IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රතුපස්වල දෙවර්ෂ පූර්ණය උද්ඝෝෂණය ඉරිදා

ගම්පහ රතුපස්වල ජල ගැටළුව ගැන පැවැති උද්ඝෝෂණයට වෙඩි තබා තිදෙනකු මිය යෑමේ සිද්ධිය වසර දෙකක් සපිරීම නිමිත්තෙන් විශේෂ රැලියක් ඉරිදා (09) සවස 3.00ට රතුපස්වල කම්හල ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතය.

රතුපස්වල කම්හලක් නිසා ජලය අපවිත්‍ර වන බව කියමින් හා එනිසා අපිරිසිදු වූ ජලය වෙනුවෙට පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙස ඉල්ලා 2013 අගෝස්තු පළමු වැනි දා පැවැති උද්ඝෝෂණයට වෙඩි තැබීමෙන් තිදෙනෙක් මිය ගියහ. මාධ්‍යවේදීන් ඇතුළු 50කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

‘‘රතුපස්වල වෙඩි තබා වසර දෙකයි ; උද්ඝෝෂණය කළ ගැමියන්ට නඩු, වෙඩිතැබූවන් නිදැල්ලේ‘‘ මැයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ රතුපස්වල ගම්වාසීන් සංවිධානය කරන මේ රැස්වීමට තුවාල ලැබූ ගම්වාසීන්, පුරවැසිබලය සංවිධානය, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ ‘යං ප්ලේයර්ස්‘ වීදි නාට්‍ය කණ්ඩායම ඇතුළු පිරිසක් සහභාගී වෙති.

රතුපස්වල ජල සටනේදී තුවාල ලැබූවන්ට වන්දි ලබා දෙන ලෙසත්, සහන මිලට ජල සම්බන්ධතා ලබා දෙන ලෙසත්, නඩු පැටැළවූ ගම්වාසීන්ට සාධාරණය ඉටු කරන ලෙසත්, වැරදිකරුවන්ට දඩුවම් දෙන ලෙස බල කිරීම හා ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් එම ඉල්ලීම් ඉල්ලා   මහජන පෙත්සමක් අත්සන් කිරීම මේ රැලියේ අරමුණ බව සංවිධායකයෝ කියති.

 



අදහස් (0)

රතුපස්වල දෙවර්ෂ පූර්ණය උද්ඝෝෂණය ඉරිදා

මංජු Friday, 07 August 2015 08:48 AM

මේ කාලයේදී මේ වගේ රැස්වීම් තියන්න මැතිවරණ කොමසාරිස් අවසර දෙනවද ? (නදී)

:       0       0

කැළුම් Friday, 07 August 2015 09:03 AM

ෂෙල්ටන් මොනවද කියන්නේ. මෙම ප්‍රදේශයේ ජලයේ ආම්ලික බව තව වසර 25 කට වත් ඉවර වෙන්නේ නැහැ. මෙම කම්හලේ අපද්‍රව්‍ය මෙම ප්‍රදේශය පුරාම විසුරුවා තිබෙනවා. මේවා ක්‍රමයෙන් බුගත ජලයට එකතු වෙනවා. මෙයට දේශපාලන සම්බන්දයක් නැහැ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 07 August 2015 09:05 AM

එදා පැවැති ඒකාධිපති බිෂණය ගැන නැවත නැවත ජනතාව අවදි කරන්න ඕනේ.(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 07 August 2015 09:09 AM

රතුපස්වල අසරණ මිනිසුන්ට වෙඩි තියන්න නියෝග දීල තියෙන්නේ හරියට ත්‍රස්තවාදීන්ට වෙඩි තියන්න නියෝග දීල වගේ."පට පට" ගාලනේ වෙඩි තියන්නේ.(නදී)

