IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘රතුපස්වල පරීක්ෂණ යළි අරඹන්න‘

ගම්පහ රතුපස්වල කර්මාන්ත ශාලාවක් ඉවත් කරන ලෙස ඉල්ලමින් 2013 අගෝස්තු පළමු වැනි දා කළ උද්ඝෝෂණයක දී හමුදා වෙඩි පහරින් තිදෙනකු මිය යෑම හා තවත් පිරිසක් තුවාල ලැබීම පිළිබඳව රහස් පොලිසිය ලවා විමර්ශනයක් කරවන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් පොලිස් මූලස්ථානයට ලිපියක් භාර දුන්හ.

වෙඩි තැබීම ආරම්භ වීමට මොහොතකට පෙර හා වෙඩි තැබීමෙන් පසු ඡායාරූප සහ වීඩියෝ ද පොලිසියට භාර දුන්හ.

එම ප්‍රහාරයෙන් මාධ්‍යවේදීන්ට පවා තුවාල සිදුවූ බවත්, මීට පෙර විමර්ශන පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය තුවාල ලැබූ මාධ්‍යවේදීන්ගෙන් හා සෙසු තුවාල කරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන නැති බවත් පොලිස් පතිට යැවුණු ලිපියේ සඳහන්ය.

උද්ඝෝෂකයන් හමුදාව දෙසට පෙට්‍රල් බෝම්බ ගැසූ බව පොලිසිය කීවත් ගැටුම ආරම්භ වීමට මොහොතකට පෙර ගත් ඡායාරූප පරීක්ෂා කරද්දී උද්ඝෝෂකයන් අත ඒවා නැතැයි පෙනී යන බවත්, උද්ඝෝෂකයන් බෝම්බ ගැසුවා නම් ඒවායේ කොටස් එතැන තිබී හමුවිය යුතු බවත්, නමුත් බෝම්බ කොටස් හමු නොවූ බවත්, බෝම්බ හමුවූවායැයි කියනුයේ සිද්ධිය වෙනතකට යොමුකර අපරාධකරුවන් බේරීමට බවත් එම ලිපියෙන් අවධාරණය කර ඇත.

පල්ලියේ වෙඩි තැබීමක් සිදුවී නැති බව කළින් කීවත් පල්ලියේ වෙඩි තැබීමක් වූ බවට ඡායාරූප හා ලේ පැල්ලම් ඇති තැන් පොලිසියේන පරීක්ෂා කරන ඡායාරූප එම ලිපියට අමුණා තිබිණි.

(එම ලිපිය පහත දැක්වේ)

28.01.2015

පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා,

පොලිස් මූලස්ථානය,

කොළඹ.

පොලිස්පතිතුමනි,

වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ගැමියන්ට වෙඩි තබා මරා දැමීම සම්බන්ධවයි

වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ වැලිවේරියේ ජනතාවට යුද හමුදා භටයන් ලවා වෙඩි තබා දැනට වසර එක හමාරකටත් වැඩිය. සාමාන්‍ය ගම්වාසීන්ට මෙන්ම මාධ්‍යවේදීන් ද එහි දී අපහසුතාවට පත් වූ අතර ගම්වාසීන්ට පහර දීම, තිදෙනකු වෙඩි තබා මරා දැමීම, තවත් විසි ගණනකට තුවාල සිදු කිරීම සහ මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.

තිදෙනකු මරා දැමීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කළ අතර ඔවුන් එක් පාර්ශ්වයකට වාසි වන අන්දමට පරීක්ෂණ මෙහෙයවූ බව බැලූ බැල්මට පෙනී යයි.

ඔවුන්ගේ මෙහෙයවීම මත සාක්කි දුන් සහකාර පොලිස් අධිකාරී ජයලත් බලගල්ල සහ වැලිවේරිය පොලිස් ස්ථානාධිපති එස් කේ උපාලි සාක්කි දුන් ආකාරය බොහෝ දෙනෙකුගේ හාස්‍යයට හේතු විය. ඒ ඔවුන් සිද්ධිය වසන් වන ආකාරයෙන් සාක්කි ලබා දුන් නිසාය. යුද හමුදාව එන අවස්ථාවේ සහකාර පොලිස් අධිකාරී බලගල්ල එතැන සිටියාදැයි එම අවස්ථාවේ ගත් ඡායාරූපවලින් අනාවරනය කර ගත හැකිවනු ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ අයගේ ප්‍රකාශවත්    කොළඹ අපරාධ කොට්ඨාසය සටහන් කර ගත්තේ නැත. පොලිසිය ප්‍රකාශ ගත්තේ ඔවුන්ට ඕනෑ කරන සාක්කි ඉදිරිපත් කරන පිරිසෙන් පමණි. අඩු තරමේ මාධ්‍යවේදීන්ගෙන් හෝ සාක්කි ගත්තේ නැත.

