IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රත්තරන් ජෙල් සමග ඩියුටි ෆ්‍රී සේවිකාවක් මාට්ටු

(ටී.කේ.ජී.කපිල)

රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් සහිත රත්තරන් ජෙල් ද්‍රාවණයක් අඩංගු පාර්සල් 04 ක් , තම සිරුරේ රහස් ප්‍රදේශයේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක්  අත් අඩංගුවට ගත් බව එම ආරක්ෂක අංශයේ උසස් නිලධාරීවරයෙක් පැවසීය.

24 හැවිරිදි මෙම තරුණිය කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ රූපලාවන්‍ය භාණ්ඩ අලෙවි කරන සාප්පුවේ සේවිකාවකි.

කිලෝ ග්‍රෑම් 05 කට අධික බරකින් යුතු රත්තරන් ජෙල් අඩංගු පාර්සල් 04 ක් සිය සිරුරේ රහස් ප්‍රදේශයේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන්  අද උදෑසන  පිටතට යමින් සිටියදී , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් , මෙම සිදු වීම , ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතියෙන් නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

මේ වනවිට මෙම තරුණිය සහ එසේ අත් අඩංගුවට ගෙන ඇති රත්තරන් ජෙල් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .

 



අදහස් (3)

රත්තරන් ජෙල් සමග ඩියුටි ෆ්‍රී සේවිකාවක් මාට්ටු

ravin Tuesday, 04 July 2023 07:17 PM

කිලෝ හතරක් ?සඟවාගෙන ගිය ආකාරය ?ඩබල් කැබ් එකක් වගේ නේද ?

:       0       0

Senaka Tuesday, 04 July 2023 09:14 PM

කෝටි ගානක රත්රන් කිසිම දඩයක් නැතිව වජිරගේ ලියුමකට නිදහස් කළා...

:       2       1

Bunny Preena Wednesday, 05 July 2023 11:11 AM

නරක මිනිස්සුන්ට රැවටිලා අපරාදේ රස්සාවත් නැති කරගෙන තමන්ට විතරක් නොවෙයි තම පවුලේ අයටත් අපකීර්තියක් ගෙනදෙන වැඩක් කරලා තියෙන්නේ .අන්තිමට අමාරුවේ වැටෙන්නේ තමන් විතරයි .මේවා කාට කාටත් හොඳ පාඩම් .ජීවිතේ හරි විදියට ගෙනියන්න

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2212 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site