IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි

(අජිත්ලාල් ශාන්තඋදය)

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැතිවරණ නාමයෝජනා පත්‍රයට ඇතුලත් වී නැත.

එහි මුලින්ම නම සඳහන්ව ඇත්තේ කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අංකුඹුර ආරච්චිගේ හේෂාන් විජය විතනගේ මහතාගේ ය.

මෙම නාමයෝජනා පත්‍රය රත්නපුර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී වසන්ත ගුණරත්න මහතාට බාරදීමෙන් පසු වෙනත් නාමයෝජනා ලැයිස්තු මෙන් එහි ද පිටපතක් මහජන ප්‍රදර්ශනයට අලවා ඇත.

 



අදහස් (31)

රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි

de silva Friday, 11 October 2024 01:00 PM

ඉස්සර මෙන් එකම පක්ෂෙකට ඡන්දෙ දෙන ඡන්ද දායකයෝ දැන් අඩු නිසා , පාවෙන ඡන්ද ප්‍රමාණය වැඩි නිසා, ආන්දෝලනාත්මක චරිත සිටින ලැයිස්තු වලට මිනිස්සු ඡන්දෙ දීමෙන් වැළකිලා සිටින නිසා ඉදිරියට බොහෝ පක්ෂ තම ලැයිස්තුවලින් මෙවැනි චරිත ඉවත් කරන්න කටයුතු කරාවි. මේක හොඳ ප්‍රවණතාවයක්...! 

:       3       155

maalaka Friday, 11 October 2024 01:18 PM

මෙයා මේකට මොන විදිහට ප්‍රතිචාර දක්වයිද කියලා බලාගෙන ඉන්නවා.

:       2       81

පියනන්ද Friday, 11 October 2024 01:22 PM

"අලුයම ලූ කෙළ පිඩක් සේ..." කියලත් ආවා නම් තමා වඩාත් ලස්සන!

:       2       83

ගමේ එකාලා Friday, 11 October 2024 01:31 PM

ජනතාවගේ අප්‍රසාදය හමුවේ තමුන්ගේ නම අයින්කර ගත්තා වෙන්ඩ බැරිද? මෙයාටත් පාර්ලිමේන්තු යන්ඩ පොඩි ආසාවකුත් තිබුණා.

:       2       64

අරවින්ද මොනරවිල Friday, 11 October 2024 01:34 PM

බස් ඩ්‍රයිවර් රැවටුණා... පයිලට් කෙනෙක් කියලා, අන්තිමට දමිතාට බස් එකත් නැහැ. ප්ලේන් එකත් නැහැ.

:       3       96

thilakFriday, 11 October 2024 02:44 PM

දවසේ කියමන

:       2       34

විපරමා Friday, 11 October 2024 01:54 PM

මදෑ ඡන්දේ ඉල්ලන්න ගිහින් වෙච්චි වැඩේ. පුදන කොටම කාපි යකා කිව්වාලු?

:       2       55

Swarna Friday, 11 October 2024 02:00 PM

නම ඇතුලත් නොවීම බොහෝම හොඳයි. සුදුස්සන්ට තැන දෙන්න ඕනෑ. මෙයාට ඡන්දෙ ඉල්ලන්න මොන සුදුසුකම්ද තියෙන්නේ. කට හද හදා කතා කරන්න ජරා කටක් තියෙන එක තමයි එකම සුදුසුකම...!

:       1       50

ranjith Friday, 11 October 2024 02:22 PM

මොන පක්ෂයෙන් වුණත් මේ වගේ මැටි චරිත පාර්ලිමේන්තු එවන්න එපා. පාර්ලිමේන්තුවටත් විහිළුවක් වේවි..

:       2       61

විකුම් Friday, 11 October 2024 02:23 PM

කිව්වා හෑලි එක දිගටම සජී ගැන අවසන් ලක් අම්මා ආ ගිය තැනක් නැත...

:       1       40

nanda Friday, 11 October 2024 02:27 PM

අපෝ තව ගලි බවුසරයක් පාර්ලිමේන්තුවේ ගලි බවුසර ටික අයින් කරලා විතරයි. තවත් ඒවා එන්න හදනවා.

:       2       41

කුකුල් චමින්ද Friday, 11 October 2024 02:47 PM

ලක් අම්මේ...ඔයා ස්වාධීනව මැතිවරණෙට එන්න...මගෙන් බත් නොකාපු හරක් ටිකක්, ඔයාගේ නම කපපු හේෂාට නැතිව ඔයාට ඡන්දය දේවී.

:       2       28

Anu viraj Friday, 11 October 2024 03:01 PM

හොඳ වේලාවට.. දැන්නම් ඇපත් නෑ.

