
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට බංකලොත් වුනේ විපක්ෂයේ අයගේ අදහස් නිසා බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය ඉදිරිපත් කළා වගේම ක්‍රියාත්මක කිරීම සම්බන්ධවත් ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
මේ අයවැයේ ආදායම් වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් අප මූලික අවධානය අකමු කරනවා. අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ රටේ අනාගතයට ගෙනයන්නේ කොහොමද? යන කාරණය පිළිබඳ රට දැනුවත් කරන්නටයි.එමෙන්ම ආයතන ව්‍යුහය ඊට සූදානම් කිරීම සඳහායි.එසේ නැතිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියන විදියට රට බංකොලොත් කරන ගමනට දායක කරගන්න නොවේ යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
මේ කට්ටිය අද ඊයේ ඉපදිලාද? කොරෝනා නිසයි රට ඒ තත්ත්වයට වැටුණේ. වෙන අයට බැන බැන ඉන්නේ නැතිව රට ගොඩදාන එකයි දැන් තියෙන්නේ. හැමදාම කාට හරි බනිනවා ඇරෙන්න වෙන වැඩක් නෑ.
කාටද මේ විහිළු කරන්නේ ඇමති තුමා? රටවල් බංකොලොත් වෙන ප්‍රතිපත්ති තියෙන්නේ ජවිපෙට. සහනාධාර මත යැපෙන්න ජනතාව කුලප්පු කරන්නේ ජවිපෙ. අතීතයේත් එහෙමයි. දැනුත් එහෙමයි. රජයේ රැකියා, නොමිලේ උපාධි වැනි මෙලෝ රහක් නැති, රටට වැඩක් නැති ප්‍රතිපත්ති කරේ තියා ගෙන යන්නේ ජවිපෙ. ඒවා පෝෂණය කරන්නේ ජවිපෙ. වැඩ වර්ජන කරලා රටේ ජාතික ධනය කා දන්නේ ජවිපෙ. පුද්ගලික අංශයේ ආයතන පවා ඊනියා කම්කරු සටන් හරහා පාඩු කරන්නේ ජවිපෙ.
මරු... මරු.. විපක්ෂයේ අය ඉදිරියට යන්න...
ඒ කාලේ මේ අය හිටියේ කොහේද?
අම්මපා සහතික ඇත්ත, එත් ඒ කාලේ විපක්ෂයේ හිටියේ කවුද?
ඒක ඇත්තට ඔයාලා විපක්ෂයේ ඉන්නකොට බොහෝ දේවල් වලට විරුද්ධ වුණු රටට එමගින් හානියක් වුණේ. දැන් විරුද්ධ වුණු ඒවා හරි කියනවා.