(අංජුල මහික වීරරත්න)
ආර්ථික වශයෙන් සුරක්ෂිත කර රට හදන්න නම් පවතින දේශපාලන, ආර්ථික සහ සමාජ ක්‍රම සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
විදෙස් රටවල් සමග මිතුරු වී හරි දැක්මකින් කටයුතු කළොත් වසර දෙකක් ඇතුළත වත්මන් ප්‍රශ්න විසඳා ගත හැකි බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තරුණ වෘත්තිකයන් පිරිසක් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ සාකච්ඡාවකදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි
රටෙි මේ වනවිට ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 25කට අඩු සංචිත මුදලක් පමණයි. රජය විසින් බදු අඩු කිරීම හේතුවෙන් රටට අහිමි වූ මුදල රුපියල් බිලියන 800 ක් පමණ බවද වික්‍රමසිංහ මහතා පැවසීය.
COMMENTS
මෙතුමා බලයේ ඉන්නකොට ‘‘මොලය නැහැ‘‘... බලය නැතිවිට කයිවාරුව පමණි. මීට වඩා හොඳයි 500%ක් සිරා...
මෙයා බොරදියේ මාළු බානවා..
ආර්ථික වශයෙන් සුරක්ෂිත කර රට හදන්න නම් පවතින දේශපාලන, ආර්ථික සහ සමාජ ක්‍රම සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හැකියාව, දැනුම අද්දැකීම් සහිත නායකයකු වන ඔබ සමස්ත දේශපාලන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් නායකත්වය ලබාදෙන්න...
ඇයි බැඳුම්කරයෙන් ගහපු සල්ලිවලට මොකද වුනේ? ඔහෙලාගේ කාලේ තමයි දහස් ගණන් තරුණ තරුණියන් මරලා ගඟේ, මුහුදෙ පා කරලා. ටයර් සෑයවලට අමු අමුවේ පුච්චලා දැන් එනවා මෙතන බබා පාට් දාන්න. ඕවා කියන්න මහත්තයෝ නොදන්න මිනිස්සුන්ට. තවම බලයට තියෙන කෑදරකම ගිහිල්ලා නැති හැඩයි. දැනුයි ආර්ථිකය සමාජ ක්‍රමය වෙනස් කරන්න ඇවිල්ලා තියෙන්නේ. තමුන්නැහේට බලය තිබිච්ච කාලේ ඕවා කරන්න අමතක වූණාද..? යන්න..බැංකුවේ මුදල් සම්පූර්ණයෙන් හූරගෙන එන්න දැන් ආර්ථිකය හදන්න ..