(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආර්ථිකය ඇතුළු රටේ තත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 8 වෙනිදා දවස පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (27) තීරණය කළේය.
විවාදය සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසිනි.
විවාදය එදින උදේ 10:30 සිට සවස 5.00 දක්වා පැවැත්වෙනු ඇත.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කිරීමේ වාරය එදින පෙරවරු 9.00 සිට පෙරවරු 10:30 දක්වා පැවැත්වෙන බව පාලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (27) පෙරවරු 11.00ට රැස්විය.
මේ අතර බදු පනත් පිළිබඳ විවාදයක් ලබන 9 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත.
බද්දේගම සමිත හිමි ,ටී බී ඒකනායක, චන්ද්‍රකුමාර විජේගුණවර්ධන, සහ එස්. තුරේරත්නසිංහම් යන අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝකය පලකිරීමේ විවාදයක් ලබන 10 වැනිදා දවස පුරා පැවැත්වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රටේ තත්වය ගැන විශේෂ විවාදයක් ලබන 8වෙනිදා
Nas Thursday, 27 October 2022 03:47 PM
ශෝකය මත මුදල් නාස්තිය පිළිබඳ විවාදය