IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රන්ජන් රාමනායක එළියට

(ඩයනා උදයංගනී)

ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මීට මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය.

ඔහු පිළිගැනීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ඇමති මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, හර්ෂණ රාජකරුණා යන මහත්වරු ද බන්ධනාගාරයට පැමිණ සිටියහ.

රාමනායක මහතා නිදහස් වන අවස්ථාව දැකගැනීමට විශාල පිරිසක් බන්ධනාගාරය අසල රැඳී සිටි අතර ඔවුහු ප්‍රීති ඝෝෂා නගමින්, රතිඤ්ඤා දල්වමින් තම සතුට පළ කළහ. 

(ඡායාරූප: ගයාන් අමරසේකර)

 



අදහස් (23)

රන්ජන් රාමනායක එළියට

siri Friday, 26 August 2022 03:01 PM

නිදහස් කරන්න කියලා ලියුම අත්සන් කරපු කෙනා ඇවිත් හිටියේ නැද්ද..?

:       9       64

GamunuSaturday, 27 August 2022 03:13 AM

මහා මාර්ගයේ වාහන පැදවීමට නිදහස තිබුණද, අවශ්‍ය බලපත්‍රය තිබුණද නීතියට පිටින් රියදුරුට අවශ්‍ය ආකාරයට වාහනය මහාමාර්ගයේ පැදවිය නොහැකි සේම ව්‍යවස්ථාවෙන් භාෂණයේ නිදහස ලබාදී තිබුණද එම නිදහසින් පුද්ගලයකුට ඕනෑම අදහසක් ප්‍රකාශ කිරීමටද නොහැක. අදහස් ප්‍රකාශ කිරීමේදී ලබදෙන්නා වූ පණිවිඩය තමාට, සමාජයට හෝ වෙනත් කිසිවකුට අපහාස නොවන ආකාරයට ලබාදීමට හැකියවක් තිබිය යුතුවේ.

:       7       1

මහසෙන් Friday, 26 August 2022 03:02 PM

දැන් බලමු මෙතැනින් එහාට වෙනදේ දෙස. සැබෑ ජීවිතේ සහ චිත්‍රපටි ජීවිතේ දැන්වත් වටහාගෙන බ්‍රේක් නැති කට පාලනය කරගනී ද කියලා...

:       16       118

බද්රානිFriday, 26 August 2022 03:41 PM

රන්ජන්ටත් නැට්ට බඩ යට ගහගෙන ඉන්න කියලා වෙන්න ඇති ඔබ මේ කියන්නේ. මහසෙන් (මින්නේරි දෙවියෝ) කියන රජතුමාගේ නමටත් අපහාස කරමින් මෙතන තප්පුලන්නේ, මහසෝනා කල්ලියේ නිවට නිගණ්ඨයෙක් වගෙයි කතාවෙන් පේන්නේ. රන්ජන් රාමනායක මහතාට ජයවේවා!

:       92       37

මහසෙන්Saturday, 27 August 2022 10:51 AM

ඔයා බද්‍රානි ද? බත් රානී ද? නැත්නම් තණකොළ රාණී ද? යන්නේ කොහේ ද? මල්ලේ පොල්.

:       2       26

තරාදිFriday, 26 August 2022 06:02 PM

මිනිසුන් කතා නොකරන්නේ නීතිය සර්ව සාධාරණ නිසා නොවේ. රන්ජන් මෙන් හිරේයාමට ඇති බය නිසායි.

:       13       0

darman Friday, 26 August 2022 03:20 PM

එළියට ආව එක හොඳයි. තමන්ගේ කටේ වැරැද්ද කියලත් පිළිගත්තානේ. දැන්වත් හිතන්න තමුන් මන්ත්‍රීකම ඉහට අරගෙන කී දෙනෙකුට අපහාස කළාද කියලා. මීට පස්සේවත් කට රැකගෙන ෆිල්ම් එකක් කරගෙන ඉන්න. නැත්නම් ආයේ කොයිකවුරු හරි අපහාසෙකට නඩු දැම්මොත් පෙර වැරදි එක්ක ඇවිස්සිලා එයි. ආ... මතක ඇතුව ගෑනු උදවියගේ කෝල් රෙකෝඩ් කරලා ලීක් කරන්න එපා. ඒක වැරැදි වැඩක් සර්....

:       19       84

ajith Friday, 26 August 2022 03:30 PM

සාමන්‍ය මිනිස්සුන්ට එක නීතියක්. දේශපාලකයින්ට තව නීතියක්.

