(ටෝනි කරුණානායක)
ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු මරා දැමීමේ සිද්ධියට සැකපිට රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයන් තුන් දෙනාම අප්‍රේල් 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය අද (24) නියෝගය කළාය.
වැලිවේරියේ රතුපස්වල ජල ප්‍රශ්නයකට විසඳුම් ඉල්ලා පැවැති උද්ඝෝෂණයකට 2013 අගොස්තු 01 වැනි දා වැලිවේරිය නගරයේදී යුද හමුදාවෙන් වෙඩි තැබීමෙන් සහ පහරදීමෙන් තිදෙනෙක් මියගොස් 50කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
රමිල රවිශාන් පෙරේරා සහ අඛිල දිනේෂ් යන පාසල් සිසුන් දෙදෙනා වෙඩි වැදී මිය ගිය අතර නිලන්ත පුෂ්පකුමාර පහරදීමකින් වූ තුවාල නිසා මිය ගොස් ඇතැයි රහස් පොලිසිය මීට පෙර අධිකරණයට දන්වා තිබිණි.
මිනී මැරීම සහ මිනී මැරීමට තැත් කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රතුපස්වල සැකකරුවෝ රිමාන්ඩ්
sam Friday, 24 March 2017 08:20 PM
මේකට අණ දීපු නිලධාරීන් මිසක් හමුදා නීතිය අනුව (පොලිසිය වැනි ආයතන වල ඉහලින් දෙන වැරදි නියෝග ක්‍රියාත්මක නොකර සිටිය හැකි නමුත් හමුදාවේ ඉහලින් ලැබෙන අණ ක්‍රියාත්මක කරනවා විනා ඒ ගැන ප්‍රශ්න කල නොහැකියි) අණ ක්‍රියාත්මක කල පහල නිලධාරීන් අල්ලාගෙන වැඩක් නැහැ .
mahee Friday, 24 March 2017 08:53 PM
රණවිරුවන් සහ රණවිරු නාමයට මුවාවී අපරාධ කරන්නවුන් අතර වෙනස තේරුම් ගැනීමට නොහැකි වුනොත් මේකත් බොර දියේ මාළු බානවුන්ගේ උද්ඝෝෂණයකට හේතුවක් වෙයි.
loku malli Saturday, 25 March 2017 04:38 AM
මේ මිනිස්සු නෙවෙයි අල්ලන්න ඕනේ උඩින් ඕඩර්ස් දීපු කට්ටිය.
akila Saturday, 25 March 2017 05:00 AM
මේ විදිහට උද්ගෝෂණ කරන සාමාන්‍ය මිනිසුන්ට හිතක් පපුවක් නැතිව වෙඩිතියන්න අණ දුන්නු නිසා තමයි පහුගිය වසර කිහිපයේ මැදපෙරදිග රටවල ගොඩක නායකයන්ට අන්තිමේදී ජීවිතෙන් වන්දි ගෙවන්න වුනේ
adiri Saturday, 25 March 2017 09:29 AM
මේ බුද්ධි අංශේ අයද ?
raawana Saturday, 25 March 2017 03:26 PM
දැන් මෙයාලට වෙඩි තියන්න නියෝග දීපු අයට මොකද වෙන්නේ?
rohan Saturday, 25 March 2017 04:32 PM
කතෝලික පල්ලිය ඇතුලට ඇවීත් වෙඩි තබා තිබෙන බව අරංචියි ඒවාට පරික්ෂණ නැතිද ?