කැනඩාවේ රැකියා දෙන බව කියමින් රුපියල් තිස් පන් ලක්ෂයක් වංචා කළැයි කියන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී ආනන්ද රණසිංහ ලබන තුන් වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
ඇප මත සිටි ඔහු උසාවි පැමිණියේ රජයේ රත්තරන් කිලෝ සියයක් විකිණීමට ඇති බව කියමින් කළැයි කියන වංචාවක් සම්බන්ධයෙනි.
කොටුව හා කොම්පඤ්ඤවීදිය පොලීසි මහේස්ත්‍රාත් අමතමින් පැවසුවේ පොලීසියට ඕනෑ කළ පුද්ගලයකු වූ මොහු අත්අඩංගුවට ගත් උත්සාහ අසාර්ථක වූ බවයි.
කොටුව පොලීසියේ පැමිණිලි අටක් ද, කොම්පඤ්ඤවීදිය පොලීදියේ නඩු හතක් ද ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
සැකකරු මහේස්ත්‍රාත්ට දැන්වූයේ ඔහුට මරණීය තර්ජන ඇති බවයි.
රාජකාරිය හරියට කළා නම් එවැනි තර්ජන තිබිය නොහැකි බව මහේස්ත්‍රාත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්තරන් නඩුවට ආ හිටපු ඒ.එස්.පී රිමාන්ඩ්
දයා අළහකෝන් Monday, 20 May 2013 11:31 AM
විශ්‍රාම ගියහම මෙහෙම නම් සේවයේ සිටියදී කොහොම ඇද්ද? (නි)
ෆෛළෙර් Monday, 20 May 2013 11:57 AM
තරු පහේ ජරාව කන රටවැසියෙක්ද... (නි)
පිටිගල මිලානෝ Monday, 20 May 2013 05:16 PM
අවංක නිලධාරියෙක්! (නි)
උපාලි Monday, 20 May 2013 01:06 PM
නඩු 15 ක විත්තිකාරයෙක්. හොයා ගන්න බැරුව හිටියා. කොහොම වුනත් පොලිසියට ස්තුතියි මෙයාව නීතිය ඉදිරියට ගෙනාවට.(ස)
අසේල Monday, 20 May 2013 01:11 PM
දැන් මොකද කරන්නේ
බින්දු Monday, 20 May 2013 01:13 PM
අයියෝ සල්ලි
වරුණ Monday, 20 May 2013 01:13 PM
මෙයා ඒ එස් පි වෙනකම් පොලිසියේ ඩියුටි කරලා කොහොම හම්බ කෙරිල්ලක් හම්බකරන්න ඇද්ද?ගොරකා නියමෙට දඩමස් කරන්න ඇති (නි)
ලෙස්ලි Monday, 20 May 2013 01:17 PM
මෙයාව කලින්ම ඇතුලට දාන්න තිබුණේ. තව මොනවා මොනවා කරලා ඇද්ද (නි)
දිලිත Monday, 20 May 2013 01:57 PM
දය,ඔබගේ කියමන නම් හරියට හරි , දැන් සේවයේ ඉන්න අයත් ඔහොම තමයි (නි)
චතුල වෙරෝනා Monday, 20 May 2013 02:15 PM
රාජකාරිය නියමටම කරලා තියනවා. පොලිස් හොරු කියලා නම දාන්න ඕනෑ (නි)
සේරම් පැරිස් Monday, 20 May 2013 02:51 PM
අද කාලයේ අපි අසන අපරාධ හොර මැරකම් වලට බොහෝ පොලිස් නිලදාරීන්, හමුදාවෙන් පැනගිය අය සම්බන්ධයි. එහෙත් මේ අතර සිටින අවංක නිලධාරින්ට මේ නිසා අපහසුතාවයක් ඇතිවේ . (නි)
එදිරිසිංහ Monday, 20 May 2013 02:53 PM
අනේ කාලේ වනේ වාසේ (නි)
ජයන්ත Monday, 20 May 2013 03:50 PM
මේ වගේ පොලිස්කාරයෝ නිසා මුළු පොලිස් දෙපාර්තමේන්තුවම කුනුවෙනවා. (නි)