:       1       29

Swarna Friday, 11 October 2024 03:21 PM

මේ වගේ කෙනෙකුට ලක් අම්මා කියන වචනය දැන්වත් නවත්වන්න. ලක් අම්මා කියන වචනය සුදුසු කෙනෙකුට කියන්න. ඒ වචනයට අපහාස කරන්න එපා. මේ වගේ අයට නාම යොජනා දෙනවාට වැඩිය හොඳයි මී හරකෙකුට දෙන එක...

:       2       41

don Friday, 11 October 2024 03:26 PM

අප්පට සිරි... මෙච්චර කල් හොඳයි කියපු සජි අද ඉඳන් ඉවරයි. මෙච්චර කල් හොඳයි කියූ සමගි ජනබලවේගයත් අද ඉඳන් ඉවරයි.

:       3       25

wimal Friday, 11 October 2024 03:43 PM

අයියෝ අපිට කෙලවෙනවෝ, එකත් නැතිවුණා, රත්නපුරයෙන් නෙවෙයි ඉල්ලන්නේ අන්තපුරයෙන්...

:       1       21

බද්රානි Friday, 11 October 2024 03:50 PM

කට හැකර නිළියකට ලබා දිය යුතු සුදුසුම දඬුවම ලබා දුන් අදාළ පාර්ශවයන්ට මගේ ගෞරවනීය ප්‍රණාමය! මෙවැනි කට හැකර වාචාල පිරිමි හා කාන්තාවන් ඔවුන්ගේ විවිධ රංගන තුළින් මේ සමාජය ඉතාම බිහිසුණු ලෙස අපහරණය කරමින් සිටිනවා.. මේ තත්වය වෙනස් විය යුතුමයි. අනික මේ කාන්තාව වංචනික ක්‍රියාවකට සම්බන්ධ සැකකාරියක්. දේශපාලනික දැනුමෙන් හා පරිණත භාවයෙන් පිරුණු වත්මන් ජනාධිපතිතුමාට අපහාසාත්මක ආකාරයෙන් කතා කරන්න මේ වාචාල කාන්තාවට තියන දේශපාලන දැනුම කුමක්ද..? තමන්ගේ තරම දැනගෙන කටයුතු කරන්න කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ... හිතාගෙන ඉන්නේ පිටපතට අනුව කැමරාව ඉදිරියේ රඟන එක දේශපාලනයට සුදුසුකමක් කියලාද..? කරත්තේ බඳින්න සුදුසු අය කතා කරන්නේ ප්ලේන් එලොවන එක ගැන..? ඒකයි මට තියන දුක...

:       3       43

kamal Friday, 11 October 2024 03:58 PM

මේක හරියට වැසිකිලියට ගියාම, වැසිකිලි පෝච්චිය හොරු අරන් ගිහින් වගේ වැඩක්නේ...

:       1       26

Jayasekara Friday, 11 October 2024 04:14 PM

ඕක හින්දා දැන් රනිල්ට හේත්තු වෙයිද දන්නේ නැහැ .එහෙමට ය මුන්නම්

:       1       27

siri Friday, 11 October 2024 05:13 PM

මෙයා දැම්මානම් තියෙන ඡන්දත් නැතිවෙනවා.

:       1       19

රටවැසියා Friday, 11 October 2024 05:17 PM

ලක් අම්මගේ දිරිය කත... රත්නපුරෙන් දුන්නු කැත...

:       1       19

sathyapala Friday, 11 October 2024 05:26 PM

"මාළුවා නහින්නේ කට හින්දා"

:       1       18

Ayantha de silva Friday, 11 October 2024 06:01 PM

ඔහු හොඳ තීරණයක් ගත්තා...

:       2       19

පිටිගල මිලානෝ Friday, 11 October 2024 07:29 PM

නොදකිං විතරක් රටට සාපයක්... ඔබට ඔහොම වෙලා මදි. ඔබ ගිය පාරක් ඇත්නම් ඒක ඉතින් උරුලෑවා ගිය පාර වගේ තමයි. ගඳේ බෑ...

:       1       22

පොඩිඑකා Friday, 11 October 2024 08:27 PM

14 වෙනිදායින් පස්සේ මුලු ලැයිස්තුවම හැලෙනවා..!

:       0       0

දුක් ගන්නා රාළ Friday, 11 October 2024 08:56 PM

පව් ඒ උනාට අරගලේ වෙලාවෙත් ගොඩාක් මහන්සි වුණා. සජබේට ගොඩක් වැඩ කළා. අන්තිම මොහොතේ සජබේ කලේ සවුත්තු වැඩක්...!

:       0       2

sam Friday, 11 October 2024 11:31 PM

අපි මෙයාට වෙනම පුද්ගලික ඡන්දයක් තියමු..

:       0       1

Rashath Udawatta Saturday, 12 October 2024 02:41 AM

ඔය හැකර කට නිසා තමයි හැලුණේ. හිටියාම තියෙන ඡන්ද ටිකක් නැති වෙනවා..

