IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රට ඇද්ද සල්ලි ලංකාවට අදී

 

නීති  විරෝධි  ලෙස අත්පත්   කර   ගත්  රාජ්‍ය   වත්කම්  ආපසු  සොයා රාජ සන්තක  කිරිම  සඳහා  වන විශේෂ ජනාධිපති   කාර්ය  සාධක බළකායක්  පිහිටවේ. ඇතැම් දේශපාලකයන් ඇතුළු පුද්ගලයන් විසින් ගසා කන ලදැයි කියන ධනය විදේශ  බැංකුවල තැන්පත්  කර  ඇතැයි පසුගිය ජනපතිවරණ සමයේ  කියවිණි. එම ධනය සොයා  දීමට  ඇමරිකාව, ඉන්දියාව හා  සීෂේල්ස් රාජ්‍යය දැනටමත් ශ්‍රී  ලංකාවට  සහාය පළ කර ඇත. අල්ලස්  හෝ  දුෂණ කොමිසමේ  අධ්‍යක්ෂ ජනරාල්  දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මෙම බළකායේ   සාමාජිකාවකි. ඇය ද සෙසු  සාමාජිකයෝ 12 දෙනා ද  මෛත්‍රීපාල  සිරිසේන ජනපති   අතින්   පත්විම් ලබා ගත්හ. හිටපු සොලිසිටර් ජනරාල් ජනාධිපති  නීතිඥ බිම්බා  තිලකරත්න, එච්.එම්.එල්.ටී. මුදලිගේ, එච්.අමරතුංග, සී.ඒ.එච්.එම්. විජයරත්න, අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඒ.කේ.ඩී.ජී.අරන්දර,එල්.එස්.පතිනායක,කල්‍යාණි දහනායක,ජගත් පී  ජයවීර,පී.එන්.ජයවර්ධන,සි.ඒ.ප්‍රේම ශාන්ත,යසන්ත කෝදාගොඩ හා  ජේ.සී.වැලිඅමුණ ඔවුහුය.



අදහස් (0)

රට ඇද්ද සල්ලි ලංකාවට අදී

චන්ද්‍රා Friday, 01 May 2015 10:31 AM

හරියටම කරගන්න ලැබුනොත් රටම ගොඩ තමා , ජයවේවා!.....(ම)

:       0       0

රිචි බාලසුරිය Friday, 01 May 2015 10:39 AM

මේක නම් රටට කරන ලොකු සේවයක් , රටින් පිට කරපු මහජන මුදල් ආපසු රටට ගෙන එක (ම)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Friday, 01 May 2015 11:22 AM

මට නම් මේවට හිනාත් යනවා (නි)

:       0       0

තමර Friday, 01 May 2015 11:59 AM

යහපාලනයට ජය වේවා! ශ්‍රී ලංකාවට සෙත සැළසේවා! (නි)

:       0       0

නිශාන්ත Friday, 01 May 2015 01:28 PM

අපේ රටේ අහිංසක මිනිසුන්ගේ බදු මුදල් විතරක් නොව ජාතික ධනයද සූරාකා අපේ රටේ වැසියන්ගේ කර පිටින්ම පාර්ලිමේන්තු ගොස්, රටේ මිනිසුන්ටම කොකා පෙන්වූ අයගේ හොර සල්ලි අපේ රටට ගෙන එන්න හදන නීති ගෙනෙන එකටත් බාධාකරන අය ගැන තීරණයක් ගන්න පසුබට වෙන්න නම් එපා (නි)

:       0       0

කරුණාරත්න Friday, 01 May 2015 01:45 PM

මේක සාර්ථක වුණොත් නම් නියමයි (නි)

:       0       0

රෝහණ Friday, 01 May 2015 02:33 PM

මෙරටින් අරගෙන ගිය සල්ලි ටික ආපසු ගෙන ඔවුන්ගේ දේපළ රාජසන්තක කළයුතුයි. (නි)

:       0       0

රූපවතී Friday, 01 May 2015 04:02 PM

එතකොට අර පිටරටවල තිබෙන කෝටි ගණන් වටිනා මාළිගා වලට මොකද කරන්නේ..? (නි)

:       0       0

ගිහාන් Friday, 01 May 2015 05:50 PM

දිල්රුක්ෂි මහත්මිය ඉන්නවානේ. ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

ශ්‍රීලාල් Friday, 01 May 2015 07:35 PM

ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ!!! ගිය ඒවා ආයෙමත් හොයන්න ප්‍රමාද වැඩියි. තිබෙන ටිකවත් රැකගන්න බලමු. ඉදිරියේදී එවැනි දේවලට ඉඩකඩ වසාදමමු. (නි)

:       0       0

වසන්ත Friday, 01 May 2015 09:59 PM

මේ සල්ලි සියල්ල ලැබුණොත් ලංකාව සුරපුරයක් කරන්න පුලුවන් වෙයි (නි)

:       0       0

සඳුන් Friday, 01 May 2015 11:42 PM

පහසු දෙයක් නොවෙයි. නමුත් අවංකව උත්සාහ කිරීම වටිනවා. (නි)

:       0       0

මංගල Saturday, 02 May 2015 01:11 AM

හරි දේ හරියටම කරමු. මෛත්‍රී ජනාධිපති අපට විශ්වාසයි. කිසිවෙකුට බය නැති බව ඔප්පු කරමු (නි)

:       0       0

නිශාඩ් ප්‍රීනා Saturday, 02 May 2015 04:13 AM

වංචාවට, දුෂණයට තිත තිබ්බේ නැත්නම් අපිට කවදාවත් ඔලුව උස්සන්න ලැබෙන්නේ නැහැ. පක්ෂ පාට නොබලා සොරකම් කළ මුදල් නැවත ලබාගෙන, වැරදි කළ සියල්ලන්ටම නිසි දඬුවම් ලබාදිය යුතුයි. (නි)

:       0       0

සෙනරත් Saturday, 02 May 2015 04:57 AM

අපි බලමු කන්දක් විලිලා කෙන්දක්ද වදන්න යන්නේද කියලා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site