පැවැති පාලනයට බියේ සිද්ධිය ඇසින් දුටුවත් ප්‍රසිද්ධියේ කීමට ඉදිරිපත් නොවූවෝද බොහෝය. මෙවැනි හේතූ කාරනා රැසක් නිසා මෙම අපරාධය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වාධීන අපක්ෂපාතී නිලධාරීන් පිරිසක් ලවා (වර්තමාන අධ්‍යක්ෂ රණවීර යටතේ නොවේ) සිදු කර වැරදිකරුවන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලා සිටිමු.

ඉහත පරීක්ෂණ දෙකේ දී පහත කරුණු ගැන ද අවධානය යොමු කරන්නේ නම් වැදගත් වනු ඇත.

  • හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජල ප්‍රශ්නය ගැන පැවැති රැස්වීමක ප්‍රතිඵලය දැනුම් දීමට හමුදාව ආ බවත්, එහිදී ගම්වාසීන් නොසන්සුන් වීම නිසා එම තත්ත්වය ඇති වූ බවත් එකල සමහරු කීහ. එය සම්පූර්ණ අසත්‍යකි. සිද්ධිය වූ දා හිටපු ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැති අතර ඊට පෙර සියලු සාකච්ඡා ඵල රහිත වූ බැවින් ගම්වාසීන්ට විශ්වාසයක් තිබුණේ නැත.
  •  මේ නිසා සාධාරණ විසඳුමක් ඉල්ලා කළ උද්ඝෝෂණය එදින පස්වරු 3.53 වන විට වැලිවේරිය පමණක් නොව බැලුම්මහර හංදියට ද පැමිණ තිබිණි. ඊට සුළු වේලාවකට පසු බයික්වලින් හා වාහනවලින්   හමුදාවේ පිරිසක් ආහ. බ්‍රිගේඩියර් වරයකු බැලුම්මහර දී සියලු දෙනාට විසිරී යන ලෙස පැවසූ අතර ගම්වාසීන් තමන්ගේ ඉල්ලීම් ඔහු වෙත ඉතිරිපත් කරන්නට ගත් පසු ගම්වාහීන්ට පහර දුන්හ. පස්වරු 5.11 වන විට බලුම්මහර සිටි පිරිසට පහර දී හමුදාව වැලිවේරියට දෙසට යමින් සිටි අතර ලංකාදීප එසැණ වෙබ් අඩවිට එය එම වේලාවේම වාර්තා කර තිබිණි. එකල යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකව සිටි බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියට ඒ බව දැන්වූ විට ඔහු ලංකාදීප එසැණ වෙබ් අඩවියට කියා තිබුණේ ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වෙද්දී පාර හරස් කර විරෝතාවය පෑම නීරි විරෝධී බවයි.    එනම් හමුදාව පහර දෙන මොහොත වන විටත් රැස්වීම අවසන්වී නැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයෙන්ම තහවුරු වේ.
  • එම ප්‍රහාරයෙන් ටික වේලාවකට පසු හමුදා පිරිස වැලිවේරියට ද ගොස් ප්‍රහාර එල්ල කළහ. ආරක්ෂක ලේකම් සමඟ පැවැති රැස්වීම අවසන් වූයේ පස්වරු 6.30ට පමණය. ආරක්ෂක ලේකම්ගේ තීරණය දැනුම් දීමට හමුදාව පැමිණියා කීම සම්පූර්ණ අසත්‍යයකි.
  • උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස්, ජල ප්‍රහාර එල්ල කර අවසානයේ වෙඩි තැබූ බව ද සමහරු කියති. එය ද සම්පූර්ණ අසත්‍යයකි. හමුදාව මුලින්ම කළේ වෙඩි තැබීමයි. අතුරු මාර්ගවල දුවන ගම්වාසීන්ට පවා අතුරු මාර්ගවල එළවාගෙන ගොස් වෙඩි තැබීය. අතුරු පාරවල්වල තිබූ ගෙවල්වල සහ බිත්තිවල වෙඩි සලකුණු තිබිණි. එකළ විමර්ශන කළ පිරිස ඒවා මග හැර ඇත.
  • කතෝලික දේවස්ථානය (පල්ලිය) තුල වෙඩි තැබීමක් සිදු නොවු බව පුණ පුණා කීවත් පල්ලියේ වෙඩි වැදීමකින් තුවාල වූවකු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර ඔහුගේ ප්‍රකාශ එකළ මාධ්‍ය වල පළ විය. පල්ලිය තුල වෙඩි තැබීමක් සිදු නොවූයේ නම් පල්ලියේ වෙඩි සලකුණු තිබුණේ කෙසේද? පොලිස් සොකෝ නිලධාරීන් පල්ලිය තුළට ගොස් වෙඩි වැදුණු තැන් ගැන විමර්ශන කළේ ඇයි? (ඡායාරූප ඇත)
  • වෙඩි තැබීම සිදුවූ රාත්‍රියේ පැය ගණනක් වන තුරු වැලිවේරිය නගරයට කිසිවකුට ඇතුළු වීමට ඉඩ නොලැබුණු අතර පැය ගණනක් සම්පූර්ණ පාලනය හමුදාව යටතේ පැවැතිණි. එදින රාත්‍රී පොලිස් සොකෝ නිලධාරීන් විමර්ශන ඇරැඹූහ. ඒ අතර ජල බවුසර ගෙනැවිත් පාරා හෝදා හැරීය. (ඇසින් දුටු පිරිස් සිටිති) බුලට් අහුලා ගත්තේය. මහේස්ත්‍රාත්වරයා එක්කාගෙන ආවේ පසුව නිර්මාණය කළ පරිසරයකටය.
  • උද්ඝෝෂකයන් පෙට්‍රල් බෝම්බ ගැසූ බව ද පොලිසියේ සමහරු කීහ. එය සම්පූර්ණ අසත්‍යයකි. එතැන සිටියවුන් පෙට්‍රල් බෝම්බ නොගැසූහ. පෙට්‍රල් බෝම්බ ගැසුවේ නම් ඒවායේ කොටස් ප්‍රදේශයේ වැටී තිබිය යුතුය. නමුත් විමර්ශන කණ්ඩායම් පෙට්‍රල් බෝම්බ කොටස් සොයා ගත්තේ නැත.  ඒවා නඩු භාණ්ඩ ලෙස නම් කළේ ද නැත.
  • එමෙන්ම උද්ඝෝෂකයන් වෙඩි තැබූ බව කීමද අසත්‍යයකි. උද්ඝෝෂකයන්ගේ ඡායාරූප හොඳින් නිරීක්ෂණය කරද්දී පෙනී යන්නේ ඔවුන් අත කිසිවක් නැති බවයි.
  • මෙම සාක්කි විනාශ කිරීමට හෝ විකෘත්ති කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂගේ හෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ සම්බන්ධයක් ඇත්දැයි සෙවිය යුතුය.
  • එක් පාසල් සිසුවකුට වෙඩි වැදී තිබුණේ අතුරු මාර්ගයක දුව යද්දීය. ඔහුට වැදුණු තැන නිවසේ ගේට්ටුවේ ද වෙඩි සලකුණු තිබිණි. තවත් තුවාල ලැබූවකු ප්‍රකාශ කළේ හමුදා භටයන් තමන්ගේ ගෙල පෑගූ බවයි. හමුදා භටයන් ගෙවල්වලට ගොස් ගෙවල් වල සිටියවුන්ට පවා පහර දුන්හ. පොලිසිය තුළට ගොස් පොලිසියේ සිටි ගමියන්ට ද පහර දුන්හ.
  • ප්‍රහාරයට පැමිණි හමුදාවේ පිරිස විවිධ අකාරයේ නිල ඇඳුම්වලින් සිටිති. ඔවුන් කුමන රෙජිමේන්තුවකට අයත්ද යන්න සහ එක් පුද්ගලයකුගේ හිතවත්කම් මත කැඳවූ පිරිසක් ද යන්න  සෙවිය යුතුය. සිවිල් ඇඳුමෙන් හමුදා භටයන් ආවේ ඇයිද යන්නත් සෙවිය යුතුය.

