගමැතිකම බාර ගන්නැයි  සජිත් ප්‍රේමදාස මහතාට පැය බාගයක් තිස්සේ පැවසූ නමුත් එයින් පලක් නොවූ බවද  රනිල් වික්‍රමසිංහ මහතා නොබියව පැමිණ පැමිණ  අභියෝගයට බෙල්ල දුන් බවද සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගත් දිනයට වඩා අද දිනය වන විට රටේ ස්ථාවර බවක් ඇතිවී තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය  අරමුදලේ  මූලික ගිවිසුම අස්සන් කිරීමට හැකි වාතාවරණයක් පැමිණ තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අතුරු අයවැය තෙදින විවාදයට සහභාගී වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසීය.



අදහස් (5)

රනිල්ගේ අය වැය ගැන විපක්ෂය ’’ආසයි බයයි’’

Dayan Wednesday, 31 August 2022 03:48 PM

Yes. You have to hold. Pandam to Ranil without clothes. You know the reason so I need not to tell here.

:       5       4

Muhan Wednesday, 31 August 2022 05:17 PM

අභියෝග බාරගන්න පිටකොන්දක් නෑ...

:       6       5

de silva Wednesday, 31 August 2022 07:36 PM

ඔයා අවදි වුණාද?

:       0       0

සෙනෙවිරත්න Thursday, 01 September 2022 05:30 AM

අනේ මෙහෙම මිනිහෙක්, ඔය රෙදි ඇඳල ඉන්නෙ විලි වහගන්නද?

:       0       0

wedage Thursday, 01 September 2022 09:15 AM

මෙ අපතය නේද ජපන් කම්පනියකින් අල්ලස් ඉල්ලල අමතිකම නැති කර ගත්තෙ දැන් ඒ පොජෙක්ට් එකත් නවත්වල තියෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 418 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site