IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රට හාල් නවතී

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සහල් ආනයනය  නතර කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 28 වැනිදා රැස්විය.

මේ තීරණය දැනුම්දී ඇත්තේ එම රැස්වීමේදීය. මේ අතර වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට ලබාදීමට නියමිත රුපියල් කෝටි 500ක මුදල ඵලදායී ලෙස යෙදවීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බව කාරක සභා සභාපතිවරයා දැනුම් දුන්නේය.

ජාතික විගණන කාර්යාලයේ 2025 වාර්ෂික කාර්ය සාධන වැඩසටහන අධ්‍යයනය කරමින් එම වැඩසටහන තවදුරටත් ඵලදායි කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර වාර්තා සැකසීමට  අනුකමිටුවක් පත් කිරීමට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මෙහිදී තීරණය කර ඇත. රටේ සියලු වත්කම් පිළිබඳ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීම සඳහා  ඒ සම්බන්ධව කටයුතු කරන සියලු නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවීමටද  තීරණය කර ඇත.

2024 මහා කන්නයේ සහල් අස්වනු ප්‍රමාණය පිළිබඳව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට ඉදිරිපත් කළ දත්ත නිවැරදි නොවීම පිළිබඳව ද කාරක සභා සභාපතිවරයා මෙහිදී විමසා සිටියේය. එය සන්නිවේදනයේදී සිදුවූ අතපසුවීමක් බව කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.



අදහස් (14)

රට හාල් නවතී

බොරු කීම ප්‍රජාචන්චවාදී අයිතියක් Thursday, 30 January 2025 01:25 PM

දැන් පක්ෂයට තව අවුරුදු 20ක් ඡන්ද කරන්න එක පාරක් හාල් ගෙනල්ලා කොමිස් වලින් ගොඩ දා ගත්තා. ආයෙ ඒක නිසා හාල් ගේන්න ඕන වෙන එකක් නෑ මේ මාසෙට. අවුරුද්දට හාල් හිඟ වුණාම ආපහු ගේනවා. ඡන්දෙත් එතකොට ඉවරයිනේ. ගොන්නු ටික එතකොට ඡන්දෙ දීල ඉවරනෙ.

:       27       150

සෙනෙවිරත්න Thursday, 30 January 2025 01:30 PM

ඔය කියන සන්නිවේදන දුර්වලතාවය නිසා අනුන් වෙනුවෙන් මේ පවත්නා රජය බලු බැනුම් ඇහුවා, හර්ෂ මහත්මයා, හාල්ම ඉල්ලල වැලපෙන සජබෙ අයට ඇත්ත තත්වය හෙළි කරාට ස්තූතියි. දැන්වත් ඔය හාල් පොල් හිඟයට අනුර පලි නැති බව බපිළිගන්න.

:       127       33

වෑල්ඩින් ආචාර්යThursday, 30 January 2025 02:41 PM

සෙනෙවිරත්නටත් හෝදල හෝදලා එපා වෙලා තියෙන්නෙ. හැමදාම හත් පොලේ ගාගත්තම ටක් ගාලා ඇවිල්ලා ලෙලි යන්න හෝදන්න එපෑ. අපිටත් තේරෙනව. කමක් නෑ හදිසියක් නෑ හිමින් හෝදපන් බන්.

:       1       22

karolisThursday, 30 January 2025 03:49 PM

හරියට සන්නිවේදනය කර ගන්නවත් බැරි ආණ්ඩුවක් ද රට හදනවා කියන්නේ? ඡන්දෙට බොරු නම් හොඳටම සන්නිවේදනය කළා.

:       16       94

sumanapalaThursday, 30 January 2025 08:32 PM

මේ දිනවල වැඩි මිලට සහල් විකිණීම සොයමින් දිවින පුරා වැටලීම් සිදුකරමින් ඇත. ආණ්ඩුවේ සැලසුම් නොමැතිකම හෝ විසදුම් නොමැතිකම හෝ නොහැකියාව වසා ගැනීමට නිතිය මගින් සිල්ලර භාන්ඩ විකිණීම පිළිබඳ තීරණ ගැනීම සිල්ලර තීරණයකි. වැඩි මිලට සහල් විකිණීම නැවැත්වීමට පහසු ක්‍රමය එදා මෙන් අදත් තුන්ඩු කැබැල්ලක් දැමීම පමණි. එවිට කිසිඳු සහල් වෙළෙන්දකු වැඩිමිලට සහල් විකිණීම සිදු කරන්නේ නැත. මාලිමා ආණ්ඩුවේ ලොක්කෝ දන්නවා. ඒවා කරන්නේ කොහොමද කියලා?

:       3       1

saman Thursday, 30 January 2025 07:09 PM

හාල් මිල වැඩි නම් පාන්පිටි මිල අඩුකරන බව අනුර නුදුරේදීම කියනු ඇත

:       3       15

Aslam Thursday, 30 January 2025 02:19 PM

රට ආපස්සට යනවා. ලැජ්ජයි එන්පීපී ගැන

:       32       90

Widura Thursday, 30 January 2025 02:32 PM

පුන්නක්කු කන උන් ලක්ශ හැට ගාණක් ඉන්න නිසා හාල් ගේන්න ඕන නෑ. උන්ට පුන්නක්කු හදන්න පොල් වලින් සම්බල් කන්නෙ නැතුව, හොදි හදන්නෙ නැතුව ඉඳපල්ලා.

:       19       70

Madurage Thursday, 30 January 2025 02:48 PM

රනිල් හෙන කට්ටක් කාලා, ඩොලර් මිලියන 6200ක සංචිත ගොඩ ගහලා ගියා. මොවුන් ඒවාගෙන් හාල්, පොල්, ලුණු ගෙන්නලා සංචිතේ ඩොලර් මිලියන 370ක් එක මාසෙන් ඉවර කරා. කොහොමද ඒක?

:       24       67

පාඨකයෙක් Thursday, 30 January 2025 05:20 PM

ඉංග්‍රීසි කියමනක් තියෙනවා, 'සුරදූතයෝ අඩියක් තියන්න බය තැන්වලට මෝඩයෝ කඩාබිඳගෙන ඇතුල්වෙනවා' කියලා (Fools rush in where angels fear to tread). ලංකාවේ පාලනයට වෙලා තියෙන්නෙත් ඒ වගේ දෙයක්...

:       6       14

තිලකරත්න Thursday, 30 January 2025 07:14 PM

අවුරුදු 76 ක්ම සුරදූතයෝ හිටපු නිසා රට සුරපුරයක් වුණා.

:       17       5

Neel Thursday, 30 January 2025 08:24 PM

කවුරු කොහොම කිව්වත් රටේ බුද්ධිමත් ජනතාව NPP එක සමගයි. ලංකා ඉතිහාසයේ වැඩිම තනි පක්ෂයකට ලැබුණු ආසන 159ක ජනවරම. අතිගරු අනුර දිසානායක ජනාධිපතිට ජය වේවා..!

:       23       5

karolisThursday, 30 January 2025 09:56 PM

ඔය කියන බුද්ධිමත් ජනතාවම තමයි ගෝඨා ගෙනාවෙත්. දැන් රෙදි අපුල්ලන්න වෙලා තියෙන්නෙත් ඒ කට්ටියටම තමයි.

:       3       16

Janitha Friday, 31 January 2025 04:05 PM

නීල් හරිම බුද්ධිමත්. මොකද නීල් NPP... නූගත් ජෙබයියෝ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site