IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රට සල්ලි මල්ලක් සමග මඩකලපු වැසියෙක් දැලේ

රුපියල් හතලිස් ලක්ෂ පනස් හතර දාස් පන්සිය හතලිස් හතක් වටිනා විදේශ මුදල් තොගයක් තම ගමන් බෑගයේ සගවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක්  අද අළුයම  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ලග තිබී බ්‍රිතාන්‍ය පවුම් දාසය දාස් නවසිය තිහක්,  කටාර් රියාල් අටදාස් පනහක් සහ යුරෝ 1350 ක් සොයා ගෙන ඇත.

ඔහු අද  අළුයම 1.30 ට පමණ  ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 306 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුවබලා යාමට කටුනායකට පැමිණ තිබේ.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එච්.ආර්.එන්.සී හේරත්  මහතාගේ මෙයෙවීමෙන් රේගු අධිකාරී උදිත ජයසිංහ, සහකාර රේගු අධිකාරීවරුන් වන  එම්.ජී.සී ධම්මික, කිව්.එල්.එස්.සී.අයි මහේෂ්, කේ.පී.ඩී.එච් කෞෂල්‍යා, පී.ජී.ඩී.එස් ධර්මසේන සහ යු.ඩී.ෙජ් මොන්ටි යන නිලධාරීහු සිදු කරති.
 

 



අදහස් (0)

රට සල්ලි මල්ලක් සමග මඩකලපු වැසියෙක් දැලේ

සම්පත් Tuesday, 25 August 2015 04:59 AM

මේ අය මොනවා කරන්නද හදන්නේ කියල හොයන්න වෙනවා. ඉක්මණීන් බෙහෙත් දෙන්න නැත්නම් පසුවට පසුතැවෙන්න වෙන්නේ. (ම)

:       0       0

ධම්ම Tuesday, 25 August 2015 06:46 AM

මුදල් ඉපයීමේ නව ක්‍රම. මෙවන් අයට මුදල් අමාත්‍යංශයේ උපදේශක තනතුරු පිරිනමන්න. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site