IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


රට පුරා වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති

(රංජන් කස්තුරි)

රටපුරා රජයේ රෝහල්වල බ්‍රහස්පතින්දා (22) වෛද්‍ය වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම වැඩවර්ජනය අනිද්දා පෙරවරු 8 සිට පසුදා සිකුරාදා පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කෙරෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.

බාල ඖෂධ හා රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය, උසස් පෙළ අසමතුන්ට වෛද්‍ය පත්වීම්  ලබාදීම උසස්පෙළ ජීව විද්‍යා විෂය ධාරාව හදාරා නැති අයට වෛද්‍ය පත්වීම් ලබාදීම සහ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත නොකිරිම යන කරුණු මුල්කර ගනිමින් එම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක කරන බවද ලේකම්වරයා කීය.

 

 



අදහස් (15)

රට පුරා වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති

Sugath Premalal Monday, 19 August 2019 11:48 AM

වැඩ වර්ජනයක් හොඳයි කියලා කියන්න බැහැ.. එයින් අසරණ වෙන්නේ අහිංසක ජනතාව... කෙසේ හෝ ඉහත සඳහන් වන අයථා සිදුවීම්වලට පිළියමක් තියෙන්නත් ඕනෑ.. සුවඇමති බෙහෙත් පෙත්තේ ඉඳන් කොමිස් ගන්නවා. වෛද්‍යවරු ලෙස නුසුදුසු පුද්ගලයින් පත්කරනවා. කාටද මේවා කියන්නේ..? රට දවසින් දවස පිරිහෙනවා.

:       235       175

බද්රානි Monday, 19 August 2019 01:47 PM

උසස් පෙළට ජීව විද්‍යාව හදාරා නොමැති හා උසස් පෙළ අසමත් අයට කවුද ඔය කියන වෛද්‍ය උපාධිය ලබාදී තිබෙන්නේ? එය එසේ සිදුවූවා නම්, එය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමැතිය ලබාදී ඇති විදේශීය විශ්ව විද්‍යාලයනේ. එයට දොස්තර මාෆියා සංගමයේ ග්‍රහණයේ තිබෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඍජුවම වගකිව යුතු නොවේද? දැනට පවතින වෛද්‍ය අඥා පනත අනුව වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවම සුදුසුකම වන්නේ, ජීවවිද්‍යා අංශයෙන් උසස් පෙලට එස්. සාමාර්ථ තුනක් ලබා ගැනීමයි. එය වෙනස් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පියවර නොගත්තේ ඇයි? 1970 දශකය පමණ වනතෙක් එංගලන්ත වෛද්‍ය සභාවේ නියාමනයට ලක්ව තිබූ අපේ රටේ වෛද්‍ය විද්‍යාල එවකට උතුම් වෛද්‍යවරු බිහිකළත්, මේ වනවිට බිහිවෙන පවතින ආරාජිකත්වය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. රජයේ රෝහල් තුළ ඖෂධ හිඟයක් මවා පෑමේ මාෆියාව සිදුකරන්නේ තනිකරම රජයේ දොස්තර සංගමයේ මාෆියා කල්ලියයි. රාජ්‍ය සෞඛ්‍ය සේවය අකර්මන්‍ය කරමින් පෞද්ගලික රෝහල්වලට රෝගීන් ගෙන්වාගෙන අසරණ රෝගීන්ගෙන් මුදල් සූරාකෑම මොවුන්ගේ එකම අරමුණයි.

:       121       38

chinthakaMonday, 19 August 2019 08:31 PM

සිහි බුද්ධිය ඇතිව මේ ලිපිය කියවන්න . ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියෙන් කිසිම විදේශීය විශ්ව විද්‍යාලයකට උපාධි පිරිනමන්න අවසර ලබා දෙන්නේ නැහැ. විදේශීය විශ්ව විද්‍යාල පිළිගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ ආණ්ඩුව යටතේ ඇති උප ආයතනයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කරන්නේ සුදුසුකම් ඇති වෛද්‍යවරුන් සදහා රජයේ රෝහල් ලබා දීම සහ අනෙකුත් ගැටළු වලට මැදිහත් වීම පමණයි .

:       0       1

arunaTuesday, 20 August 2019 06:29 AM

ඔය කියන ආණ්ඩුවේ උප ආයතන ආවට ගියාවට විශ්වවිද්‍යාල පිළිගන්නේ නැහැ. විදේශ විශ්ව විද්‍යාල පිළිගැනීමේ නිර්නායකයන් තිබෙනවා. කරුණාකර අදාල වෙබ් අඩවි බලන්න. ඒ අනුව ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලයක් පමණි ලංකාවේ පිළිගැනීමට ලක්වන්නේ. දේශීය රාජ්‍ය නොවන වෛද්‍ය විශ්වවිද්‍යාල ලංකාවේ තවම නැහැ. ඒවා ඉදිරියේදී ඇතිවුණත් පිළිගැනීමේ නිර්නායකයන් සම්පුර්ණ කල ඒවා පමණයි පිළිගත් විශ්වවිද්‍යාල ලෙස සලකන්නේ. එය ඉතා අපක්ෂපත්ව විනිවිද භාවයෙන් කරන්න තමයි වෙනම ආයතනයක් පිහිටුවීමට යන්නේ. කල යුත්තේ එහි අඩුපාඩු තිබේනම් ඒවා පෙන්නා දීමයි. මේවට අසරණ රෝගීන් පෙලීම ඔබේ වුර්තිය භාවය නොවේ.