ඉහත දැක්වූ කාරණ ගැන විමර්ශනයේ දී අනාවරණය කරන්නේ නම් සත්‍ය තොරතුරු රැසක් හෙළි වනු ඇත. සිද්ධිය ඇසින් දුටුවන්ගේ ප්‍රකාශ හා තුවාල ලැබූවන් පිළිබඳ විස්තර ඡායාරූප ද සහිතව මේ සමග ඉදිරිපත් කරමු. දින සියය ඇතුළත විමර්ශන පවත්වා වැරදිකරුවන්ට ද දඩුවම් දෙනු ඇතැයි අපි බලපොරොත්තු වෙමු.

මීට,

ගම්වාසීන් පිරිසක් සහ මාධ්‍ය වේදීහු පිරිසක්

ඇමුණුම් -

001 ඡායාරූප (සීඩී තැඩියේ ඇත)

002 සාක්කි සටහන් කර ගත යුතු වැදගත් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව

003 වීඩියෝ දර්ශන (සීඩී තැඩියේ ඇත.)

 පිටපත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා

ඇමැති පාඨලී චම්පික රණවක මහතා

ඇමැති ජෝන් අමරතුංග මහතා

ඇමැති ගයන්ත කරුණාතිලක මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි

මාදුළුවාවේ සෝභිත හිමි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා

ශ්‍රී ලංකා මානව හිකම් කොමිසම



අදහස් (0)

‘රතුපස්වල පරීක්ෂණ යළි අරඹන්න‘

නාමල් Saturday, 31 January 2015 12:21 AM

මේවා හිටපු අය කරපු මිනීමැරුම්. ඔහුව අත් අඩංගුවට ගන්න. (නදී)

:       0       0

කල්පගේ Saturday, 31 January 2015 04:48 AM

ඇත්ත. පරීක්ෂණයක් පවත්වන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site