ගම්පහ රතුපස්වල කර්මාන්ත ශාලාවකින් ජලය අපිරිසිදු වන බව කියමින් හා පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ කළ උද්ඝෝෂණයට යුද හමුදාව එවා වෙඩි තබා තිදෙනකු මරා දැමීම හා විශාල පිරිසකට තුවාල සිදුකිරීම ගැන මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විරෝධය පළ කරයි.
එම සිද්ධියට අදට (01) වසර දෙකක් සම්පූර්ණ වෙයි. උද්ඝෝෂකයන්ට පහර දීමෙන් හා වෙඩි තැබීමෙන් යුද හමුදාව බලය අයුතු ලෙස භාවිත කර ඇතැයි අනාවරණය වූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියා තිබිණි.
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියනුයේ සිද්ධියෙන් තුවාල ලැබූ කිසිවකුට මෙතක් වන්දි ලබා දී නැති බවයි. සිද්ධියේදී පීඩනයට පත් වූ මාධ්‍යවේදීන්ට ද මෙතෙක් සාධාරණයක් ඉටුවී නැති බව ද එම සංගමය සදහන් කරයි.
රතුපස්වලට යුද හමුදාව ගෙන්වූ හා වෙඩි තැබීමට අණ කළ පිරිසට එරෙහිව හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද, අගතියට පත්වූවන්ට වන්දි ලබා දෙන ලෙස ද රජයෙන් ඉල්ලන තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය හැකි ඉක්මනින් එවැන්නක් සිදු නොවුනහොත් එම ජනතාව සමග දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද පවසයි.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘රතුපස්වලට සාධාරණය ඉටු කරනු‘
තිලක්-ඩුබායි Sunday, 02 August 2015 03:15 AM
අසරණ ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දුන්නු අයට ජන්දයෙන් පිළිතුරු දෙන්න.(ම)
තිලක්-ඩුබායි Sunday, 02 August 2015 03:16 AM
රාජපක්ෂලාට ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවානම් අසරණ මිනිසුන් ඉදිරියට ඇවිත් ජන්දේ ඉල්ලන්නේ නැහැ.(ම)
විජිත Saturday, 01 August 2015 03:24 PM
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ජුලම්පිටියේ Saturday, 01 August 2015 05:48 AM
හිටපු ජනාදිපතිතුමා රතුපස්වලට ඇවිත් ජනතාවගෙන් සමාව ගත යුතු අතර, නව රජය මගින් වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු අතරම තුවාල වුවන්ට වන්දි ලබා දිය යුතුයි. ජනතාව විසින් එම වැරදි කල නායකයින්ගේ පක්ෂයට ඡන්දය නොදී පරාජය කිරීමෙන් දඬුවම් දිය හැකියි.(නදී)
දුමින්ද Saturday, 01 August 2015 05:57 AM
ප්‍රබකරන් විනාශ කරන්න ගිය අයත් ඔතන ඇති (නදී)
දුමින්ද Saturday, 01 August 2015 05:58 AM
මොලේ පාවිච්චි කලා නම් රටේ ජනතාවට පුළුවන් සාදාරණය ඉටුකරන්න. හමුදාව යොමු කරපු අයට, එම නිලාදාරියට පසුව වරප්‍රසාද දීපු කෙනා, එම ආයතනයේ මුදල් යොදවන ලද කෙනා, ආණ්ඩු පක්ෂේ ඉඳගෙන අැහැ කන් පියන් හිටපු මීම්මුන්ට, ඔක්කොම නොදැක්ක වගේ ඉදල සල්ලි ටිකක් දීල වැඩේ යට ගහපු මහා හොරාට, සිංහල ජාතිය ගැන බොරුවට වේදිකාවේ උඩුබුරලන හැඩයන්ට මේ එන මැතිවරණයේදී කෘත ගුණ සලකත හැකියි. එ්ත් ඉතින් (නදී)
සෑම් Saturday, 01 August 2015 06:02 AM
මේකේ වරද මෙතනට හමුදාව යැවූ තැනැත්තාගෙයි. පොලිසියෙන් ඉල්ලීමක් කරන්නෙත් නැතුව හමුදාවෙන් යවලා වෙඩි තියන්න අණ දුන්න එක්කෙනා කව්ද කියලා සාමාන්‍ය මහජනතාවට නම් රහසක් නොවේ (නදී)
විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 05:29 PM
ඡන්ද කිට්ටු වෙනකොට පුදුම සංගම් තොගයක්නේ බිහිවෙන්නේ. (නි)
දීෂණ Saturday, 01 August 2015 07:02 AM
කවුද මේ ? වතුර ප්‍රශ්නෙත් විසදුවා නම් ?(නදී)
දහම් Saturday, 01 August 2015 07:02 AM
කවුද අප්පා මේ තරුණ මාධ්‍යෙව්දීන්. දැනගන්න ආසයි. (නදී)
රංජිත් Saturday, 01 August 2015 07:03 AM
මේ ගොල්ලන්ට කොම්පැනියෙන් ගානක් ඕන වෙලා වගේ (නදී)
ෂෙල්ටන් Saturday, 01 August 2015 07:24 AM
දැන් වතුර වල පී.එච් අගය හරිද. අගේට දුවපු කම්හල වහගත්ත මිනිසුනේ දැන් ඒවාට උඩගෙඩි දුන්න එජාප ආණ්ඩුවෙන් මොනවද ලැබුනේ කියල හිතපල්ලා. (නදී)
අජිත් කරුණාරත්න Sunday, 02 August 2015 01:32 AM
දැන් දැන් සිද්ධවෙන දේවල් වල අනාගත ප්‍රතිඵල කොහොම වෙයිද කියලා කියන්න දෙයියෝ තමයි දන්නේ. (නි)