:       0       0

බද්රානි Tuesday, 20 August 2019 08:34 AM

චින්තකගේ, චින්තනයේ හා දැනුමේ තිබෙන ගැටලුව ගැන මට නම් කරන්න දෙයක් නැහැ. එත්, මම ලියා තිබෙන්නේ, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගන්නා විදේශීය වෛද්‍ය විද්‍යාල වලින් පිරිනමන වෛද්‍ය උපාධිය පිලිබදවයි. එහි තේරුම එම විදේශීය වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය ඔවුන් පිළිගන්නා බවයි. වෙනත් ලෙසකින් කියනවා නම් ලාංකික සිසුන්ට එම විදේශීය වෛද්‍ය විද්‍යාල වලින් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අපේ රටේ වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී ඇති බවයි. විදේශ රටවල පවතින වෛද්‍ය විද්‍යාල බිහි කිරීමට එම රටවල වෛද්‍ය සභාවල අනුමැතිය ලැබී ඇති බව හා එම රටවල වෛද්‍ය විද්‍යාල බිහිකරන්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියක් අවශ්‍ය නොවන බව චින්තකට නොවැටහුනාට, ඕනෑම මෝඩයෙකුට උනත් වැටහෙන කාරනාවක්. සිංහල තේරෙනවා නම්, හිතලා බලන්න වැරැද්ද තිබෙන්නේ කොතනද කියලා?

:       0       0

Amila Monday, 19 August 2019 02:18 PM

රැකියාවේ ප්‍රශ්න සහ දේශපාලනය පටලවාගත්තු සංගමයක්. වැඩිකල් නොගොස් අර කලුතරදී කන්න ගිය කෑමට වඩා ලොකුකෑමක් කනවා. මේ පිරිසේ තියෙන්නේ තනිකරම කුහකකම සහ දේශපාලනය. බොහෝමයක් දොස්තරලා කියන්නේ සල්ලි තියෙන අයනේ. හොඳ නීතිවේදීයෝ අල්ලන එක අමාරු වැඩක් නෙමේනේ. නීතියෙන් කටයුතු නොකර අහිංසක මිනිස්සුන්ගේ පළිගන්නා සංගමයක් වෙලා...

:       134       105

ධම්ම Monday, 19 August 2019 02:37 PM

දැන් ඔන්න බක පණ්ඩිතයින්ට අවස්ථාව තියෙනවා. රෝගීන්ට අවහිරයක් නොවන පරිදි මෙම නීත්‍යානුකූල වෘතීය සමිති ක්‍රියාදාමය පවත්වන්න උපදෙස් දෙන්න.

:       13       5

rohana Monday, 19 August 2019 04:39 PM

වෛද්‍යවරුන්ට අහිංසක රෝගීන්ව ප්‍රාණඇපයට තබා වර්ජන කරන්න අයිතියක් නොමැත. ඔවුන් ඉගෙන ගත්තේ අපේ සල්ලිවලින් ඔවුන්ගේ අම්ම අප්පගේ බූදලයකින් නොවෙයි.

:       3       12

gayanTuesday, 20 August 2019 12:14 AM

නොදන්න නිසි අහන්නේ සහෝදරයා... දොස්තරලට විතරද අපි නිකන් ඉගෙන්නුවේ... මම ඉගෙන ගත්තෙත් නිකන්... හැබැයි දොස්තර කෙනෙක් නෙමෙයි ...... හැම කෙනාම වර්ජන කරන්නේ කව හරි බිල්ලට තියල තමයි .... වැඩ වර්ජන හොදයි කියල නෙමේ කියන්නේ .... ඕක තමා යථාර්තය ....

:       27       108

dilanTuesday, 20 August 2019 05:10 AM

ඉතින් රෝහණ ඔයාටත් තිබුනනේ ඒකාලේ ඉස්කෝලේ කට්ටි පනින්නේ නැතිව හොදට ඉගෙනගෙන දොස්තර කෙනෙක් වෙන්න? මොකද නිදහස් අධ්‍යාපනේ බෙදුවේ ඔයාටත් එගොල්ලන්ටත් එක සමානවනේ. සමහර රටවල්නම් නිදහස් අධ්‍යාපනේ නිකරුනේ නස්තිකරට ඔයගොල්ලෝ වගේ අයගෙන් අහිංසක ජනතාවගේ බදු මුදල් නැවත අයකරගෙන රජයේම වෙනත් වැඩ වලට යොදවනවා.

