IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රාඩා මෙහෙයුම් නිලධාරී යළි රිමාන්ඩ්

උතුරු නැගෙනහිර සුනාමියෙන් වැනසුණු පෙදෙස්හි නිවාස තැනීම සඳහා පිහිටවූ ‘රාඩා‘ ආයතනයේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය 2005/2006 කාලයේ මුදා නොගත් ප්‍රදේශවලට ගොස් කොටි නායකයකු වූ එමිල්කාන්ත් සමඟ කාසච්ඡා කර ඇති බව විමර්ශනවලින් කියැවුණු බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ මෙවන් ද සිල්වා අද (12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කීවේ තම සේවාදායකයා මුදා නොගත් ප්‍රදේශවලට ගොස් සාකච්ඡා කළ බව පිළිගන්නා බවයි.

එසේ කළේ රාඩා හිටපු සභාපතිගේ (ටිරාන් අලස්) උපදෙස් පරිදි බවත්, ඔහු නිදැල්ලේ සිටිය දී පොලිසිය නිලධාරීන් පමණක් අත්අඩංගුවට ගන්නා බවත් නීතීඥවරු කීහ.

පොලිසියට කිසිම බලපෑමක් නැතැයි ද, සියලු සැකකරුවන් ඉදිරියේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණා බව ද විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා කීවේය.

සුනාමි නිවාස ඉදිකිරීමට වෙන් කළ රුපියල් කෝටි 12.7ක් වංචා කළැයි සැකපිට වික්‍රමසූරිය මහතා 19 දක්වා යළි රිමාන්ඩ් කැරිණි.

එකම ගෙයක්වත් හදා නැතැයි ද, එම මුදල් ඇඟළුම් කම්හල් දෙකක ගිනුම්වලට බැර කර ඇතැයි ද පොලිසිය කීවේය.

සැකකරුට ඇප ඉල්ලමින් ජනාධිපතිනීතීඥවරු කිහිප දෙනෙක්ම කරුණු කීහ. මෙවන් සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් කියා සිටියේ මේ දිනවලට පොදුදේපොළ වැරදි සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සැකරකුවන් බොරු ලෙඩ ගන්නා බවයි.

මෙම පුද්ගලයාට ද අසනීපයක් ඇති බව නොපෙනේයැයි ඔහු කරුණු දැක්වීය.



අදහස් (0)

රාඩා මෙහෙයුම් නිලධාරී යළි රිමාන්ඩ්

නීල් Tuesday, 12 May 2015 05:14 PM

ස්තුතියි ඔබ සැමට! (නි)

:       0       0

ආෂා කෝරළගේ Tuesday, 12 May 2015 07:39 AM

බදු මුදලින් අධ්‍යාපනය ලැබූ නිල දරුවනි ඹබේ නිවැරදි තීරනයට අපේ ස්තුතිය (නදී)

:       0       0

නාලනී Tuesday, 12 May 2015 08:45 AM

වැරැද්දක් කළොත් දඬුවම් ‍ලැබෙනවාමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site