(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට බංකොලොත් කළ පුද්ගලයා හරිනම් සිටිය යුත්තේ රජයේ නිල නිවාසයක නොව පන්සලක යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටට කළ පව් සමා කර ගැනීමට එසේ කළ යුතු බව කී කිරිඇල්ල මහතා ඉන්දියාවේ නායකයන් නම් එවැනි වරදක් කළොත් පව් සමාකර ගැනීමට ආශ්‍රමයකට ගොස් නැවතී සිටින බවද කීය.
"සුපර් මෑන්"ගොවි ජනතාවත් රටෙි ආර්ථිකයත් විනාශ කර පැන ගිහින් දැන් රජයේ නිවසක විශ්‍රාම සුවයෙන් පැන්ෂන් එකත් අරගෙන සිටින බවද කිරිඇල්ල මහතා කීය.
සජබ 22 වැනි සංශෝධනයට සහය දෙන්නේ ආණ්ඩුව බේරගන්න නොව රට බේරගන්න බව කී කිරිඇල්ල මහතා මිනිස්සු හැම තැනම බඩගින්නේ සිටින අතර සමහර අය කන්නේ කන්නේ එක වේලක් බවද මොන ආණ්ඩුව හිටියත් දැන් ජාත්‍යන්තර ආධාර අවශ්‍ය බවද පැවසීය.
දැන් 22 සංශෝධනය ගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට හෝ මානව හිමිකම් වලට ආදරේ නිසා නොව ජාත්‍යන්තර සහය හා ආධාර ලබා ගන්න බවද කිරිඇල්ල මහතා කීය.
රට බංකොලොත් කළ අයට ජාත්‍යන්තර ආධාර ලැබෙන්නේ නැතැයි කී කිරිඇල්ල මහතා ආහාර පාන ,බෙහෙත් ටිකක් ගන්න ආධාර ලැබුනත් රට ගොඩ දාන්න ආධාර හම්බ වෙන්නේ නැතැයි ද අවුරුද්කට ඇමෙරිකා ඩොලර් බිලියන 12ක් අවශ්‍ය නමුත් මූල්‍ය අරමුදලෙන් දෙන්නේ බිලියන 2.9 ක් පමණක් බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට බංකොලොත් කළ කෙනා ඉන්න ඕන පන්සලක
Saththaya Thursday, 20 October 2022 03:45 PM
පන්සලක ඉන්න තියෙනවානම් සියලු දෙයින් නිදහස් . ඔබ ඉන්න ඕන highway බෝක්කුවක , රටට කල යහපත වෙනුවෙන් . ලංකාවෙත් ඔය 225 ම ආශ්‍රමයකට ගියොත් හොදයි ජනතාවට සැනසිල්ලේ ඉන්න දීල,තවත් ලේ උරා බොන්නේ නැතුව . දැන් සුදනෝ .
Senarath Thursday, 20 October 2022 04:03 PM
රට බංකෙලොත් කලේ එයා විතරක් නෙමේ දැනට පාර්ලිමෙන්තුවෙ ඉන්න බහුතරයක් එයට වගකිවයුතුයි. 2015 සිට 2019 දක්වා ඩොලර් බිලින 12 ක් නය ගත්තට රටට එවයෙන් වැඩක් කලාද ? අඩුම තර්මෙ නුවර අදිවෙගි මර්ගයෙන් කාලක් නිම කලාද ? එ කලයෙදි රටෙ මොනම ප්‍රශ්නයක්වත් තිබුනෙ නැහැ. විදෙශවල සේය කරන රට විරුවො රුපියල් බිලියන 6ක් 7 ක් එවුව අවුරුද්දකට. එ විතරක් නෙමේයි සංචාරක ව්‍යපාරයත් හොදින්ම තිබුනා. ඒහෙම වෙලත් රටෙ සංවර්නදය 6% සිට 2% ඩක්වා අඩුවෙන විඩි...
ගමේ එකාලා Thursday, 20 October 2022 04:25 PM
තමුන්‍ට වැරදිලා.ඔය වගේ දූෂිතයන්ට සුදුසුම තැන හිරගෙදර .
