IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


“රටේ ආහාර හිඟයක් ඇති වෙන්න ඉඩ තියන්නෙ නෑ”

(සුජිත් හේවාජුලිගේ)

රටේ ආහාර හිඟයක් ඇති වීමට කිසිසේත්ම  ඉඩ නොතබන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා  පැවැසීය

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑමෙන් කෘෂිකර්මාන්තයට සිදුවු හානි යළි යථා තත්වයට පත් කිරීම සඳහා ගොවී ජනතාව මෙන්ම නිලධාරීන්ද කටයුතු කරමින් සිටින බව ඔහු කීය

නාමල් කරුණාරත්න මහතා මෙසේද පැවැසීය

"සමහර අය සතුටින් බලාගෙන ඉන්නවා ඉදිරියේදී ආහාර හිඟයක් අැතිවේවි කියලා. ඒ අයට ප්‍රකාශ කරන්න කැමතියි කාලකන්නි සතුට ඔබට භුක්ති විඳින්න අපි කිසි ඉඩක් තබන්නේ නැත. හාල් හිඟයක් එන්න විදිහක් නෑ. මම යනවා කොබෙයිගනේ ඇතුළේ ගම්මානවලට. එතන හිටියා තුන්සීයක විතර ජනතාවක්. ඒ ජනතාව කෑගහලා කිව්වා ඊයේ හවස  ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කිව්ව විදියට  අද අපිට විසි පන්දාහ හම්බවුණා කියලා"



අදහස් (4)

“රටේ ආහාර හිඟයක් ඇති වෙන්න ඉඩ තියන්නෙ නෑ”

සෙනෙවිරත්න Tuesday, 23 December 2025 12:36 PM

රජය ව්‍යසනයට හැකි උපරිම විදියට මුහුණ දුන්න. ජනතාවට සහන දුන්නා. රජය සහන යෝජනා කළා... මුදල් නිදහස්කළා. ඒවා ජනතාව අතට පත් කරන්නේ දේශපාලන අධිකාරිය නොව රාජ්‍ය සේවය මගින් බව විපක්ෂයේ උන්දැලාට අමතකයි. නැත්නම් තක්කඩි විදියට නොදන්නවා වගේ රඟපාලා, අරක දීලා, මේක දීලා නැහැ කියලා පොලේ හැපෙනවා. ඒකටම හරියට මාධ්‍ය දෙකක් තියෙනවා... ඔවුන්ට කණවැල අල්ලන්න. නැත්නම් රටේ කිසිම ගැටලුවක් නැහැ.

:       26       3

සෙනෙවිරත්න Tuesday, 23 December 2025 12:41 PM

අද බිත්තර මිල 45-46 වගේ කුකුළු මස් මිල 1350 වගේ, රටේ කිසිම ගැටලුවක් නැති කාලෙත් ඕවා ඔයිට වඩා බොහෝ ගණන් ගියා. මේ නත්තල් ආසන්නයේත් ඔය ගාණට මිල වෙන එකෙන් පේන්නේ යකා එතරම් කලු නැති බවයි. හාල් එළවලු මිලත් එහෙම්ම තමයි. විපක්ෂය හිතුවේ රටම බඩගින්නෙ තමයි කියලා.

:       18       2

පන්සිළු Tuesday, 23 December 2025 01:05 PM

කයිය නම් තියෙනවා. සැළසුම් නෑ. ගොයම් පැළයක් හිටවලා බජව් දාලා නටන මානසිකත්වයක් තියෙන්නේ...

:       2       15

සඳමාලි Tuesday, 23 December 2025 01:52 PM

ඇඳිවත ද අහිමි වී හෙලුකොට්ටෙන් ඉන්නා ආණ්ඩුවේ ඉතිරිව ඇති එකම දේ එදත් අදත් කවදත් තිබූ කයිවාරුව පමණි. අහංකාර උඩඟුකම පමණි. ඇමැතිතුමනි, ඔබතුමා එය දිගටම ආරක්‍ෂා කර ගෙන, දන්නා එකම දේ ඔය විදිහට කරගෙන යන්න.

:       1       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site