අඟහරුවෙත යවන ලද කියුරියෝසිටි හෙවත් ‘කුහුල‘ නමැති විද්‍යාගාර රොබෝ රෝවරය අඟහරු මත සිට ගත් ප්‍රථම වර්ණ ඡායාරූපය ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ පසදීනා නුවර ජාතික ගගන හා අභ්‍යාවකාශ ඒජන්සියට සාර්ථකව එවන ලද බව නාසා ආයතනය කියයි. රෝවරය අංශක තිහක් ඇලව තිබියදී වර්ණ ඡායාරූපය ගන්නට ඇතැයි ද එහි දූවිලි නිසා පින්තූරය නොපැහැදිලියැයි ද නාසා මධ්‍යස්ථානය කියයි. කියුරියෝසිටි යානය කළු සුදු ඡායාරූප ද පෘථිවියට එවයි.
2025 දෙසැම්බර් මස 18
26
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රතු ග්‍රහයාගේ පින්තූර පොළොවට ලැබේ.
සම්පත් Wednesday, 08 August 2012 03:02 PM
අපේ ලෝකය මැවුවේ දෙවියන් නම් මෙයාව මැවුවේ කව්ද? (නි)
බුද්ධදාස Wednesday, 08 August 2012 03:05 PM
අපි මේකෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ? (නි)
දයා Wednesday, 08 August 2012 03:10 PM
අති ශ්‍රේෂ්ඨයි. කුමන හෝ ජීවියකු සිටියොත්? (නි)
පාලි Wednesday, 08 August 2012 03:34 PM
මට තියෙන ප්‍රශ්නය තම මෙච්චර වියදම් කරලා ගත්ත ඡායාරූප හරිම අපැහැදිලි නේ. මට හිතෙන්නේ නම් මේ ගොල්ලෝ වැදගත් තොරතුරු ඇතුළත් ඡායාරූප පිටට දෙන්නේ නැහැ වගෙයි. ඉතින් අපි කවදාවත් දැනගන්න එකක් නැහැ ඔය ග්‍රහයාගේ මොනවා හරි නටඹුන් තිබුණත්. (නි)
ජගත් Wednesday, 08 August 2012 03:50 PM
මොනවද මේ පින්තූර ලංකාදීපයට මෙයිට වඩා පින්තූර නැද්ද (වි)
සුදත් Wednesday, 08 August 2012 04:11 PM
මම නම් හිතන්නෙ, සොයාගන්නා විද්‍යාත්මක තොරතුරු සම්පූර්ණයෙන්ම පිටතට නොදුන්නත්, හොඳ ඡායාරූප නම් ඉස්සරහට දකින්න ලැබේවි. (නි)
සිල්වා Wednesday, 08 August 2012 04:42 PM
මෙහෙම අපැහැදිලි වෙලා තියෙන්නේ කැමරා කාචයේ දුහුවිල්ල නිසා කියලා මම දැක්කා ප්‍රවෘත්තියක.නමුත් ඒක ඒ අය සුද්ද කරලා පැහැදිලි ඒවා පස්සේ දෙනවා කියලා තියෙනවා. (නි)
රියාස් Wednesday, 08 August 2012 04:56 PM
"කැමරාව 'ක්ලියර්' නැල්ලු." මොකටද එහෙනම් මෙච්චර සල්ලි වියදම් කරන්නේ? (නි)
අමන්යා Wednesday, 08 August 2012 05:01 PM
කරන දෙයක් අගුටුමිට්ටන්ගෙන් බේරිලා කරන්න. (නි)
බමුණුසිංහ Wednesday, 08 August 2012 05:07 PM
දෙවියන්ව මැවුවේ මිනිසාය. (නි)
රියාස් Wednesday, 08 August 2012 05:10 PM
අයියෝ, මගේ මොබයිල් එකේ කැමරාව හොදටම හොදයි. ඒක ගෙනියන්නනේ තිබුණේ. (නි)
සෙලනිකා Wednesday, 08 August 2012 05:21 PM
මට නම් පිටසකවල ජීවීනුත් පේනවා මේකෙ. ඔයාලට පේන්නේ නැද්ද? (නි)
සුසිල් Wednesday, 08 August 2012 05:29 PM
මේ මොනවද අප්පා මේ? (නි)
කපිල Wednesday, 08 August 2012 05:34 PM
කලින් නම් හිටියේ ලංකාවේ විද්‍යාඥයෙක් කැමරා අංශය භාරව. (නි)
මධු Thursday, 09 August 2012 12:39 PM
ජීවයක් තියෙනවා නම් ලංකාවෙ අපරාධ කාරයෝ ටික යවන්න පුළුවං ළගදිම...!!(නු)
තුසිත් Wednesday, 08 August 2012 06:50 PM
ලෙන්ස් එක පිරිසිඳු කරන්න වෙනමම කෙනෙක්ව දැනටමත් යවලාලු තියෙන්නේ. (නි)
ප්‍රවීන් මැනිලා Thursday, 09 August 2012 12:41 PM
හරි දැං පැහැදිළි පිංතූර ලැබුණත් මොකද්ද ඇති වැඩේ..? ඒ ලෝකෙ දේවල් හොයන්න කලින් මේ ලෝකෙ ලස්සනට හදාගෙන හිටියොත් නේද හොද?(නු)
අමරා Wednesday, 08 August 2012 09:14 PM
අගහරු ලෝකයෙන් කුරුමිට්ටන් අරගෙන ආවොතින් තමයි වැඩේ. (නි)
අමිල කටුනායක Thursday, 09 August 2012 05:37 AM
මැරිනර්,වයිකින් යානා වලින් එවන ලද ඡායාරූප මොනතරම් පැහැදිලිද? (නි)