:       0       1

Chaminda Saturday, 12 October 2024 05:33 AM

පෙරේදා (10) දවසේම වගේ වැස්සා ඊයේ කොළඹ රත්නපුර මාර්ගයේ ගංවතුර තත්වයක් තිබුණා... නාමයෝජනා පත්‍රය ගේන්න ඇත්තේ වහිද්දී නිසා මැකෙන්න ඇති කොහොම වුණත් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව ආනයන කරපු අයට කැමැති වුණත්..., හේෂාන් අකැමැති නිසා කැපිලා කියලා ඔහුගේම වචනයෙන් අහන්න ලැබුණා. ඒ ගැන සතුටුයි අපි බලමුකෝ ආනයනික වාසුදේව ගැන ජනතාව ගන්න තීරණය මොකක්ද කියලා...

:       0       2

Rupika Weerasingha Saturday, 12 October 2024 06:33 AM

හේෂා රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ආනයනය කරපු අය හොඳ නැහැ කියලා දමිතා අයින්කර තියෙනවා. ඒත් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වඩාත්ම කැමැති ආනයනය කළ මිනිසුන්ට පමණයි. උදාහරණයක් හැටියට ගාලු දිස්ත්‍රික්කයේ උපන් වාසුදේව 1970 සිට අද දක්වාම රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී තනතුර දැරුවා. නැවතත් එන්න ඉඩක් තියෙනවා. හේෂාට නරක වුණාට මාලිමා කණ්ඩායමේ ගාල්ලේ හිනිදුම කෙනෙක් ඉන්නවා අපේ. බලමුකෝ රත්නපුර ජනතාව ආනයනය කළ එවුන්ට තියෙන මනාපය... ඉතාමත් ඉහලින් තියෙනවා නේද කියලා?

:       0       2

ජනරළ Saturday, 12 October 2024 08:11 AM

දැක්ක නේද ගරු කල යුතු මිනිසෙකුට ඉතා නින්දිත විදියට පහත් කරලා කතා කරලා කි දවසද ගියේ පාපය පලදෙන්න. මුළු රටක් ඉස්සරහ හද්ද පලේ පල් වුනානේ. කවුද කියනවා ඇහුනා නාම යෝජනා ඉල්ලුවට හැමෝටම ලැබෙන්නේ නැහැලු. කලින් දවසේ කිව්වේ අපි බොහොම ශක්තිමත්ව චන්දෙට මුහුණ දෙනවා කියලා. මදැයි මුන ලස්සනට මේකප් දාගෙන හරියට චොකලට් අයිසින් කේක් ගෙඩියක් වගේ හදාගෙන මහා වැස්සේ රත්නපුරෙටම ගිහින් අහගත්තු ටික. ඔන්න මම කියනවා දැන් මෙයාට යන්න ඕනි හරි තැන මොකද්ද කියලා. කෙලින්ම යන්න තියෙන්නේ බත්තරමුල්ලට. බත්තරමුල්ලේ කිව්වහම කවුරුත් දන්නවනේ. මේ ළඟදිත් එතනින් කිව්වා යන්න තැනක් නැති අය ඉන්නවනම් එතනට එන්න කියලා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ඡන්දය නිරීක්ෂණයට 4450ක්
2025 මැයි මස 05 12 0

පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ 4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති.


ජනපති වියට්නාම ජනපති හමුවෙයි
2025 මැයි මස 05 106 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබී


ජනපතිගෙන් වියට්නාම් ව්‍යවසායන්ට ආරාධනා
2025 මැයි මස 05 160 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


ඌව පළාත් ප්‍රධාන ලේකම්ට ඇප
2025 මැයි මස 05 337 1

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කර රජයට රුපියල් කෝටි 130කට අධ


දෙදරු මවගේ සිරුරේ කොටසක් දින 8කට පසු හමුවෙයි
2025 මැයි මස 05 786 0

සැමියාගේ අමානුෂික පිහි ප්‍රහාරයට ලක්ව බෑනා විසින් මළසිරුර දෙකට කපා පොහොර උර තුනක දමා ගෑන්ඩ්පාස් ස්ටේට් පුර කුණු ඇළට දැමූ කාන්තාවගේ සිරුරේ උඩු කොටස දි


රිය අනතුරින් අයෙක් මරුට: අයෙක් රෝහලට
2025 මැයි මස 05 603 2

අනුරාධපුර,යාපනය ඒ9 මාර්ගයේ රඹෑව ගංගාරාම විහාරස්ථානය ආසන්නයේ පෞද්ගලික බස් රථයක් ත්‍රී රෝදයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටි සිදුවු අනතුරකින් යතුරු පැදි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 696 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 181 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1217 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site