IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


රණවිරු පුතුට ඇත සිව් දෙවි රැකවරණ

මහ වැසි ඇද වැටුණ කල මහ මග         වැසෙන

සොහොයුරු සෙනෙහසින් හදවත තුළ      මැවුන

සිසුනට විභාගෙට යන නිසි මග                සදන

රණවිරු පුතුට ඇත සිව් දෙවි               රැකවරණ 

(පද ආරියසේන හඳුවල ඡායා බන්දු තඹවිට)

දිවයිනේ පළාත් රැසකට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇද හැළෙන තද වැසි නිසා ගංගා ඇළ දොල පිටාට මට්ටමට පැමිණ ඇති බව ද සහ පහත් බිම් රැසක ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි. 

කළුතර,රත්නපුර,ගාල්ල,කළුතර,මාතර ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට මෙම තත්ත්වය බලපා තිබුණි.

මේ හේතුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන්ද මහත් අපහසුතාවයට පත්ව සිටි අතර ඔවුනට විභාග මධ්‍යස්ථාන කරා රැගෙන යාමට යුද හමුදාව නාවික හමුදාව පියවර ගෙන තිබුණි.

රත්නපුර දිස්ත්‍රික්කයට ඊයෙ රාත්‍රියේ සහ අද දින උදෑසන සිටම  ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම, ගං වතුර අනතුරු ඇඟවීමේ මට්ටම කරා ළඟා වෙමින් වාර්තා වෙයි.

මේ වන විට එනම් , රත්නපුර නගර ආසන්නයේ කළු ගගේ මුවගම සවිකර තිබෙන ජල මාපකයට අනුව කළු ගඟේ ජල මට්ටම මීටර් 04.98 ක් වේ.

මේ වන විටත් සිරිපා අඩවිය, පලාබද්දල, රත්ගඟ, මාපලාන, එරත්න, ඉඳුරුව යන ප්‍රදේශවලට අධික වැසි ලැබෙමින් පවතී. මේ තත්ත්වය තුළ කළු ගඟේ සහ අතු ගංගාවල ජල මට්ටම් තව තවත් ඉහළ යාමේ හැකියාවක් පවතී.

කළුතර දිස්ත්‍රික්කයට ඇද හැළෙන තව වාරෂාව හේතුවෙන්   කුකුලේ ගඟ  ජලාශයේ වාන් දොරටු දෙකක් අද  උදෑසන 5.45 වන විට විවෘත කර ඇති බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි .

ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් රැසකට ඇද හැළෙන තද වර්ෂාව නිසා තවලම සහ නෙළුව ප්‍රදේශයට ගංවතුර අවදානමක් පවතින නිසා යුද හමුදාව ඇතුළු සහනය කණ්ඩායම් යෙද වූ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 

පියරත්න ජයවික්‍රම

කුකුලේ ගඟ (ලක්ෂ්මි කුඩලිගම)

ගාල්ල (ඩි.ජී.සුගතපාල)



අදහස් (1)

රණවිරු පුතුට ඇත සිව් දෙවි රැකවරණ

Senerath Thursday, 02 June 2022 09:13 AM

මේ රණවිරුවන්ට සියලු දෙවි රැකවරණය ලැබේවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site