IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


රිදී තිරයට පායපු රන් දේදුන්න ටනාෂා සතරසිංහ

2016-11-08-ent-11

”මගෙ සිහිනය වුණේ ජාත්‍යන්තරව රටට මොන විදියකින් හෝ කීර්තියක් ගෙන දෙන්නයි. මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල් හරහා රට වෙනුවෙන් මට පුංචියට හෝ යමක් කළ හැකි වුණා. රටවල් 61ක විතර තරගකාරියන් ඒ තරගයට එදා පෙනී සිටියා. ඒ අවස්ථාව ඇත්තටම මට අදටත් සුන්දර මොහොතක්”

2016-11-08-ent-13ටනාෂා සතරසිංහ මේ විදියට ක්ෂේත‍්‍රයට ආවේ නිරූපණ ශිල්පිනියක ලෙසයි. ඒ අතරේදී දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයෙන් දෙවැනි තැන ලබා ගෙන ඉන්පසුව තමයි මිස් ග්ලෝබ් තරගයට ඉදිරිපත් වුණෙත්. ඒ අතරවාරයේදී ඇය රූපවාහිනී දැන්වීම් මෙන්ම ගීත ජවනිකා එනම් මියුසික් වීඩියෝ සඳහාත් නිරන්තරයෙන් දායක වුණා. ඒ විදියට ක්ෂේත‍්‍රයේ නමක් දිනාගෙන සිටින ඇය ගැන මේ දිනවල වැඩි දෙනා කතා වන්නේ නලීන් රාජපක්ෂගේ ‘රන් දේදුන්නක්’ චිත‍්‍රපටය නිසයි. එහි ප‍්‍රධාන චරිතයක් සමග සිනමාවට පැමිණි ටනාෂාගේ අරමුණ ශ්‍රී ලාංකීය සිනමාව ඔස්සේ දිගු ගමනක නිරතවීමයි. එලෙසින් ගමනකට අවතීර්ණ වී රන් දේදුන්නක් හැඩ කරන ටනාෂා සඳැල්ල කතාබහ හැඩ කළේ මෙලෙසිනි.

 

ටනාෂා මේ ඔබ රඟපාන ප‍්‍රථම චිත‍්‍රපටය නේද?

ඔව්.

 

මීට පෙර රඟපාලා තිබුණෙ නැද්ද?

‘තිමිරගිර’ ටෙලිනාට්‍යයේ රඟපෑවා.

 

ඉන්පස්සේ ටෙලිනාට්‍යවල රඟපෑවේ නැද්ද?

ටෙලිනාට්‍යවලට වඩා මගේ කැමැත්ත තියෙන්නේ සිනමාවටයි. ඒ නිසා සිනමාව ඔස්සේ දිගටම රැුඳී සිටීම තමයි අරමුණ.

 

රන් දේදුන්නෙන් පසුව තවත් සිනමා චරිත ලැබුණ ද?

මොහාන් නියාස්ගේ ‘බඹර වසන්තය’ සහ චන්න පෙරේරාගේ ‘පුංචි වීරයෝ’ රඟපෑවා. ඒ චිත‍්‍රපට දෙක තිරගතවීමට නියමිතයි.

 

දැන් එතකොට ඔබ ඉදිරියේදී වැඩිපුර දකින්න පුළුවන් සිනමාවෙන්?

ඔව් එහෙම වේවි.

නමුත් එදා ඉඳලා මේ දක්වාම මම කටයුතු කරන්නේ වෘත්තීය නිරූපිකාවක ලෙසයි. ?ම්ප් මොඩල් කෙනෙක්. බ‍්‍රයිඩල් මියුසික් වීඩියෝවලටත් වැඩිපුර දායකත්වය ලබා දෙනවා. රූපවාහිනියේ ප‍්‍රචාරය වන දැන්වීම් බොහොමයකටත් පෙනී සිටියා. ඒ අතරින් අනගි සහ ඩෙන්ටා දැන්වීම් වඩා ජනප‍්‍රියයි.

 

රන් දේදුන්නක් චිත‍්‍රපටය සඳහා ඔබට අවස්ථාව ලැබුණෙ කොහොම ද?

දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයට මම ඉදිරිපත් වෙමින් සිටියදී රොෂාන් රණවන අයියා ප‍්‍රධාන ආරාධිතයකු ලෙස එදා මට හමුවුණා. රොෂාන් අයියා තමයි රන් දේදුන්නක් චිත‍්‍රපටයට මාව හඳුන්වලා දුන්නේ.

 

සිනමාවේ ඔබගේ වීර චරිත වුණේ කවුද?

‘විජය-මාලනි’ යුවළට ඇත්තටම ආසයි. ඒ වගේම කමල් අද්දරආච්චිගේ රඟපෑම්වලටත් ආසයි.

 

ඒ වුණාට ඔබ නිතරම නරඹන්නෙ කොරියානු ටෙලි නිර්මාණ කියලා තමයි ඔබගෙ අම්මා කිව්වේ.

ඒක හරි. ඒ තරමටම මම ඒවා නරඹන්න ඇබ්බැහි වෙලා.

 

ගෙදර අය ඔබට කියන්නේ පිංකි කියලා නේද?

ගෙදර කට්ටිය මට ආදරේට කියන්නෙ එහෙමයි.

 

පවුලේ වැඩිමලා ටනාෂා?

ඔව් මම වැඩිමලා. මට ඉන්නේ නංගිලාම තුන්දෙනෙක්.

 

මොනවද ඔබට තියෙන වගකීම් ?

අක්කා හැටියට මම නංගිලාට වඩාත් ආදර්ශවත් විදියට ඉන්න ඕනෑ. එයාලා හරි මග යන්නෙ මගේ ක‍්‍රමය දිහා බලලයි. ඉතින් මට ලොකු වගකීමක් තියෙන්නේ. කොහොමටත් මම නිතරම හිතන්නේ හොඳ නමක් තියා ගන්නයි.

 

හොඳ නම තියා ගන්න කොහොමද සමාජයේ හැසිරෙන්න ඕනෑ?

මුලින්ම අපි නියැලෙන විෂය ගැන හොඳ හැදෑරීමක් කළ යුතු වෙනවා. දැනුම ලබා ගන්න ඕනෑ. ඒ විතරක්ම මදි ඒ වටපිටාව ගැනත් අවබෝධයෙන් සිටින්න වෙනවා. ක්ෂේත‍්‍රය ගැන වගේම බාහිර වටපිටාව ගැනත් අවබෝධයක් නැතුව මේ ගමන යන්න බැහැ.

 

සුන්දර තරුණියක ලෙස පිරිමි පාර්ශ්වයේ යෝජනා සහ ප‍්‍රතිචාරවලට ඔබ කොහොමද ප‍්‍රතිචාර දක්වන්නේ?

එයාලා මොකටද එන්නේ කියන දේ ගැන වැටහීමක් තියෙන්න ඕනෑ. ඒකයි මම කිව්වේ බාහිර සමාජය ගැන වැටහීමක් අත්‍යවශ්‍යයි කියලා. එහෙම වුණාම අපට ඕනෑම සමාජයක හරි විදියට ජීවත් වෙන්න පුළුවනි.

 

නිරන්තරයෙන් ලැබෙන යෝජනා ප‍්‍රතික්ෂේප කරන්නේ කොහොමද?

ඒ විදියට අනවශ්‍ය යෝජනා නම් එන්නේ නැහැ. එතැනදී බලපාන්නෙ අපි කටයුතු කරන විදියත් එක්කයි. ඒ වගේම මගේ අම්මා නිරන්තරයෙන් මා එක්ක සිටින නිසා අනවශ්‍ය ප‍්‍රශ්න ඇතිවෙලා නැහැ.

 

ටනාෂා ගැන ටනාෂාට හිතෙන්නෙ කොහොම ද?

මම හිතන්නෙ මම බොහොම හොඳ ළමයෙක්. අපේ අම්මා අනෙක් අයට මං ගැන කියද්දී මම අහගෙන ඉඳලා තියෙනවා. මං හොඳ කීකරු ළමයෙක් කියලා තමයි අම්මා කියන්නේ. ඒ ගැන මම සතුටු වෙනවා.

ඡායාරූප සහ සටහන - සඳුන් ගමගේ


2016-11-08-ent-12
2016-11-08-ent-14



අදහස් (0)

රිදී තිරයට පායපු රන් දේදුන්න ටනාෂා සතරසිංහ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site