බද්රානි Thursday, 20 October 2022 07:08 PM
රට බංකොලොත් කල බොහෝ අය දැනටමත් පන්සල් වල යහමින්, සැපට වජබෙමින් ජීවත් වෙනවා.
Nimal goyya Thursday, 20 October 2022 07:11 PM
ඔයත් එක අයෙක්. කාපුවත් එකතුව තමයි මේක බංකොලොත් උනේ. හොට ඇනෙන්න නාකි වෙලත් ඕව දාල යන්නෙ නැත්තේ හොරා කකා ඉන්න රසේ දන්න නිසා.
Bamunuarachchi Thursday, 20 October 2022 07:29 PM
අපි දන්නා විදිහට රට බංකොලොත් කිරිල්ල පටන් ගත්තේ 1971 ලේ සැලෙන විප්ලවයෙන් ඊට පස්සේ ජනතාව ඇට අටක් කන්න බලාගෙන 1977 රට බංකොලොත් කිරීමට ලොකු තල්ලුවක් දුන්න. එදායින් පසුව ක්‍රමයෙන් රට වැටිලා අපිට රටම නැතිවෙන තත්වයට ආවා. රටේ වාසනාවකට රනිල් 2005 පැරදුනා. ප්‍රබාකරන් තමන්ගේම අතින් බෙල්ල කපා ගත්තා. 2009 යාන්තම් රට ගොඩ ආවා. ඒ ගොඩ නොඑන්න ඔහෙලා කට්ටිය එකතුවෙලා පරබාකරන්ට රටෙන් 2/5 රිදී බන්දේසියක තියලා දෙන්න නේද ගියේ. එතනින් බෙරුනාට රට වලපල්ලටම ගියා. රට නියම විදිහට බංකොලොත් වෙන්නේ යහපාලන කාලේ. රනිල් ඩොලර් බිලියන ගානක ණයක් අරගෙන බේරුනා නමුත් රට ණය උනා. ඝෝටා නය ගත්තෙ නැහැ රටට කෙල උනා.
fairoos Thursday, 20 October 2022 07:33 PM
කොහේ හිටියත් රටට කරපු මේ විනාශයටනම් හොඳක් වෙන්නේ නැහැ
BamunuarachchiFriday, 21 October 2022 11:40 AM
ඔව් ඔව් ගම්බිරිස් හොයාගෙන ඇවිත් රටට කරපු විනාසයට යහතින් ඉන්නදීල බැහැ කම්බස් කරන්න ඕනේ. නේද මච්චන්?
මරිසිපාල Friday, 21 October 2022 05:33 AM
මේ කතාව පංසල්වල සිටින (අසපු නොවෙයි මාළිගා වගේ තැනුත් තමන්ගෙ හැකියාව කියමින් වවාගෙන කන්න වැනි ආකාරයට තර්ජනාත්මකව කතා කරන ) සුසිල්වත් හාමුදුරුවන්ට අපහාසයක් .ඇත්තටම රට විනාශ කල සියලු දේශද්‍රෝහීන් සිටිය යුත්තේ ජීවිතාන්තය දක්වාම හිරගෙදරකය.
Chaminda Friday, 21 October 2022 02:46 PM
රට විනාශ කල දේශද්‍රෝහීන් ජීවිතාන්තය දක්වාම හිරගෙදර සිටීමට විරුද්ධ මිනිස්සු සිටිද්දී (ඩිස්ලයික් වලින් පේන ආකාරයට ) රට අගාධයට නොගොස් තිබේද
hghfjjhk Friday, 21 October 2022 11:28 AM
අනේ ඇත්තට...... උඹලා ඔක්කොම සුදනො.. එයා තනියම කරල තියන්නෙ..සේරම දාන්න ඔින හිර ගෙට. මේ රට කෑවට..
චින්තක Friday, 21 October 2022 11:50 AM
එයා විතරක් නොවේ ඔය මහල්ලත් දැන් මහලු මඩමකට හෝ ඉන්න තැනකට වෙලා හිටියොත් හොදයි. ඕන ගොනෙකුට දේශපාලනය කරගන්න කියලා