:       7       86

Nimal Monday, 19 August 2019 06:03 PM

එතකොට මම නිකන් අහන්නේ, උසස් පෙළ කරන්න ඕනද නැද්ද? අපේ ළමයින්ව මෙච්චර අවුරුදු දෙකක් මහන්සි කරන්න ඕනේ නැනේ එහෙනම්. ව්‍යාපාරයක් පටන් අරන් සල්ලි කෝටියක් විතර හොයාගත්තනම් ඇති නේ. සාමාන්‍ය පෙළ ඉවර වුන ගමන් වෛද්‍ය විද්‍යාලයට දාන්න පුළුවන්.

:       30       14

gayanTuesday, 20 August 2019 12:33 AM

නිමල් සහෝදරයා .... මම මේ නිකමට කියන්නේ.... අනික් අයගේ දැන ගැනීම පිණිස.... සල්ලි තියෙන මිනිස්සු සල්ලි දීල දොස්තරලා වෙනවා.... ඊට පස්සේ දුප්පත් අපිට බෙහෙත් දෙනවා...... ඒ දොසතරල ලෙඩ වුනාම බෙහෙත් ගන්ඩ ගන්න ඉගෙන ගත්ත නියම දොස්තරලා ගාවට යනවා ....

:       0       21

Jehaan Monday, 19 August 2019 08:55 PM

පිටරට වල මෙහෙම වර්ජන කළා නම් කෙලින්ම බලපත්‍ර අහෝසියි. තමුන්ගේ තත්වයආරක්ෂා කරන්න අහිංසක මහජනතාව දඩ මීමා කරගෙන . දැන් මේ උදවියට ඉගෙන ගන්න බදු ගෙවන්නේ අපි උසස් පෙළ ප්‍රතිඵල අහලද ? හරි උසස් පෙළ නැති මිනිස්සුන්ව වෘත්තියට ගන්නත් බැහැ. උසස් පෙළ නැති නම් බදු ගෙවන්නත් බැහැ. ඔන්න විසඳුම .

:       22       10

sunil Tuesday, 20 August 2019 04:30 AM

කොළොඹ ජාතික රෝහලේ 33 වාට්ටුවේ රෝගියෙකුට මෑතකදී සලකන ලද අමන ආකාරය මේ දිනවල "ලංකාවෙබ්" අඩවියේ සඳහන් වෙනවා. ආණ්ඩුව මේවා ගැන නිහඬව සිටින්නේ ඇයි?

:       0       18

Rohana Tuesday, 20 August 2019 07:34 AM

ලංකාවේ දොස්තරලට තියෙන්නේ අමුතුම සදාචාරයක්. අයිතිවාසිකම් ලබාගන්න හැමදාම වර්ජන කරනවා. අමාරුවේ වැටෙන්නේ අහිංසක දුප්පත් රෝගීන්. මෙයාල හිතන් ඉන්නේ වර්ජන කිරීම මගින් ආණ්ඩුවට පාඩම් උගන්වන්න පුළුවන් කියලා. වෛද්‍ය සේවය අත්‍යවශ්‍ය සේවයක් කරලා වර්ජන ක්‍රියාමාර්ග තහනම් කරන නීති රීති අලුතින් හඳුන්වා දිය යුතුයි. හේතුව මේ අරගල කරන්නේ රෝගී ජනතාව සමගයි. අයිතිවාසිකම් ලබාගැනීම සාකච්චා මාර්ගවලින් පමණක් විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රනිල් යළි ඉන්දියාවට
2025 මැයි මස 06 3 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා අනිද්දා (8)පිටත්ව යයි.


අග්‍රාමාත්‍යවරිය - යුරෝපා සංගම් අතර සාකච්ඡාවක්
2025 මැයි මස 06 14 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඨීඡ+ අධීක්ෂණ මෙහෙයුමේ කොටසක් ලෙස යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස්


ගාල්ලේ සියයට 63යි
2025 මැයි මස 06 40 0

ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ඡන්ද දායකයන්ගෙන් සියයට 63ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් තේරිම් බාර නිලධාරි ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා පැවසිය.


දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සියයට 62.8 ඡන්දය දෙති
2025 මැයි මස 06 321 0

2024 පලාත් පාලන ජන්ද විමසීම ප.ව. 4.00 ට අවසන් වනවිට දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින්ගෙන් 62.8 % ක් සිය ජන්දය ප්‍රකාශකර ඇති බව, අම්පාර දිස්ත්‍රික් ලේකම් හ


ග්‍රාමාත්‍යවරිය ඡන්දය ප්‍රකාශ කරයි
2025 මැයි මස 06 284 0

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කෝට්ටේ, මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඡන්දය ප්


රනිල් ඡන්දය ප්‍රකාශ කරයි
2025 මැයි මස 06 277 0

රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොලේජ් හවුස් හිදි සිය ඡන්දය ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 781 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 204 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1244 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site