රුපියල් එක් කෝටි හැට නම ලක්ෂ හත් දාස් අටසිය හැත්තෑ පහක් වටිනා වර්ග 14 ක විදේශ මුදල් තම ගමන් මල්ලේ සඟවාගෙන මලයාසියාවේ ක්වාලාලාම්පුර් බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික විධායක නිලධාරියෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී අද අළුයම රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේ පසුගිය මාස හය ඇතුලත පමණක් නීති විරෝධී ලෙස මේ අයුරින් විදේශ මුදල් මෙරටින් ගෙනයාමට තැත් කළ අවස්ථා 20 ක් වටලා රුපියල් කෝටි දාහතරක් වටිනා විදෙස් මුදල් රාජසන්තක කළ බවයි.
සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයෙහි සඳහන් වන පරිදි සැකකරු විධායක නිලධාරියෙකු බව රේගුව කියයි. ඔහු නිතර නිතර විවිධ රටවල් වලට යන එන පුද්ගලයෙක් බව අනාවරණය වී ඇත.
ඔහු ළඟ තිබී බහරේන් ඩිනාර් 580, කැනේඩියන් ඩොලර් 810, ඩෙන්මාර්ක් ක්‍රෝනර් 3100, යුරෝ 25250, ජපන් යෙන් 746000, ජෝර්දාන් ඩිනාර් 25, කුවෙට් ඩිනාර් 14460, නෝර්යේ ක්‍රෝන් 20250, ඕමාන් රියාල් 5110, කටාර් රියාල් 11,000, සිංගප්පුරු ඩොලර් 557, ස්විස් ෆ්‍රෑන්ක් 300, ස්ටාර්ලින් පවුන් 4620, ඇමරිකන් ඩොලර් 13,300 ක් සොයා ගත් බව රේගුව කියයි.
සැකකරු අද අළුයම දොලහයි පනස් පහට පිටත්වීමට නියමිතව තිබු මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච් 178 දරණ ගුවන් යානයෙන් ක්වාලාලම්පුර් වෙත යාමට ගුවන්තොටුපොළට පැමිණ ඇති බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී ඩී.එම්.ජී නිමල්තිලක, ඉසෙඩ්.ඒ අතීෆ්, ටී.එම්.එන්.සී තිලකරත්න, කෝ සෝමසිරි සහ අසංක ප්‍රියදර්ශන යන නිලධාරීහු සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
90
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
142
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
942
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට සල්ලි සමඟ විධායකයා දැලේ