වී මිලට ගැනීමේ ප්‍රමාධය හා ගැටළු ඇතිවීමට හේතුව පසුගිය පස් වසරේ වී නිෂ්පාදනය ඉහළ ගොස් රටේ සහල් අතිරික්තයක් ඇතිවීම නිසා යැයි වී අළෙවි මණ්ඩලයේ සභාපති පී ජයසිංහ මහතා තිස්සමහාරාමයේ දී පැවසීය.
මණ්ඩලයේ 210 වැනි ගබඩාව එහිදී විවෘත විය.
දැනටම වී මෙට්‍රික් ටොන් දෙලක්ෂයක් මිලට ගත් බවත්, දිගටම වී මිලට ගන්නා බවත්, ගොවියා හා පාරිභෝගිකයා ආරක්ෂා කරන බවත් ඔහු කීවේය.
නව වී ප්‍රබේධ වගා කර උසස් තත්ත්වයේ සහල් නිෂ්පාදනය කිරීමට ගොවියා උනන්දු විය යුතු බව ද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘රටේ ඕන තරම් වී තිබේ‘
හෆ්සාල් Friday, 20 September 2013 07:26 PM
කොච්චර අතිරික්තයක් තිබුණත් ගණන් නම් අඩු වෙන්නේ නැහැ (නි)
අජිත් Saturday, 21 September 2013 10:14 AM
අම්පාර පැත්තේ ගොවියෝ නම් කියන්නේ වෙන කතාවක්ලු නේද? (නි)
දෙවිනුවර ජයසිරි ලියනගේ Saturday, 21 September 2013 10:42 AM
එහෙනම් රට යන අත හොදයි (නි)
පිටිගල Friday, 20 September 2013 08:07 PM
අහුවෙන්න නම් එපා. (නි)
මහින්ද වික්‍රමසිංහ Friday, 20 September 2013 09:44 PM
රටේ වී අතිරිත්තයක් තියනවනම් ඒවා සහල් නොකර පිටරටින් ආනයනය කරන්නේ ඇයි? (නදී)
ද සිල්වා බෙර්ලින් Friday, 20 September 2013 11:25 PM
වී අතිරික්තයක් තිබේනම් සහල් පිටරට යවන්න කටයුතු නොකළේ මොකද මහත්මයෝ. මේ වැනි කටයුතු සැලසුම් කිරීම ඔබගේ රාජකාරියක් නේද ? ඔබලාට මහජන මුදල් වලින් වැටුප් , බදු රහිත වාහන බලපත්‍ර , ඉන්ධන දීමනා ගෙවන්නේ රටට සේවය කරන්න නේද ? රටේ වී අස්වනු නෙලන කාලයවත් ඔබතුමා දන්නේ නැද්ද? පුළුවන් නම් ලබන කන්නයේදී වත් මෙවැනි ප්‍රශ්න ඇති නොවෙන්න වග බලාගන්න , වී ගබඩා කලට වැඩක් නැත. ඉක්මනට සහල් බවට පත් කර පාරිභෝගිකයාට සහන මිලකට ලබාදීමට කටයුතු කරන්න නැත්නම් ඒවා පස් උනාට පස්සේ කාටවත් වැඩක් නැහැ.(නදී)
ද සිල්වා බෙර්ලින් Saturday, 21 September 2013 12:15 AM
අතිරික්ත වී තොග තිබේනම් බෙදාහැරීම සදහා යුරෝපෙයේ ක්‍රියාත්මක වන විශාල සුපර් මර්කෙට් ජාලයන් වන Aldi , lidel (අ)
පිටබැද්දර ජයා Friday, 20 September 2013 04:39 PM
අතිරික්ත වෙන තරමට බඩු තියේ නම් අනේ මහත්තොයෝ අල්ලමුකෝ විදේශ වෙළඳ පොළවල් ටික ! ඔය තියෙන්නේ ඇෆ්රිකාව වගේ රටවල්. (ස)
කුමාරි Friday, 20 September 2013 05:06 PM
මීට අවුරුදු 10-15 ට විතර ඉස්සර නම් තිබුනා නොයෙක් වී වර්ග,දැන් වැඩක් නැහැ. දැන් එන වී ඔක්කොම අලුත් ඒවා (නි)
කේ.එච්.ආර්.කේ.දිසානායක Saturday, 21 September 2013 08:42 AM
මුළු ලංකාවේම සහල් මේ ආකාරයෙන් මිල ඉහළ යාමට අහවල් පුද්ගලයාගේ මැදිහත්වීමකුත් තියනවා (නි)
රාජදුත Friday, 20 September 2013 05:35 PM
වී මිලදී ගැනීමට සහ ඇතිවන ප්‍රයෝගික ගැටළු වලට විසදුම් සොයා ගැනීමට වසර 05 ක් තිස්සේ නොහැකි වී ඇතැයි යන්න ගම්‍ය වේ. මෙයින් මණ්ඩලයේ නොහැකියාව ප්‍රදර්ශනය වෙයි. ඉල්ලා අස්වී හැකියාව ඇති කෙනෙකුට බාර දීම ප්‍රඥා ගෝචර නොවන්නේද? (නි)