:       0       0

රංගන Friday, 07 August 2015 09:33 AM

පෙරේරා මහත්තයා හරියටම හරි. මටත් ඔය සිද්ධියට මුහුණ දෙන්න සිද්ධ වුනා නොසිතු මොහොතක අතරමගදි, ඇගේ ලේ වතුර වෙලා හිට්යේ ගෙදරට ගොඩවෙනකම්(නදී)

:       0       0

කමලා Friday, 07 August 2015 10:01 AM

දුමින්ද කවදාද ඹය වහල් කමින් මිදෙන්නේ? තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීම සැබෑ පුරවැසියන්ගේ යුතුකමක් ඹහුන් සටන් කලේ ජලය වෙනුවෙන් ජලය මානව අයිතියක් ඹබලා වැනි වහලුන් සිටිනාතුරු ලංකාවට ගොඩ ඵ්මක් නැත (නදී)

:       0       0

ජූලම්පිරිය Friday, 07 August 2015 10:22 AM

මේම සිද්ධියට අණ දුන් පුද්ගලයින්ටත් දඬුවම් ලබා දිය යුතුයි. මෙය සුළු පටු අපරාදයක් නොවේ. (අ)

:       0       0

ලෙස්ලි ජයවර්දන Friday, 07 August 2015 10:25 AM

ගම්පහ ජනතාවට රාජපක්ෂල එපා වුණේ මේ සිද්ධියෙන් පසුවයි (අ)

:       0       0

වැකෝ Friday, 07 August 2015 06:06 AM

මෙම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට උද්ඝෝෂණයක් අවශ්‍ය නැත. මෙය තවත් මුලපෙරීමක් වනු ඇත. (ම)

:       0       0

ෂෙල්ටන් Friday, 07 August 2015 06:06 AM

දැන් මොකටද පානිය ජලය... කම්හල වහල දමලානේ. භූගත ජලය දැන් අපිරිසිදු වෙන එකක් නැහැ. (ම)

:       0       0

පෙරේරා Friday, 07 August 2015 06:09 AM

මහින්ද මහත්තයෝ ඔබට අවුරුදු 26 කට පෙර භීෂණය මතකයි. නමුත් වසර 2 කට පෙර ඔබේ ආණ්ඩුවෙන් කළ ඝාතන මතක නැහැ නේද ? (නදී)

:       0       0

දුමින්ද Friday, 07 August 2015 06:11 AM

ත්‍රස්තවාදයට බිලි වුණ අයට නැත එවැනි සැමරුම් (ම)

:       0       0

වයිකෝ Friday, 07 August 2015 10:59 AM

ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැති ඇමති මාර්ගයෙන් මේ ප්‍රශ්න එදිරිපත් කරන්න බැරි මොකද? එකතමා ප්‍රජාතන්ත්‍රවාදය. (අ)

:       0       0

ගාමිණී Friday, 07 August 2015 06:27 AM

අපිත් රතුපස්වල ජනයාට සහය වෙමු. මිය ගිය සහ තුවාල ලැබුවන්ට වන්දි දෙනවාද? (නදී)

:       0       0

දිල්රුක්ෂි Friday, 07 August 2015 11:12 AM

සමහරුන්ට නම් දැන් මේ සිද්ධිය අමතකත් ඇති (නි)

:       0       0

ජයසිංහ Friday, 07 August 2015 06:54 AM

ඡන්දයක් ළංවෙද්දි එළිබහින සිද්ධි ඕව. අනික තමා ඔය සිවිල් සංවිධාන වල ක්‍රියාව අපි හොදට දන්නවනේ (බ)

:       0       0

සඳුන් Friday, 07 August 2015 09:21 PM

වයිකෝ,කවදාද නිදාගෙන ඉඳලා නැගිට්ටේ? ඒ මිනිස්සු ඔය මාර්ග වලින් ඉල්ලලා නොලැබුන තැන තමයි උද්ඝෝෂණය කළේ. ලංකාවේ දේශපාලකයන් ගැන දන්නේ නැද්ද? බැරි තැන උද්ඝෝෂණයත් ප්‍රජාතන්ත්‍රවාදය තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site