IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රටේ ආර්ථිකය හොඳ තත්වයට ඇවිත්

(සුජිත් හේවාජුලිගේ )

ඉතාම අනතුරුදායක තත්වයක තිබූ මෙරට ආර්ථිකය මහ බැංකුව හඳුන්වාදුන් මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් මේ වනවිට යම්කිසි ස්ථාවර තත්වයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

රට තුළ රුපියල බාල්දුවීමට සහ උද්ධමනය ඉහළයෑමට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් බලපෑ බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මෙසේ පැවසුවේ ඊයේ (15) කොළඹ පැවති සම්මන්ත්‍රණයකදීය.

රට නැවත මෙවැනි ආර්ථික අර්බුදයකට ගමන් නොකිරීමට අවශ්‍ය මූලික ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ 2023 අයවැය තුළ අන්තර්ගත බවද ඔහු කීවේය.

මහ බැංකු අධිපතිවරයා මෙසේද පැවසීය.

ජනවාරි මාසයෙන් පස්සේ අපේ සංචිත තිබ්බෙ අඩුවෙන සහ තවත් ඉදිරියට නොලැබෙන තත්වයක. ඒ අනුව අපට ණය ගෙවන්න තවදුරටත් හැකියාවන් නොමැතිව තියෙද්දි මහ බැංකුවෙන් 203 ට රුපියලේ අගය පවත්වාගෙන ගියා. සංචිත තියෙන ටිකත් ණය ගෙවන්න සහ ඉන්ධන වලට වියදම් කරලා.

" එහෙමත් බැරි වුණාම තමයි මාර්තු මාසයේ රුපියල පා කර හැරියේ. කිසිදු පාලනයකින් තොරව. එතනදි තමයි රුපියල් රු.203 ඉඳලා එකපාරටම 365 ,380 ට ගියේ.

දිගටම මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය වැඩි වෙනවා. එතකොට අපිට කරන්න තිබුණු ඊළඟ එක තමයි මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන එක. ඒ අනුව තමයි අපි අප්‍රේල් මාසයේ ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩි වශයෙන් ඉහළ නංවා මුදල් ප්‍රසාරණය අඩු කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළේ. ඒ සමගම මුදල් අච්චු ගැසීම අඩු කරල ආදායම් වැඩි කර ගැනීමට අවශ්‍ය විවිධ පියවර ගත්තා.

 



අදහස් (10)

රටේ ආර්ථිකය හොඳ තත්වයට ඇවිත්

පිටිගල මිලානෝ Tuesday, 15 November 2022 11:48 PM

මෙයාගෙ බුලත්විටට බාබුල් දැම්මේ කවුද..?

:       11       9

Perera Wednesday, 16 November 2022 05:34 AM

එහෙනම් තව ටික දවසකින් කබ්රාල්ව ආපහු දාගන්න පුළුවන් වෙයි

:       4       9

dasa Wednesday, 16 November 2022 06:15 AM

තමුන්ට වෙන්න ඇති නමුත් රටේ මිනිස්සුන්ට නම් එහෙම පෙන්නේ නැහැ

:       10       14

bamunu Wednesday, 16 November 2022 08:36 AM

ගත්තු ණය ගෙවන්නේ නැහැ කියලා ලෝකෙටම ප්‍රකාශ කරපු රටක්,මුළු ලෝකෙටම හාස්‍යයට පත් වෙච්ච රටක්,කොහොමද දන්නෙ නෑ හදිසියේම අපේ රටේ ආර්ථිකය හොඳ වුණේ?

:       12       9

Ravindra perera Wednesday, 16 November 2022 08:39 AM

ඔයා කතා කරන්නෙ කටින් ද අධිපතිතුමා ? සියලු ආකාරයේ ණය ගෙවීම් පැහැර ඇරලා, දැන් ආර්ථිකය යහපත්ලු. මෙයාගෙ වැටුප ඩොලර් කරලා, මාස්පතා ඔස්ට්‍රෙලියාවට යවන නිසා, මෙයාගෙ ආර්ථිකය ගැන වෙන්නැති මේ කියන්නෙ

:       12       14

ganegoda Wednesday, 16 November 2022 09:51 AM

මෙ කොහෙන් ආපු බත්බුරුවෙක්ඩ ? කවුද මෙක කියන්න කිව්වෙ ?

:       10       9

sena Wednesday, 16 November 2022 10:18 AM

අනේ මන්දා සර්ලා කියනවා අපි අහනවා .අපේ ප්‍රශ්න වලට කිසිම විසඳුමක් නැහැ

:       8       10

fairoos Wednesday, 16 November 2022 04:12 PM

රටට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගෙ නායකයට කඩේ නොගියොත් දොට්ට තමයි.

:       1       0

BamunuarachchiThursday, 17 November 2022 07:28 PM

ඒක පුරුදු උනේ හමබයින්ගෙන්. අම්මා තාත්තාටත් වැඩිය අල්ලා ලොකුයි.

:       0       0

Bamunuarachchi Thursday, 17 November 2022 06:55 AM

රටේ ආර්ථිකට හොඳ තත්වයකට ඇවිත්නම් රෙද්දකටද මෙච්චර බදු ගහන්නේ? පඩි වැඩි කරන්න සුදානම් වෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site