IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රතුපස්වල කාණු කපන්න පොලිස් ආරක්ෂාව

පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාවට කඩිනමින් නළ ජලය ලබා දීම සඳහා ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් කාණු කපා ජල නල එළති.

රතුපස්වල-නැඳුන්ගමුව ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව යටතේ කාණු කපති.

 

 



අදහස් (0)

රතුපස්වල කාණු කපන්න පොලිස් ආරක්ෂාව

චන්දා Thursday, 15 August 2013 06:11 PM

නිදහස් අධ්‍යාපනයට පින් සිදුවෙන්නට ලබාගත් දැනුමට ණයක් නොවෙන්න, රටේ උන්නතියට යම් තරමක හෝ සමාජ මෙහෙවරක් වෙතැයි සිතමින් පෙර ගමන්කරුවන් ලෙස අදහස් දක්වන්නට යෙදු කාලයට තිත තබනු මිස කුමට කවට සිනා කෙලි, ඉදින් සබඳ ආයුබෝවන්... (නි)

:       0       0

දයා Thursday, 15 August 2013 11:33 AM

ඊළඟට නල ජලය අපිරිසිදු වෙයිද? (ස)

:       0       0

සුපුන් Friday, 16 August 2013 10:24 AM

මේ අයට වෙන කරන්න දෙයක් නැහැ දැන් (නි)

:       0       0

අචිනි Thursday, 15 August 2013 11:54 AM

කාගෙන් ආරක්ෂා වෙන්නද පොලිසිය දාලා තියෙන්නේ, අයෙත් හමුදාව ඇවිත් වෙඩි තියි කියලද ..? මට නම් තේරෙන්නේ නෑ (අ)

:       0       0

අජිත් Thursday, 15 August 2013 07:04 PM

අසේල තොත්ත බබා. පසේ ඇසිඩ් තියෙන්නේ කොහොමද කියල දන්නෙම නැතුව ඇති. අපි වගේ කට්ටිය ඉන්න නිසා තමයි අසේල මේගොල්ලන්ගේ කෙරුවාව ගැන නිවැරදිව නිර්භයව අදහස් දාන්නේ. අපි හොඳ දේ අගය කරනවා. ඒත් අපි , අපි වගේ දුප්පත් ජනතාව කබලෙන් ලිපට දාන වැඩ අනුමත කරන්නේ නැහැ. (නදී)

:       0       0

අජිත් Thursday, 15 August 2013 12:13 PM

මේකත් එක්තරා අන්දමක ජනතාව ඇන්දවීමක්.ගණන් ගන්න එපා. මෙහෙ කවුරුවත් අකමැති නැහැ පිරිසදු ජලය දෙනවට. මෙච්චර කල් ගෙදර ලිඳෙන් නොමිලේ ගත්තු ජලය වෙනුවට නල ජලය අරන් මුදල් ගෙවන්න උනොත් තමයි මිනිස්සු අකමැති. (ස)

:       0       0

රවිනාත් Thursday, 15 August 2013 12:24 PM

රතුපස්වල කියන්නේ එක ගම්මානයක් විතරයි. භූ ගත ජලයේ පී එච් අගය අඩු වූ බව සනාථ වී ඇති අවට කිලෝ මීටර් 10 පමණ සියලුම ගම්මාන මේ සැලැස්ම යටතේ ජලය ලබා නොදෙන්නේ නම් එයට හේතු කවරේද? මේ සැලැස්ම ඒ අවට තිබෙන කර්මාන්තශාලා වලට ජලය ලබාදීම නොවේද? (ස)

:       0       0

ගුණේ Thursday, 15 August 2013 12:33 PM

ඊළගට වතුර බිලට මහපාරට බහින්ඩ ලැස්ති වෙන්ඩ. (ස)

:       0       0

සම්පත් Thursday, 15 August 2013 12:48 PM

පිස්සු කියවන්නේ නැතුව ඉන්න දයා .. මොනවා කරත් හොඳ වැඩේට හොඳයි කියන්න පුරුදු වෙන්න. නිකන් බාල අදහස් දාන්නේ නැතුව. (ස)

:       0       0

නිමල් Thursday, 15 August 2013 12:51 PM

මම අසා ඇති ලෙසට ඇසිඩ් වලට ස්ලෝන් බට පමණක් නොව යකඩ බටද දිරයි. මෙම පසෙහිත් තද බල ලෙස ඇසිඩ් මිශ්‍රවී ඇත්නම් එසේ නම් මෙම බට දිරායාම වැලැක්වීම සඳහා ආරක්ෂක පියවර ගන්නවද.නැතිනම් එසේ ගත පියවර කොන්ත්‍රාත්කරුගේ මුදලට යටවී දුර්වල කරනවද. (ස)

:       0       0

උපාලි Thursday, 15 August 2013 01:18 PM

ඇයි පොලිස් ආරකෂාවක්? තමන්ට වතුර දෙනවට අකමැති මිනිස්සුත් ඉන්නවද? වැඩේ හොඳ වුනත්, ගුණේ කියනවා වගේ වතුර බිල් එනකොට නම් අවහිර කරන්න පාරක් ඕන වෙනවා. (ස)

:       0       0

සිසිර Thursday, 15 August 2013 08:57 PM

මේවා මතක් වන්න මළගෙයක් දකින්නම ඕනෑ (නි)

:       0       0

පිටිගල Thursday, 15 August 2013 09:30 PM

නල ජලය නිකම් දෙයි කියලා කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒක හීනයක් විතරයි. අනික නිකම් දුන්නොත් අපේ ඇයට ටැප් එක වහන්න අමතක වෙනවා.වතුර ලීටරයෙන් කරන්න පුළුවන් දේට ගැලුමක් ඕනෑ වෙනවා. ඉතින් කොහොමද නිකම් දෙන්නේ? (නි)

:       0       0

උදය​ Thursday, 15 August 2013 02:03 PM

අපරාදෙ කාපට් පාර​. ඊලඟට පාර කැඩිල කියල උද්ඝෝණ කරන්න... (ස)

:       0       0

අසේල Thursday, 15 August 2013 02:16 PM

අජිත් වගේ අය ඉන්නකන් මේ රටට කවදාවත් ගොඩ එන්න බැහැ.අනික පසේ ඇසිඩ් තියෙනවනම් මොන එහෙකටද පාරවල් වහගෙන මැරුම් කෑවේ.(ස)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 15 August 2013 04:03 PM

මෙතන කිවාරු ගහන කී දෙනෙක් රතු පස්වල ගිහින් තියෙනවද ? රතුපස්වල කියන්නේ බොහොම සශ්‍රික පලාතක් වගේම සුන්දර ගම පියසක්

:       0       0

කඩවත හේමසාර හිමි Friday, 16 August 2013 06:05 AM

ඔය කාණු කැපුවට මිනිසුන්ට වතුර ගන්න සල්ලිකෝ . වතුර ටික නොමිලේ දෙනවනම් හොදයි නේද .?(නදී)

:       0       0

දුමිත් Friday, 16 August 2013 06:36 AM

මිනිස් ජීවිත හානි වෙන්න කලින් මේවට විසදුම් දුන්නා නම් කොයිතරම් වටිනවද? (නි)

:       0       0

වීනු Friday, 16 August 2013 06:52 AM

හරියට පොලිස් ආරක්ෂාව දාන්නේ මහජනතාව කොටි වගේනේ? ලංකාවේ ආශ්චර්ය .... (නි)

:       0       0

දසුනි Thursday, 15 August 2013 05:19 PM

රට ගැන නොහිතන මිනිස්සු ඉන්න එකම රට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site