IMG-LOGO

රට පැන්න අයියලා 148 කට ඉන්ටර්පෝල් වරෙන්තු

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධ කර මෙරටින් පලාගොස් ඇති දරුණු ගණයේ පාතාල අපරාධ කරුවන් 148 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය (Interpol) රතු නිවේදන නිකුත් කර ඇතැයි අපරාධ සහ නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී පැවසීය.

එම සැකකරුවන් වෙනත් රටවලට පලා යෑම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මෙම රතු නිවේදන නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියෙන් කෙරුණු ඉල්ලීමක් අනුව බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

ඉන් සැකකරුවන් කිහිප දෙනකු දැනටමත් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇතැයි පැවසූ කරවිට මහතා සැකකරුවන් 12 දෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන එරටේදී නඩු පවරා ඇතැයිද ප්‍රකාශ කළේය.

එම පිරිස දැනට සිටින්නේ එරට බන්ධනාගාරයේ බවද ඔහු පැවසුවේය.

විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණ.

මේ අතර මරණ දඬුවම නියම වන අපරාධ සිදුකර විදේශගතව සිටින සැකකරුවන් මෙරටට ගෙන්වාගැනීමේ ගැටලූවක් පවතින බවත් බොහෝ රටවල් මරණ දඬුවම ප්‍රතික්ෂේප කරන හෙයින් මේ තත්වය ඇතිවී තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

මරණ දණ්ඩනය නියමවන අපරාධවලට සම්බන්ධ සැකකරුවන් පස් දෙනකු මෙරටට ගෙන්වා ගැනීමට මේ හේතුවෙන් රතු නිවේදන නිකුත් කිරීම ජාත්‍යන්තර පොලිසියෙන් ප්‍රතික්ෂේප කෙරුණු බවද හෙතෙම සඳහන් කළේය.

පාතාල ලෝකයේ සියලුම නායකයන්ගේ නාමලේඛනය සහ ඔවුන්ගේ පදිංචි ස්ථාන ඡායාරූප ඇතුළු සියලු විස්තර සොයා ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ අතර කොන්ත්‍රාත් මිනීමැරුම් කරන පාතාල කණ්ඩායමද හඳුනාගෙන ඇතැයි පැවසූ අසංක කරවිට මහතා මින් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයිද සඳහන් කළේය.

පාතාලකරුවන් වැඩි දෙනකු අපරාධ මෙහෙයවන්නේ විදේශයන්හි සිට බවද ඔහු පැවසුවේය.

 



අදහස් (3)

රට පැන්න අයියලා 148 කට ඉන්ටර්පෝල් වරෙන්තු

කිරිපුතා Monday, 04 September 2023 09:35 AM

කොහොම හරි ගෙන්වගෙන නිදොස් කොට නිදහස් කරලා දාමු. එහෙම අයනෙ තාම සමාජය ඇතුලෙ අපරාධ කරන්නෙ.

:       0       6

Nira Monday, 04 September 2023 09:43 AM

බැසිල් , උදයංග , අර්ජුන් මහේන්ද්‍රන් ශුවර් එකට ඇති.

:       2       7

wedage Monday, 04 September 2023 10:12 AM

කන්ජිපානි ඉම්රාන් හට රතු නිවෙදන නිකුත් කරල නැද්ද ?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site