:       11       61

ජගත් ලියනගේ Friday, 26 August 2022 03:56 PM

අන්තිමට තමන් තමන්වම පාවාදී ගත්තා.

:       14       63

විපරමා Friday, 26 August 2022 04:45 PM

නූපන් දරුවන් පවා මුලු ලෝකෙටම ණයකාරයින් කරලා රටම පාවාදීපූ දුෂිත දේශපාලුවන්ගේ කෙරුවාවල් ගැන කවර කතාද?

:       21       0

Bandara Friday, 26 August 2022 04:14 PM

හෙට ඉඳලා තමන්ව එළියට ගත්තු මිනිස්සුන්වත් පාවලා දෙන්න පටන් ගනියි.

:       6       67

demian Friday, 26 August 2022 10:53 PM

ඒක නම් සම්පූර්ණ ඇත්ත සහෝදරයා.

:       1       27

BamunuarachchiMonday, 29 August 2022 07:51 AM

තමන් තමන්ව පාවාදීපු කෙනා අනික් මිනිස්සු පාවාදීම පුදුමයක් නොවෙයි...

:       0       0

sreeni Friday, 26 August 2022 04:29 PM

මොහු වීරයෙක් වුනේ ඇයි? උසාවියට අපහස කිරීම ගැන සමාව ගත් නිසාද? රන්ජන් හෝ වටේ සිටින අය පැහැදිලි කළ යුතුයි.

:       0       32

Sharn Friday, 26 August 2022 04:34 PM

එයාලා බලේ ඉන්නකොට එයාලට හිතවත් අයට සමාව දී එළියට ගත්කළ මෙයාලා බලේ ඉන්නකොට මෙයාලට හිතවත් අය එළියට ගනිති. අනේ මන්දා? කෙසේ වෙතත් සුබ පැතුම්...!

:       0       5

Bamunuarachchi Friday, 26 August 2022 06:03 PM

ඊළඟට මෙයා ඇමති කෙනෙක්. ගොබ්බයින්ගෙන් පිරුණු මෙරට...

:       0       36

ගමේ එකාලාSaturday, 27 August 2022 03:48 PM

69 ලක්ෂයක් ගොබ්බයින් ගෝඨාට ඡන්දෙ දීලා කරගත්තු මෝඩකමක තරම...

:       4       0

beau Friday, 26 August 2022 06:54 PM

අපොයි.. ඒ මනුස්සයාගේ අත අල්ලන්න එපා. මහජනයා ගැන වේදනාවක් තියෙන කෙනෙක් නෙවෙයි. තමන්ගේ මඩිය තරකරගන්න කෙනෙක්...

:       11       0

nima Saturday, 27 August 2022 02:44 AM

ඇත්තටම කවුද නිදහස් වුනේ...? මට නම් පේන්නේ සජිත් වගේ.

:       0       20

Bamunuarachchi Saturday, 27 August 2022 06:58 AM

මෙයාගේ ගෙදර වළං හෝදන්න ලැහැස්ති වුණු පොලිස්කාරයාට මොකද වෙන්නේ? මෙයා එයාව එළියට ගනීද?

:       1       16

Bamunuarachchi Saturday, 27 August 2022 06:59 AM

කෝ හිරුනිකා මෙයාව පිළිගන්න ඇවිල්ලා නැහැනේ...!

:       1       11

සුරංග Saturday, 27 August 2022 08:25 AM

රංජන් පාර්ලිමේන්තුවට ගියත් හිතුවේ නළුවෙක් වගේමයි, කතා කළෙත් එහෙමයි රංජන් කිව්වා කියන දෙයට විවේචන නොකර නීතිහදද්දී ඒවාට ප්‍රතිකර්ම කරන්න යෝජනා ගේන්න ඔහුට අවස්ථාව තිබුණා. ඔහු කළයුතුදේ නොකර විවේචන කළා. අන්තිමේදී නඩුවෙන් පසුව ඔවුට අභියාචනා කරන්න අවස්ථාවත් නැතුව ගියා.. ඒවාට පිළියම් යොදන්න රංජන් නැවතත් පාර්ලිමේන්තුවේ අසුන් ගතහොත් අදහසක් ඇතිවේවා...!

:       0       7

Sisira Katugampala Saturday, 27 August 2022 11:09 AM

Thank you our president Ranil Wickramasinghe for this great and noble act. Ranjan is a noble social worker who should have warned him not to be sent to prison.

:       24       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site