වසර දෙකකට පෙර තමාට එල්ලවූ මැර ප්‍රහාරයේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට රත්තොට පොලිසිය ක්‍රියා නොකළ බව අඹන්ගඟ කෝරළේ ප්‍රාදේශිය සභාපති සුනිල් විජේතිලක මහතා ප්‍රාදේශිය සභා රැස්වීමේදී අද (26) ප්‍රකාශ කළේය. මාස තුනක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට සිදුවූ එම ප්‍රහාරයට සම්බන්ධ අය අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසියට භාර දෙන ලෙස ඔහු ඉල්ලයි.
‘‘පළාතේ ප්‍රධාන පුරවැසියාට සලකන්නේ මෙසේ නම් අන් අය ගැන කවර කතාද. මට අදත් මරණීය තර්ජන තියෙනවා.”
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘රත්තොට පොලිසියෙන් වැඩක් නෑ”
පෙරේරා Friday, 26 September 2014 07:32 AM
අනිත් පොලිසි වලින් නම් සෑහෙන වැඩක් තියෙනවා නේද? (නදී)
චානක. Friday, 26 September 2014 07:39 AM
රත්තොට පමණක් නොවෙයි මුළු රටේම පොලිසි ඔහොම තමයි. ඉස්සෙල්ලම මොවුන්ට උගන්වන්න ඕනේ පොලිසිට එන බලපුලුවන් කම් නැති අහිංසක සාමාන්‍ය මිනිසුන්ට ගරුසරු ලෙස කතා කරන්නේ කොහොමද කියලා . මම ඕන තරම් දැක තිබෙනවා අහිංසක කෙනෙක් පොලිසියට ආවාම කුණුහරුපයෙන් අමතන හැටි. (නදී)
රංජිත් සිල්වා Friday, 26 September 2014 08:04 AM
අනේ අම්මපා මහජනතාවට සහනයක් දෙන්න තීරණය මේ අය තවත් කකුලෙන් අදිනවා රජය අපහසු තාවයට පත් කරන්න. නැත්නම් රජය හරියට බුදලය කියල හිතාගන වැඩ කරනවා. දැන් මේ සහනය වටිනාකම නැති වෙනවා (නදී)
රන්ජා Friday, 26 September 2014 03:35 PM
මේ අදහස් දක්වල තියෙන හැම කෙනාම දැනගන්න ලංකාවේ පොලිසිය එක විනාඩියක් රාජකාරියෙන් ඉවත් වුනොත් මොකද වෙන්නේ කියල නිකන්වත් හිතුවේ නැහැ නේද (දී)
බණ්ඩා Friday, 26 September 2014 08:48 AM
හැම පොලීසියම මෙහෙම තමා....... (ස)
සේන Friday, 26 September 2014 09:20 AM
රත්තොට විතරක් නෙවෙයි රටේ තියෙන තරමක් පොලිසි වල ඇත්ත තත්වය ඕක තමයි. (ස)
ජුවාන් Friday, 26 September 2014 07:07 PM
රන්ජා, මෙතන පොලිසිය එක විනාඩියක් නෙමෙයි, මාස තුනක්ම ඉවත්වෙලා ඉඳලා. පේනවා නේද එතකොට වෙන දේ? (නි)
උපාලි Friday, 26 September 2014 10:28 AM
පොලිසිය වැඩ කරන්න නම් පළාතේ ප්‍රධාන පුරවැසියා වෙනවාට වඩා තවත් වැදගත් දෙයක් තිබිය යුතු බව ඔබතුමා මේ වෙනකොට දැනගෙන ඉන්න එපාය. (නදී)
සඳුන් පෙරේරා Friday, 26 September 2014 08:21 PM
රන්ජා, පොලිසිය රාජකාරියෙන් ඉවත් වුණොත්, ලයිසන් නැති අයත් අපරාධ කරයි. ඊළඟ විනාඩියේදී නැවත රාජකාරියට එයි. (නි)
ශ්‍රීදේව් Saturday, 27 September 2014 09:49 AM
සේන, ඔබ හරියටම හරි (නි)