IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


රණවිරුවන්ට එරෙහිව නඩු අහන්න විදෙස් විනිසුරුවරුන් ගෙන්වන්නේ නෑ - ජනපති



අපගේ රණවිරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් පසුගියදා කරන ලද යෝජනාව තමා තරයේ ප‍්‍රතික්ෂේප කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි. මාතෘ භූමියේ නිදහස උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ විරෝදාර රණවිරුවන්ගේ ආරක්ෂාවත්, ගෞරවයත් වෙනුවෙන් තම ධූර කාලයේ වගකීමෙන් යුතුව පෙනී සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය.
පලාලි ගුවන් හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව එහිදී ති‍්‍රවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
මුදල් පසුපස හඹා යන ඇතැම් රාජ්‍ය නොවන සංවිධානත්, පටු දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීම උදෙසා කටයුතු කරන විරුද්ධවාදී දේශපාලන බලවේගත් කුමන චෝදනා කළද මේ රටේ රණවිරුවන්ගේ ප‍්‍රධාන ආරක්ෂකයා තමා බවත් ඔවුන්ගේ ගෞරවයට හානිවන කිසිදු ආකාරයේ කි‍්‍රයාකාරකමකට තම ධූර කාලය තුළ ඉඩ නොලැබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (8)

රණවිරුවන්ට එරෙහිව නඩු අහන්න විදෙස් විනිසුරුවරුන් ගෙන්වන්නේ නෑ - ජනපති

jayantha Saturday, 04 March 2017 09:42 AM

ඔහොම යමු

:       0       0

wijepala Saturday, 04 March 2017 04:57 PM

ජනාධිපතිතුමනි, අන්න එහෙම එඩිතර තීරණ ගන්න. ඔබතුමාට අපගේ ගෞරවය.

:       0       5

ruchira Saturday, 04 March 2017 07:58 PM

කෑම්ප් එකෙන් එළියට ගිහිනුත් ඔහොම කියන්න පුලුවන් නම් තමයි හොඳ....

:       0       0

siri Saturday, 04 March 2017 07:58 PM

ඔබතුමාගෙන් ඔවැනි ප්‍රකාශයක් ලැබීම ගැන සතුටුයි.

:       0       4

sirikotha mangala Sunday, 05 March 2017 03:13 AM

අපි එකඟ නැහැ .... අපි පොරෙන්දුවක් දීලා උතුරෙ ඡන්දෙ ලබා දුන්න හින්දා එය කළ යුතුමයි.

:       0       0

Perumal Sunday, 05 March 2017 04:31 AM

“රණ විරුවන්ට එරෙහිව නඩු අහන්න.....“ මේ ප්‍රකාශය ඇතුලෙම නඩු නිමිත්තයි තීන්දුවයි දෙකම තියෙනවනෙ. විරුවො කොහොමද මරුවො වෙන්නෙ?

:       172       3

සිරි Sunday, 05 March 2017 05:30 AM

මේ පින්තූර දුටු විට හිතට නැගෙන ආඩම්බරය කියා නිම කළ නොහැකියි. දිවි පුදා සුරැකූ මාතෘ භූමිය ආරක්ෂා කරන ඔබ සැමට මගේ ගෞරවය.

:       0       2

kumar (galf) Sunday, 05 March 2017 06:48 AM

ඔය කීවට අන්තමිට ඒකත් කරයි ලෝකෙට බයේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site