IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රට විරුවාගේ මුදල්වලට විදලා

(සුමිත් පොතුපිටිය)

කටාර් රාජ්‍යයේ සේවය කළ කාන්තාවක මෙරට රාජ්‍ය බැංකුවට එවන ලද රුපියල් 852,500 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බැංකුවක කළමණාකරුවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්බ කළ බව මතුගම පොලිසිය පවසයි .

හොරහේන, යටදොල , නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචි දූවගේ අරුණා කුමුදුනී නමැති කාන්තාවක විසින් කල පැමිණිල්ලක් අනුව පරීක්ෂණ සිදුකරන බව සදහන් වේ.

පැමිණිලිකාරිය 2019 වසරේ කටාර් රාජ්‍යයේ සේවයට ගොස් මතුගම රාජ්‍ය බැංකුවක ගිණුමකට මුදල් එවා ඇති අතර , පසුගිය නොවැම්බර් 21 දා දිවයිනට පැමිණ බැංකු පාස්පොත පරීක්ෂා කිරීමේදී ඇයගේ අත්සන කූඨ ලෙස යොදා රුපියල් 852,500 ක් වංචාකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කීය.

සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර ප්‍රදේශයේ රාජ්‍ය බැංකු දෙකක කළමනාකරුවන් දෙදෙනෙකුගේ සහාය ලැබී ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය සදහන් කරයි.

මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් පරිදි විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණතිලක මහතා ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති .

 



අදහස් (5)

රට විරුවාගේ මුදල්වලට විදලා

ALJ.K Saturday, 26 November 2022 05:34 PM

බැංකුවේ නම තිබ්බා නම් අනික් අයට ආරක්ෂා වෙන්න පුළුවන්...!

:       0       7

බංකු බංකු Saturday, 26 November 2022 05:55 PM

අයිතිකාරියගෙන් සොයාගෙන අපි ජනතාව දැනුවත් කරමු.. එයට පෙර ඇයගේ මුදල් සහ අදාල පොලිය ගෙවා තිබුණත් ජනතාව දැනුවත් වීම හොඳයි.

:       0       6

විපරමා Saturday, 26 November 2022 07:33 PM

මේවා දැක්කාම ලංකාවේ බැංකුවකට කවුරුවත් සල්ලි එවන එකක් නැහැ. කොතන බැලුවත් බහිරවයින් ඉන්නේ?

:       0       8

ගජමිතුරු Sunday, 27 November 2022 05:57 AM

ඒක නිසා රට විරුවො උන්ඩියල් ක්‍රමයට මුදල් එවන්න වැඩියෙන් උනන්දු වෙන්න පුළුවන් පාලකයිනි බැංකු හොරුන්ට දැඩි දඩුවම් දී රට විරුවන් රකින්න. බැංකු ආරක්ෂා කරන්න

:       0       3

nimal Sunday, 27 November 2022 03:30 AM

ඔය කරලා තියෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site