රුපියල් පන්ලක්ෂ හැත්තෑපන්දහසක් වටිනා විදේශීය සිගරට් විසිතුන්දහසක් මාල දිවයිනේ සිට මෙරටට ගෙන ඒමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනකුට රුපියල් දසදහස බැගින් දඩ නියම කළ රේගුව එම සිගරට් තොගය රාජසන්තක කළේය.
සැකකරුවෝ ගම්පහ සහ කඳාන ප‍්‍රදේශවල පදිංචි 35 සහ 55 වියැති පුද්ගලයෝ බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
මොවුහු අද ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 106 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමිණ ඇති බවත් ඔවුන්ගේ ගමන්මළු වල මෙම සිගරටි තිබූ බවත් රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ධර්මසේන කහඳව මහතාගේ මෙහෙයවීමෙන් රේගු නිලධාරීහු සිදුකළහ.
.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට සිගරට් රදවා ගනී
අපොන්සු Wednesday, 05 June 2013 12:45 PM
මෝඩයෝ දෙන්නෙක්. එන්න කලින් කාව හරි අල්ලාගෙන එපැයි වැඩේ කරන්න.(නදී)
ජෙෆ් Tuesday, 04 June 2013 11:05 PM
අනේ අපොයි හරි හම්බ කරගත් මුදලට කර ගත් විනාශය. (නි)