
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
ටාටා සන්ස් සමූහ ව්‍යාපාරයේ වත්මන් සභාපති එන් චන්ද්‍රසේකරන්, පවසා ඇත්තේ, තමන්ට හොඳ මිතුරෙකු සහ මාර්ගෝපදේශකයකු අහිමි වූ බවය.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන්, රතන් ටාටා, පසුගිය දා මුම්බායි නුවර බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කළ බවත් එහිදී ඔහු අභාවප්‍රාප්ත වූ බවත් පැවැසෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, සොව පළ කරමින්, සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් පවසා ඇත්තේ, රතන් ටාටා දූරදර්ශී නායකයකු සහ දයානුකම්පිත, අසාමාන්‍ය මනුෂ්‍යයකු බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාරනායක හා අනුගාමිකයන්ගේ ඊර්ෂ්‍යාව හා කෙනෙක් දියුණුවීමට ඇති අකමැති ක්‍රමයේ දේශපාලනය ඉන්දියාවේත් තිබුනා නම් මේ සමාගම දියුණුවට පත්වන්නේ නැහැ.උදාහරණයක් හැටියට අත් ට්‍රැක්ටරය නිපදවීම කලාම ඒකට අවසරය දුන්නෙ නැහැ ඊට පස්සෙ එය ජජපානය නිෂ්පාදනය කලාම ගෙනවිත් විනිමය නාස්ති කරනවා බොහෝ කලකට පෙර හෙලිකොප්ටරය හදන්න ගියාම ඕක හැදුවොත් රටට අනතුරු වෙනවා කියලා බණ්ඩාරනායක ක්‍රමයෙන් බැහැර කෙනෙක් අවසර දුන්නෙ නැහැලු එහෙම දේවල් කොතරම් තිබුනාද අනාගත පරපුරට දියුණුව නොදුටු පාලකයො රටේ සංවර්ධනය අඩාල කලා කියන්න පුළුවන් (අභාවප්‍රාප්ත ටාටා සභාපති දිනක් තමන්ගෙ සමාගමට යයද්දී යතුරු පැදියක මව පියා හා දරුවො දෙදෙනෙක් යද්දී වැස්සකට හසුවී පැය ගණනක් ටැෆික් එකක තෙමිතෙමී රැදී සිටිනවා දැකල අඩු වියදම් ටාටා කාරය නිෂ්පාදනය කෙරෙව්වා කියලා අහල තියෙනවා )
සාමාන්‍ය මිනිස්සු ගැන ඇත්තටම සහකම්පනයක් තිබ්බ මනුස්සයෙක්. ස්කූටියක තෙමි තෙමි යන පවුලක් දැකලා. ඉන්දීය රුපියල් ලක්ෂයකට දෙන්න පුළුවන් ටාටා නැනෝ කාර් රථය මෙතුමාගේ උපදෙස් මත නිර්මාණය කල බව අසා ඇත.
බන්ඩාරනායකලා දේශීය කර්මාන්ත හා නිශ්පාදන ප්‍රවර්ධනය කළ බවත් ආරක්ෂා කළ බවත් නන්නත්තාර වී රස්තියාදු ගහන මහතාට මතක් කර දීමට කැමැත්තෙමි...