(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්මලාන සිල්වා මාවතේ නිවසකට ඊයේ රාත්‍රියේ ටී 56 ගිනි අවියක් රැගෙන කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් දෙදරු පියකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ චරිත් උමයන්ග සිල්වා නැමැති තිස් හැවිරිදි දෙදරු පියෙකි.
එම පුද්ගලයා ත්‍රිරෝද රථයකින් ඌබර් සේවාවේ යෙදෙන අයකු බවත් පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා රැකියාවක් නිමවා නිවසට පැමිණ සුළු මොහොතකදී දොරට තට්ටු කළ කිසියම් පුද්ගලයන් දෙදෙනකු එම පුද්ගලයා දොර විවෘත කිරීමත් සමඟම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
වෙඩි ප්‍රහාරයෙන් තුවා ලැබූ ඔහු රෝහලට රැගෙන ගිය පසු මියගොස් ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රත්මලානේ වෙඩි තැබීමකින් දෙදරු පියා මරුට